‘ගස් වැළඳ ගැනීම’ ලෝකයට කියාදුන් ඒ අපූරු මිනිසා සමුගනී

ගස් මහණ කිරීම“ ගැන ලංකාවේ අපි පසුගිය කාලයේ විටින් විට කතා කළා. ඒ අතරේ පරිසරය ගැනත් වැඩි වැඩියෙන් කතා කළා. ඒත් හැමදාම සිද්ධ වුණා වාගේ ඒ කතා සතියෙන් දෙකෙන් යටපත් වෙනවා. මාධ්‍ය සහ විශේෂයෙන් සමාජමාධ්‍ය මගින් ඔසවා ගෙන ගිය ඒ කතා තවත් ටික දවසකින් කාටත් අමතක වෙනවා.

ලංකාවේ එහෙම වුණාට ලෝකයේ හැම තැනම එහෙම වෙන්නේ නැහැ. ධෛර්යසම්පන්න එක මිනිසෙක් විසින් ආරම්භ කළ සුළු දෙයක් මහා වෘක්ෂයක් බවට පත්වෙලා මුළු සමාජයටම දැවැන්ත බලපෑමක් කරනවා. මේ ඒ වගේ සුවිශේෂ පුද්ගලයෙක් ගැන සුවිශේෂ කතාවක්.

මේ කතාවේ විශේෂත්වය ගැන මම කියන්න යන්නේ නැහැ. ඒක ඔබම වටහා ගන්න.

Environmentalist Sunderlal Bahuguna talks to students during a water conservation awareness programme at a school in Chandigarh in 2008.

‘‘ගස් වැළඳ ගැනීමට ඉන්දියාවට ඉගැන්වූ මිනිසා කවුද ? කියලා ඇහුවොත් ලංකාවේ අපි නම් දන්නෙම නැහැ. ඒත් ඔහු ගැන මුළු ලෝකයම දන්නවා. ඔහු තමයි ‘සුන්දර්ලාල් බුහුගුන – Sunderlal Bahuguna‘ ඔහු ඉන්දියාවේ සුප්‍රසිද්ධ පරිසර ක්‍රියාකාරිකයෙක්.

“අපි කරන්නේ පෘථිවියට, සොබාදහමට එරෙහිව ප්‍රචණ්ඩත්වයයි. අපි සොබාදහමේ මස් කපන්නන් බවට පත්වෙලා” සුන්දර්ලාල් බාහුගුනා වරක් සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවා.

ඒත් අවාසනාවට සුන්දර්ලාල් පසුගිය බ්‍රහස්පතින්දා මිය ගියා. ඒ කොවිඩ් ආසාදනයෙන්. ඔහු මිය ගියේ වයස අවුදුරු 94දී.

පරිසරය ආරක්ෂා කිරීම සඳහා ගස් වැළඳ ගැනීමට ඉන්දියානුවන්ට ඉගැන්වූ පුද්ගලයා ලෙස ඔහු මීට බොහෝ කාලයකට පෙර ලොව පුරා ප්‍රසිද්ධ වුණා. අද වාගේ එක පෝස්ට් එකකින් පරිසර වීරයෙක් හෝ වීරවරියක් විය හැකි යුගයක් සුන්දරලාල්ට තිබුණේ නැහැ. ඔහු පසුකර ආවේ සැබවින්ම අභියෝගාත්මක කාලයක්.

Chipko movement founder Sunderlal Bahuguna: The defender of Himalayas turns  90 - Education Today News

සුන්දර්ලාල් 1970 දශකයේ උතුරු ඉන්දියාවේ ක්‍රියාත්මක වූ ‘‘චිප්කෝ ව්‍යාපාරයේ‘ ප්‍රධාන නායකයෙක්. හින්දි බසින් චිප්කෝ යන්නෙහි තේරුම “වැළඳ ගැනීම” යන්නයි.

සුන්දර්ලාල් සහ සෙසු ක්‍රියාකාරිකයෙකු වන චන්දි ප්‍රසාද් භට්ගේ දේශනවලට සවන් දීමෙන් ඉන්දියානු හිමාලයෙහි පිරිමි සහ ගැහැණු ගස් වැළදෙන ඒවා කපා දැමීම වැළැක්වීමට කටයුතු කළා. 

ඔවුන්ගේ සටන් පාඨය වුණේ ‘අපේ ගස් ඉදිරිපිට අපගේ සිරුරු’ යන ප්‍රබල සටන් පාඨයයි. එය ආකර්ෂණීය මෙන්ම අභියෝගාත්මක එකක් ද වුණා. එය ලෝකයේ උසම කඳුකරයේ පාරිසරික අර්බුදය නිසා ඇති වූ විනාශය ලෝකයේ අවධානයට යොමු කළ ව්‍යාපාරයක් බවට පත් වුණා.

