වැඩිපුර උපයන්න ‘වැඩිපුර වැඩ කිරීම’ කලින්ම මාරයාට අත වැනීමක් ද ?

නව පර්යේෂණවලින් පෙනී යන්නේ සතියකට පැය 54 කට වඩා වැඩ කරන පුද්ගලයින් අධික වැඩවලින් මියයාමේ විශාල අවදානමක් ඇති බවයි. එය සෑම වසරකම ලක්ෂ අටකට ආසන්න ජනතාවක් මරා දමයි.

සියටැල්හි පදිංචි 53 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරික විශ්ලේෂිකාවක ලෙස කටයුතු කරන ලීසා චෝයි පළමු රෝග ලක්ෂණ නොසලකා හැරියාය. ඇය ඉතා ක්‍රියාශීලී මෙන්ම නිර්මාංශිකයෙක් වූ අතර නිතරම පාපැදි පැදීමට ප්‍රිය කළාය. ඒ සමග අධික මේද ආහාර වලින් වැළකී සිටියාය. ඇය සාමාන්‍ය හෘදයාබාධයකට ගොදුරු වීමට කිසිසේත් සම්භාවිතාවක් නොමැති විය.

කෙසේ වෙතත්, චෝයි සවස් වරුව සහ සති අන්ත ඇතුළුව පැය 60 වැඩ සතියක් වැඩ කරමින් සිටියාය. ඇය දැඩි කාලසීමාවන්ට මුහුණ දෙමින් සංකීර්ණ ඩිජිටල් ව්‍යාපෘති කළමනාකරණය කළාය. මෙම කාර්ය භාරය ඇයට සම්පූර්ණයෙන්ම සාමාන්‍ය දෙයක් විය. 

“මට ඇත්තටම අධි පීඩන රැකියාවක් තිබෙනවා… මම සාමාන්‍යයෙන් අධික වේගයෙන් ගමන් කරනවා” කියා ඇය පවසයි.

මාස කිහිපයකට පෙර, හදිසියේම ඇගේ පපුව මත රක්තපාත වැනි පීඩනයක් දැනෙන්නට පටන් ගත් විට, ඇය ඇගේ රෝග ලක්ෂණ වඩාත් බැරෑරුම් ලෙස සලකන්නට පටන් ගත්තාය. රෝහලේදී ඇයගේ ධමනි වල රුධිර කැටියක් ඇති බව පෙනෙන්නට තිබුණි. මෙය ස්වයංසිද්ධ කිරීටක ධමනි විගටනයේ spontaneous coronary artery dissection (SCAD) විශේෂ ලක්‍ෂණයකි. (හෘදයේ රුධිර නාලයක කැටියක් ඇති වූ විට ඇතිවන අසාමාන්‍ය හදිසි තත්වයකි) මෙය විශේෂයෙන් දුර්ලභ හෘද රෝගී තත්වයක් වන අතර එය විශේෂයෙන් කාන්තාවන්ට සහ 50ට අඩු පුද්ගලයින්ට බලපායි.

ඇගේ ධමනි විවෘත කිරීමට ඇන්ජියෝප්ලාස්ටි – angioplasty සැත්කමක් කිරීම අවශ්‍ය බව වෛද්‍යවරුන් පැවසූ විට, “ මට එසේ කිරීමට කාලයක් නැහැ. මට අවසන් කිරීමට වැඩ කටයුතු රැසක් තිබෙනවා. ඒවා අවසන් කළ යුතුයි ” ඇය අවධාරණය කළාය. (ඇන්ජියෝප්ලාස්ටි -angioplasty යනු ධමනි හරහා රුධිර ප්‍රවාහය යථා තත්වයට පත් කිරීමේක්‍රියාවලියකි.  වෛද්‍යවරයා සිහින් නලයක් අතේ ඇති රුධිර වාහිනී හරහා හෝ ධමනි තුළට සම්බන්ධ වන ස්ථානය දක්වා ඉඟි කරයි. නළයේ කෙළවරේ කුඩා බැලූනයක් ඇත)

චෝයි මෙන්ම බොහෝ අයද දැඩි වැඩ කාලසටහන් හේතුවෙන් රෝගාතුරව සිටිති. දිගු කාලීනව වැඩ කිරීමෙන් රෝගයේ ගෝලීය තත්ත්වය ගණනය කිරීම සඳහා කරන ලද පළමු අධ්‍යයනය යැයි කියනු ලබන නව, විචක්ෂණශීලී පර්යේෂණ – තත්වය කෙතරම් අඳුරු දැයි පෙන්වා දී ඇත.

