අලුත් දරුණු කොරෝනා ප්‍රභේදය වේගයෙන් පැතිරුණත් රට වසා දමන්න සූදානමක් නෑ – යුද්ධ හමුදාපති

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය මගින් රෝගය පැතිරීම ඉතාමත්ම දරුණු වන අතර තරුණ අයට ද දරුණු රෝග ලක්ෂණ මතුවන බව මහාචාර්ය නීලිකා මලවිගේ අද (23) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවාය. එහිදී ඇය වැඩි දුරටත් කියා සිටියේ රෝග ලක්ෂණ මතුවන අයගේ ප්‍රතිශතය ඉහළ යන බවයි.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ දැනට පවතින තත්ත්වය හමුවේ රට ‘ලොක් ඩවුන්’ කිරීමට හෝ වෙනත් දැඩි පියවරක් ගැනීම සිදු නොකරන බවත් දීර්ඝ සති අන්තයක් එළඹෙන බැවින් හැකිතාක් සංචරණයන් සීමා කර සෞඛ්‍ය උපදෙස් නිවැරදිව අනුගමනය කරන ලෙස ජනතාවට දැඩිව අවධාරණය කරන බවයි.

Recommended For You

About the Author: Thusal