හිප්කෝ චලනය-පරිසරය
කාන්තාවන් විශාල වශයෙන් චිප්කෝ ව්‍යාපාරයට සම්බන්ධ විය

1970 දී උත්තරාකන්ඩ්හි ඇති වූ විනාශකාරී ගංවතුර ගම්වැසියන්ට අමිහිරි පිබිදීමක් බවට පත් වුණා. “වනාන්තර විනාශය, නායයෑම් සහ ගංවතුර අතර ඇති අන්තර් සම්බන්ධතා” ගැන ඔවුන් අවදි වූ බව චිප්කෝ ව්‍යාපාරය විස්තර කළ ඉතිහාසඥ රාමචන්ද්‍ර ගුහා සඳහන් කළා.

අවුරුදු තුනකට පසු සුන්දර්ලාල් සහ සෙසු ක්‍රියාකාරීන් ගස් වැලඳ ගැනීමට පටන් ගත්තා. සොබාදහම ආරක්ෂා කිරීම සඳහා තරුණයින් රුධිරයෙන් දිවුරුම් දුන්නා.

ඉතා ඉක්මණින් හිමාල කඳුකරයේ ජීවත් වන කාන්තාවන් ද ගස් වැලඳ ගැනීමේ ව්‍යාපාරයේ කොටස් කාරියන් බවට පත් වුණා. ඔවුන් ‘‘රාඛි‘‘ -(හින්දු රක්ෂා බන්ධන් උත්සවය අතරතුර සහෝදරයෙකුගේ මැණික් කටුව වටා බැඳ ඇති සංකේතාත්මක රතු නූලක්) ගස මත ගැට ගැසීම මේ ව්‍යාපාරයේ අනිවාර්ය අංගයක් බවට පත්වුණා. 

හිමාලයෙහි හැදී වැඩුණු සුන්දර්ලාල් මේ පිබිදීම හොඳින් අධ්‍යනය කළා. වනාන්තර විනාශය සාරවත් ඉඩම් ඛාදනය වීමට හේතු වූ බවත් නගරවල රැකියා සෙවීම සඳහා මිනිසුන් ගම්වලින් පිටතට තල්ලු කළ බවත් ඔහු මාධ්‍යවලට ලිව්වා.

‘‘මේ වනාන්තර විනාශය නිසා කාන්තාවන්ට ගොවිතැනට අමතරව ආහාර, දර සහ ජලය එකතු කිරීමේ සියලු වගකීම් දැරීමට සිදු වුණා” ඔහු පැහැදිලි කළා. මේ කතාව සමග කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ අරගලයේ වැදගත් සන්ධිස්ථානයක් බවට චිප්කෝ ව්‍යාපාරය පත් වුණා.

වසර ගණනාවක් පුරා සුන්දර්ලාල් මේ ව්‍යාපාරයේ සක්‍රීයව නිරත වුණා. දේශන පැවැත් වූවා. ප්‍රබල ක්‍රියාකාරකම්වල නිතරත වුණා. ඒ සමග පාසල් සිසුන් සහ කාන්තාවන් වැඩි වැඩියෙන් ඔහු සමග එක් වුණා. ඔවුන් සාමකාමී ලෙස උද්ඝෝෂණ පැවැත්වූ අතර, ගස් වැළඳගෙන නිරාහාරව උපවාස කළා.

කෙටි කාලයකින් මේ උත්සාහයන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා දුන්නා. මේ උපවාසවල ප්‍රතිඵලයක් ලෙස 1981 දී උත්තරකහන්ද් හි ගස් කැපීම සදහා වසර 15 ක තහනමක් පැනවීමට ප්‍රාන්ත රජය පියවර ගත්තා. 

ඊට වසර දෙකකට පසු සුන්දර්ලාල් පරිසර විනාශය ගැන අවධානය යොමු කරමින් හිමාලයේ කිලෝමීටර් 4,000 ක් (සැතපුම් 2,500 ක්) ගමන් කළා.

1992 දී ඔහු ඉන්දියාවේ උසම ස්ථානයක ඉදිකිරීමට සැලසුම් කළ ටෙහ්රි වේල්ලට විරෝධය දැක්වීමට උපවාසයක් ආරම්භ කළා. වේල්ල ඉදිකිරීම නිසා සිය මුතුන්මිත්තන්ගේ නිවාස අහිමි වූ අය අතර ඔහු ද සිටියා.

මේ අරගලයේදී සුන්දර්ලාල් නිලධාරීන් සමග මෙන්ම ව්‍යාපාරිකයින් සහ දාමරිකයින් සමග ද අඛණ්ඩ අරගලයක යෙදුණා. එය අතිෂයින් දුෂ්කර හා අභියෝගාත්මක එකක් වුණා.

එල්බීසී පාරේ ගස් බේරා ගැනීම සඳහා චිප්කෝ ව්‍යාපාරයේ කීර්තියට පත් පරිසරවේදී සුන්දර්ලාල් බාහුගුනා සහ ඔහුගේ බිරිඳ විම්ලා චිප්කෝ රැලියකට සහභාගී වෙති.  2005
සුන්දර්ලාල් සහ ඔහුගේ බිරිඳ විම්ලා ගස් වැළඳ ගැනීමේ ව්‍යාපාර රැසකට සහභාගී වූහ

සුන්දර්ලාල්ගේ ව්‍යාපාරය ගැන හිටපු අගමැති ඉන්දිරා ගාන්ධිගෙන් විමසූ විට ඇය මෙසේ පැවසුවා: “හොඳයි, අවංකවම, ව්‍යාපාරයේ සියලු අරමුණු මම දන්නේ නැහැ. නමුත් ගස් කැපීම නොකළ යුතුයි. ඒ ස්ථාවරයේ මමත් ඉන්නවා “

වෙනස්වන කාලය තිබියදීත්, සුන්දර්ලාල්ගේ ව්‍යාපාරයේ සංකේතවාදය ජීවත් වේ. 2017 දී මුම්බායි හි ක්‍රියාකාරීන් මෙට්‍රෝ දුම්රිය සඳහා මාර්ගයක් සකස් කිරීම සඳහා ගස් 3,000 කට වැඩි ප්‍රමාණයක් කපා දැමීමට එරෙහිව ගස් වැළද ගත්තා.

සුන්දර්ලාල් ගාන්ධි අනුගාමිකයෙක්. ඔහු කුඩා ආරාමයක ජීවත් වූ අතර ප්‍රචණ්ඩත්වය හෙළා දැක්කා. දේශපාලනයෙන් ඈත්ව සිටියා. ඔහු ස්වයං විශ්වාසය මත පදනම් වූ අතර භෞතිකවාදය හෙළා දැක්කා.

“අවිහිංසාවාදී හා ස්ථිර සමාජයක” බලශක්ති සුරක්ෂිතභාවයක් ලබා ගැනීම සඳහා ඉන්දියාවට මිනිස් අපද්‍රව්‍ය වලින් ජීව වායුව නිපදවීම, සූර්ය, සුළං බලශක්තිය හා ජල විදුලිය අවශ්‍යයි. අඩු ශක්තියක් පරිභෝජනය කරන බැවින් යන්ත්‍ර වැඩි දියුණු කරන්න‘ ඔහු ඉල්ලා සිටියා.

1927 දී ටෙහ්රි දිස්ත්‍රික්කයේ දැන් උත්තරාකන්ඩ් හි උපත ලද සුන්දර්ලාල් හැදී වැඩුණේ සල්, ඕක් සහ ෆපර් ගස් වලින් වටවී තණබිම් මැදයි. හිටපු බීබීසී වාර්තාකරුවෙකු වන අමිත් බාරුවා 1970 දශකයේ අග භාගයේ හිමාල කඳුවැටියේදී සුන්දර්ලාල්ව මුණගැසීමට ගිය ගමන සිහිපත් කරයි.

ඔහු සොයාගත්තේ ගැටුමක් හෝ මතභේදයක් සොයන කෙනෙකු නොව, “ගස් කැපීම සහ හිමාලය කඳුකරයේ දිය උල්පත් වියළීම අතර මුල් සම්බන්ධය සොයා ගත්” මෘදුව කතා කරන සරල මිනිසෙකි.

ඔහු කලාපයේ කළ සංචාරයේදී කඳුකර උල්පත් වියළී යන බවත් ජලය ලබා ගැනීම සඳහා කාන්තායන් බොහෝ දුර ඇවිදින බවත් දුටුවේය. ඔහු පවසන්නේ සුන්දර්ලාල්ගේ ක්‍රියාකාරිත්වය පැමිණියේ ඔහුගේම අත්දැකීම් වලින් බවයි.

සුන්දර්ලාල් බාහුගුනා පෘථිවියේ මිනිසෙකු ලෙස තවත් සියවස් ගණනක් මහත් භක්තියෙන් යුතුව සිහිපත් කරනු ඇත.

බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

Recommended For You

About the Author: Thusal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *