2021 වඩාත්ම ජනප්‍රිය Nail Trends මෙන්න !

කොවිඩ්-19 වංසගතයේ බලපෑම තව දුරටත් පවතිනවා. ඒ නිසා රූපලාවන්‍යාගාර තවමත් පවතින්නේ අක්‍රිය තත්ත්වයක. ඒත් එනිසාම විලාසිතා ලෝකය නම් අගුළු දමා නැහැ. පෙර වර්ෂවල තරම් නැතත් රූපලාවන්‍ය ප්‍රවණතා දිනපතා එක්වෙනවා. ඒ අතර නිය විලාසිතා ප්‍රමුඛයි.

මේ අතර විලාසිතා ප්‍රවීණයින් කියන්නේ රූපලාවන්‍යාගාර වසාදමා හෝ එහි සේවා අඩපණකර ඇති තත්ත්වය තුළ යළිත් ස්වයං රූපවාලන්‍ය කටයුතු කිරීමට කාලය පැමිණ ඇති බවයි. තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවත් රැකගෙන පහසුවෙන් විලාසිතා කිරීමට එමගින් අවස්ථාව හිමිවන බවයි ඔවුන් කියන්නේ.

ඉතිං ! මේ තත්ත්වය තුළ 2021දී ගෝලීය වශයෙන් ජනප්‍රියම නිය විලාසිතා ඔබ වෙත ගෙන ඒමට අපි තීරණය කළා. බලන්න ඒවා ඔබටත් අනුකරණය කළ හැකිද කියා.

The Black Way

නියපොතු

Logo Mania

නියපොතු

Midas touch

නියපොතු

Make waves

නියපොතු

නිය ආලේපන ඉඟි

වෘත්තීය රූපලාවන්‍යවේදියෙකුට මෙන් ඔබට ද කටයුතු කළ නොහැකි බව මතක තබා ගන්න. ඒත් අධෛර්යමත් නොවන්න. ඉවසීම, නිර්මාණශීලීත්වය තිබේ නම් ඔබට ද බොහෝ දුර යා හැකි බව වටහා ගන්න. එනිසා නිතරම ප්‍රමිතියෙන් යුත් නිය ආලේපන තෝරා ගැනීමට වගබලා ගන්න.

  • සෑම විටම මොයිස්චරයිසර් භාවිතා කරන්න
  • ආරක්ෂාව සඳහා base coat භාවිතා කරන්න
  • නියපොතු ශක්තිමත් කිරීමේ ප්‍රතිකාර ලබා ගන්න
  • ෙනිතිපතා නියපොත කපන්න
  • ඇසිටෝන් වලින් ඈත්ව සිටින්න
  • නියපොතු a nail strengthener භාවිතා කරන්න.
  • කැපුම් තෙල් cuticle oil භාවිතා කරන්න

ෆෙමිනා ඇසුරිණි – සැකසුම – තුෂාධවි

Recommended For You

About the Author: Thusal