මැයි 17 වන දින ප්‍රකාශයට පත් කරන ලද ලිපියක, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) ඇතුළු ආයතනවල කතුවරුන් යෝජනා කරන්නේ, දිගු වේලාවක් වැඩ කිරීම හේතුවෙන් සෑම වසරකම ලක්ෂ 8කට ආසන්න ජනතාවක් හෘද රෝග හා ආඝාතය හේතුවෙන් මිය යන බවයි.  (කිරීටක හෘද රෝග – coronary heart disease ලෙසද හැඳින්වෙන හෘද රෝග, පටු ධමනි සම්බන්ධ වේ. එය මෙම ලිපියේ සදහන් චෝයිගේ SCAD සාම්ප්‍රදායික හෘද රෝගවලට වඩා වෙනස් ය, නමුත් ආතතිය සහ අධි රුධිර පීඩනය මේ දෙකෙහිම ප්‍රධාන සාධක වේ.)

වෙනත් වචන වලින් කිවහොත්, මැලේරියාවට වඩා වැඩි පිරිසක් වැඩිපුර වැඩ කිරීමෙන් මිය යති . මෙය ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් වන අතර එය පුද්ගලයින්ගෙන්, සමාගම්වලින් සහ රජයන්ගෙන් අවධානය යොමු කරයි. තවද, අප එය විසඳන්නේ නැත්නම්, ගැටලුව දිගටම පැවතිය හැකිය – එය වඩාත් නරක අතට හැරෙනු ඇත.

වැඩිපුර වැඩ කිරීම සෞඛ්‍යයට බලපාන්නේ කෙසේද?

(journal Environment International සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණ ලිපියකට අනුව) පර්යේෂකයින් සතියකට පැය 55 ක් හෝ ඊට වැඩි කාලයක් ලෙස අර්ථ දක්වා ඇති දිගු වැඩ කරන වේලාවන් පිළිබඳ දත්ත ක්‍රමානුකූලව සමාලෝචනය කළහ. 2000 සිට 2016 දක්වා ලෝකයේ බොහෝ රටවල මරණ අනුපාතය මෙහිදී විමසීමට ලක්විය. අධික වැඩ කිරීමෙන් සෞඛ්‍යයට ඇති වන බලපෑම නිවැරදිව විමසීමට ලක් කිරීම සඳහා කතුවරුන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා සමාජ ආර්ථික තත්ත්වය වැනි සාධක සඳහා පාලනයක් එක් කළහ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික නිලධාරියෙකු වන ෆ්‍රෑන්ක් පෙගා පවසන්නේ “වසංගත රෝග විද්‍යාඥයෙකු වශයෙන් මා මෙම සංඛ්‍යා දුටු විට අතිශයින් පුදුමයට පත් වූ” බවයි. “ ප්‍රතිඵල ගැන මම අතිශයින් පුදුමයට පත් වුණා.” ඔහු සොයාගැනීම් විස්තර කරන්නේ මධ්‍යස්ථ, නමුත් සායනික වශයෙන් වැදගත් දේවල් ලෙසය.

වැඩිපුර වැඩ කිරීමෙන් සෞඛ්‍යය හා දීර්ඝායුෂ අඩු විය හැකි ප්‍රධාන ක්‍රම දෙකක් තිබේ. එකක් නම්, නිදන්ගත ආතතියේ ජීව විද්‍යාත්මක බලපෑම වන අතර, ආතති හෝමෝන ඉහළ යාම රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් ඉහළ නැංවීමට එය හේතු වේ. එවිට හැසිරීමේ වෙනස්කම් සිදුවේ. දිගු වේලාවක් වැඩ කරන අය, ටිකක් නිදා ගැනීම, යන්තම් ව්‍යායාම කිරීම, සෞඛ්‍යයට අහිතකර ආහාර අනුභව කිරීම සහ දුම්පානය සහ මත්පැන් පානය කිරීම වැනි දේවලට මුහුණ දිය හැකිය.

අපි තවමත් කොවිඩ් -19 වසංගතයේ සිටින අතර, ඉන් පසුව ජීවිතය දෙස බලන විට අධික වැඩ ගැන කරදර වීමට විශේෂ හේතු තිබේ. වසංගතය නිසා සේවකයින් වෙහෙසට පත්වන අතර සමහර වැඩ ආතතීන් තීව්‍ර කර ඇත.

ඉන්දියාව ගෝලීය වසංගතයේ කේන්ද්‍රස්ථානයට බවට පත්ව ඇති අතර කෝවිඩ් -19 රෝගීන් මිලියන 25 කට වඩා වාර්තා වේ. නමුත් වසංගතය වෙනත් ආකාරවලින් සෞඛ්‍යයටද බලපායි. දකුණු ආසියානුවන්ට දැනටමත් හෘද රෝග ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බව ඉන්දියානු හෘද සංගමයේ වෛද්‍යවරයකු හා ඉන්දියානු හෘද සංගමයේ නිර්මාතෘ සෙවිත් රාඕ පැහැදිලි කරයි . 

“ දැන් කොවිඩ් වසංගතය සමඟ නිවසේ සිට රාජකාරි කටයුතු කිරීම විශාල වශයෙන් වැඩි වී තිබෙනවා, එය බොහෝ පුද්ගලයින් අතර වැඩ-ජීවන සමතුලිතතාවය බොඳ කර තිබෙනවා. ඒ වගේම එය නින්දේ රටාවන් හා ව්‍යායාම කඩාකප්පල් කිරීමට හේතු වී තිබෙනවා. මෙය හෘද රෝග හා ආඝාතය සඳහා අවදානම වැඩි කර තිබෙනවා ”

එපමණක් නොව, මහා අවපාතයෙන් පසු දරුණුතම ආර්ථික පසුබෑමට ද  වසංගතය හේතු වී තිබේ . පෙර අවපාතයන් ඇත්ත වශයෙන්ම වැඩකරන වේලාවන්හි වැඩි වීමක් අනුගමනය කර ඇත. අවපාතයක් තුළ පැතිරී ඇති රැකියා අහිමිවීම් සැලකිල්ලට ගනිමින් “එය බොහෝ දුරට අහිතකර බලපෑමක් සේ පෙනේ” යැයි පෙගා පිළිගනී. එහෙත් “යථාර්ථය නම්, තවමත් වැඩ කරමින් සිටින පුද්ගලයින්ට රැකියා අහිමිවීම් පියවා ගැනීම සඳහා වැඩි වැඩ කොටසක් කළ යුතු බවයි.”

වැඩිපුර වැඩ කිරීමේ උණුසුම් ස්ථාන

පුවත්පතේ දත්ත වලට අනුව, ලෝක ජනගහනයෙන් 9% ක් -(ළමා ශ්‍රමිකයින් ද ඇතුළුව) දිගු කාලයක් වැඩ කරයි. තවද, 2000 සිට, වැඩිපුර වැඩ කරන පුද්ගලයින්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතී. වැඩිපුර වැඩ කිරීම විවිධ කම්කරුවන්ගේ කණ්ඩායම්වලට බෙහෙවින් වෙනස් ආකාරවලින් බලපායි.

සෑම වයස් කාණ්ඩයකම කාන්තාවන්ට වඩා පිරිමින් වැඩි කාලයක් වැඩ කරති. සෞඛ්‍යමය බලපෑම් ඉහළ නැංවීමට වැඩි කාලයක් ගත වුවද, මුල් මැදිවියේ වැඩිපුර වැඩ කිරීම අනතුරුදායක වේ. (අධ්‍යයන කතුවරුන් අවුරුදු 10 ක ප්‍රමාද කාලයක් රෝගයේ ආරම්භයට අධික ලෙස වැඩ කිරීමෙන් ඇතිවන බලපෑම සොයා බැලීමට භාවිතා කළහ. සියල්ලට පසු “අධික වැඩ කිරීමෙන් මරණය” එක රැයකින් සිදු නොවේ.

නව දත්ත වලට අනුව, රෑ හා දිගු වේලාවක් ඇද ගැනීම තවදුරටත් වෙහෙසකර නොවේ - එය ජීවිතයට තර්ජනයක් (ණය: ගෙටි රූප)

අග්නිදිග ආසියාවේ ජනතාව වැඩිම කාලයක් වැඩ කරන බව දත්ත පෙන්වා දෙයි; යුරෝපයේ මිනිසුන් කෙටිම කාලයක් වැඩ කරන බව හෙළි වී ඇත.

පෙගා පැහැදිලි කරන්නේ ආසියාවේ විශාල ජනතාවක් දිගු වේලාවක් වැඩ කිරීමට සංස්කෘතික හේතු තිබිය හැකි බවයි. එසේම, බොහෝ අය අඩු හා මධ්‍යම ආදායම් ලබන ආසියානු රටවල අවිධිමත් අංශයේ සේවය කරති. පෙගා පෙන්වා දෙන පරිදි, “අවිධිමත් ආර්ථිකයේ මිනිසුන්ට දිවි ගලවා ගැනීම සඳහා බොහෝ වේලාවක් වැඩ කිරීමට සිදුවිය හැකියි, ඔවුන් විවිධ රැකියාවන්හි නිරත විය හැකියි, ඔවුන් සමාජ ආරක්ෂණ නීති මගින් ආවරණය වන්නේ නැහැ”

බොහෝ යුරෝපීයයන් දිගු නිවාඩු සහ සැලකිය යුතු විවේක කාලයක් සහිත වැඩ කරන සංස්කෘතියක් භුක්ති විඳිති. මෙම වඩාත් ලිහිල් ආකල්පය නීතියෙන් ද ආරක්ෂා කර තිබේ. නිදසුනක් වශයෙන්, යුරෝපා සංගමයේ Working Time Directive  මගින් සේවකයින්ට සතියකට සාමාන්‍යයෙන් පැය 48 කට වඩා වැඩ කිරීම තහනම් කරයි.

එහෙත් සමහර යුරෝපීය රටවල, විශේෂයෙන් ප්‍රංශයෙන් හා ස්කැන්ඩිනේවියාවෙන් පිටත, 1990 සිට ඉහළ වෘත්තිකයින් වැඩි පැය ගණනක් වැඩ කරන බවක් දක්නට ලැබේ.  (වෘත්තීය සමිතිකරණයේ උච්චතම අවස්ථාව හා ඊට අදාළ සේවක ආරක්ෂණයෙන් පසුව). වසංගතය අතරතුර වැඩිපුර වැඩ කරන අතරතුර තමා අධි රුධිර පීඩනය හා අධි රුධිර සීනි වර්ධනය වාර්තා කර ඇති බව පවසමින් ඔස්ට්‍රියානු සෞඛ්‍ය ඇමති පසුගිය අප්‍රේල් මාසයේ තනතුරෙන් ඉල්ලා අස්විය.  ඔහුගේ ප්‍රසිද්ධ නිවේදනය අසාමාන්‍ය වූයේ ඔහුගේ උසස් තනතුර නිසා පමණක් නොව, ඔහුගේ වෙහෙසකර රැකියාවෙන් ඉවත්වීමට ඔහුට හැකි වූ බැවිනි .

සියැටල්හි දී චෝයි ද වාසනාවන්ත වී ඇති අතර, ඇයගේ සගයන් ඇයගේ වැඩ කටයුතු මන්දගාමී කිරීමේ අවශ්‍යතාවයට සහයෝගය ලබා දී ඇත. සෑම කෙනෙකුටම වඩාත් සමබර පැය ගණනක් වැඩ කිරීමට නොහැකි නිසා සහ මාරාන්තික ආඝාතයකට හෝ හෘදයාබාධයකට පෙර සෑම කෙනෙකුටම අවදි කිරීමේ ඇමතුමක් නොලැබෙන හෙයින්, මෙම සෞඛ්‍ය අර්බුදය විසඳීම සඳහා දැන් හදිසි අවශ්‍යතාවයක් පවතී.

වැඩිපුර වැඩ කිරීම

ප්‍රවණතා එකම දිශාවකින් පැවතුනහොත්, වැඩිපුර වැඩ කිරීම හා ඒ ආශ්‍රිත සෞඛ්‍යයට සිදුවන හානිය වැඩි වනු ඇත. මෙය විශේෂයෙන් කනස්සල්ලට කරුණකි. ඇතැම් සමාජයන් සහ සංස්කෘත් මෙන්ම ආකල්ප ද අධික ලෙස වැඩ කිරීම උත්කර්ෂයට නංවයි. වසංගතය අතරතුර අපගේ වැඩ කරන වේලාවන් නවතා ඇති බවට ලකුණු කිහිපයක් ඇති බැවින්, පැය ගණනක් ඔරලෝසුවේ ගත කිරීමෙන් පීඩා විඳින අය වැඩි වනු ඇත.

චක්‍රය කඩාකප්පල් කිරීමේ බර යම් ආකාරයකින් හාම්පුතුන් හා සේවකයින් මත පැටවේ. තවද වැඩිපුර වැඩ කිරීම හා ඉන් පසුව ඇතිවන ගැටළු පාලනය කිරීම සඳහා සියලු දෙනා එකට වැඩ කිරීමට අවශ්‍ය විය හැකිය.

දිගු වේලාවක් වැඩ කරන අය සුළු වශයෙන් නිදාගැනීම, යන්තම් ව්‍යායාම කිරීම, සෞඛ්‍යයට අහිතකර ආහාර අනුභව කිරීම සහ දුම්පානය සහ මත්පැන් පානය කිරීම වැනි දේවලට මුහුණ දිය හැකිය

පොදුවේ ගත් කල, පෙගා සේවා ස්ථානවලින් ඉල්ලා සිටින්නේ නම්‍යශීලී වැඩ, රැකියා කොටස් සහ වැඩ කාලසටහන් වල සමතුලිතතාවය වැඩි දියුණු කිරීමේ වෙනත් ක්‍රම  වැලඳ ගන්නා ලෙසයි. ඔවුන් වෘත්තීය-සෞඛ්‍ය සේවාවන් ද බැරෑරුම් ලෙස සැලකිය යුතුය. 

රාවෝ අදහස් දක්වමින්, “ඉන්දියානු හෘද සංගමයේ අපි විශ්වාස කරන්නේ හෘද රෝග හා ආඝාතය වැළැක්වීම සඳහා අධ්‍යාපනය සහ පරීක්ෂාව වැඩි කිරීම අත්‍යවශ්‍ය බවයි.”

එක් එක් කම්කරුවන්ට වැඩ කිරීම සඳහා ඔවුන්ගේ ආකල්ප නැවත සකස් කර ගැනීම සඳහා පැහැදිලිවම කාර්යභාරයක් ඇත. වැඩි පුර වැඩ කිරීමෙන් ඉහළට යා හැකිය යන ආකල්පය තව දුරටත් වලංගු කරුණක් නොවේ.  වැඩිපුර වැඩ කිරීම වසර ගණනාවක් තිස්සේ ගොනුවන අවදානමක් බැවින් එය නිදන්ගත වීම වැළැක්වීම මගින් නරකම සෞඛ්‍ය අවදානම් වල බරපතලකම අඩු කළ හැකිය (අවදානම කෙටිකාලීන සිට නිදන්ගත දක්වා ඉක්මවා යන විට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වුවද).

එහෙත් වඩාත්ම දැවැන්ත වෙනස්කම් සිදුවිය යුත්තේ රාජ්‍ය මට්ටමින් ය. 

පෙගා මෙසේ පවසයි, “අපට දැනටමත් විසඳුම් තිබේ. අප වැඩ කළ යුතු උපරිම පැය ගණන සඳහා රජය සීමාවන් පනවා ඇත ”- නිදසුනක් ලෙස යුරෝපීය සංගමය වැඩ කරන පැය ගණන ගැන දැඩි සීමා පනවා ඇත. තවත් රටවල අවශ්‍ය තරම් එවැනි නීති ඇත. මෙහිදී ප්‍රධාන වන්නේ එම නීති බලාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීමයි. දුර්වල සමාජ ආරක්ෂණ දැල් ඇති රටවල, දරිද්‍රතා විරෝධී ක්‍රියාමාර්ග සහ සුභසාධන වැඩසටහන් මගින් වැඩ කරන පුද්ගලයින්ගේ සංඛ්‍යාව අඩු කළ හැකිය.

අවසාන වශයෙන්, වැඩිපුර වැඩ කිරීමේ ගැටලුව (සහ එය බෝවන රෝගී තත්වය) අපගේ වැඩ කරන ජීවිතයේ වෙනස්කම් නොකරන්නේ නම් දිගටම පවතිනු ඇත. වෙනස් කිරීම කළ නොහැක්කකි. “අපට යමක් කළ හැකිය” කියා පෙගා අවධාරණය කරයි. මෙය සෑම කෙනෙකුටම අදාළ වේ. ”

බී.බී.සී වාර්තාවක සංෂිප්ත පරිවර්තනයකි – පරිවර්තනය – තීක්ෂණ වෙළෙන්එගොඩ

Recommended For You

About the Author: Thusal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *