‘ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආනයනකරු’ බවට චීනය පත්වෙයි: එහි සමස්ත ප්‍රතිවිපාක‘ මොනවාද ?

වෙළෙඳ ගනුදෙනු විධිමත් මට්ටමින් වාර්තාගත කිරීම ආරම්භවීමෙන් පසු චීනය පළමු වතාවට ජර්මනිය අභිබවා යමින් එක්සත් රාජාධානියේ විශාලතම තනි ආනයන වෙළෙඳපොළ බවට පත්වීම ගැන ජාත්‍යන්තර වශයෙන් දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

එක්සත් රාජධානියේ ජාතික සංඛ්‍යාන කාර්යාලය (ONS)) පවසන ආකාරයට 2018 වර්ෂය ආරම්භයේ පටන් චීනයෙන් සිදුවූ භාණ්ඩ ආනයනය 2021 වර්ෂයේ පළමු කාර්තුව තුළ පමණක් 66%කින් ඉහළ යමින් ස්ටර්ලිං පවුම් බිලියන £16.9ක ($24bn) වෙළෙඳාමක් බවට පත්ව තිබුණා.

මේ සමග ලොව පුරා ලොකු – කුඩා රාජ්‍ය රැසක් චීන ග්‍රහණයට නතු වීම ගැන ජාත්‍යන්තර මාධ්‍ය අවදානය යොමු කරද්දී බී.බී.සී සිංහල සේවය ලංකාවේ තත්ත්වය ගැන විශේෂ විමසුමක යෙදුනා. කොළඹ වරාය නගරය ආදි චීන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වෙද්දී ශ්‍රී ලංකාව චීනය මත යැපෙන මට්ටම නිවැරදිව වටහා ගැනීම වැදගත් බවයි ආර්ථික විශේෂඥයෝ පැවසුවේ.

‘2020 වසරේ ශ්‍රීලංකාව භාණ්ඩ ආනයනය කරන ලද ප්‍රධාන රටවල් වුනේ ආසියානු කලාපයේ රටවල්ය. 2020 වසරේ දී එ.ජ.ඩොලර් බිලියන 3.5කට වැඩි ආනයන වියදමක් සහ සමස්ත ආනයන සඳහා 22%ක පමණ දායකත්වයක් දක්වමින් චීනය අඛණ්ඩව දෙවැනි වතාවටත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආනයන ප්‍රභවය ලෙස පැවතුණි”(ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව)

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආනයන වෙළෙඳපොළෙහි චීනයට පහළින් සිටින රටවල් බවට පත්ව සිටියේ ඉන්දියාව, එක්සත් අරාබි එමීරය, සිංගප්පූරුව සහ මැලේසියාව යන රටවල්ය. ශ්‍රී ලංකාව චීනයෙන් ආනයනය කරන ලද ප්‍රධාන භාණ්ඩ වූයේ රෙදිපිළි සහ රෙදිපිළි උපාංග,යන්ත්‍රසූත්‍ර උපකරණ,ගොඩනැගිලි ද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය ආදියයි. ඊට අමතරව ශ්‍රී ලංකාව විශාල වියදමක් දරමින් චීනයෙන් ආනයනය කරනු ලබන තවත් භාණ්ඩ විශේෂයක් වන්නේ ජංගම දුරකථන ද ඇතුළත් විදුලි සංදේශ මෙවලම්ය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආනයන ප්‍රභවයන් දැක්වෙන ශ්‍රී ලංකා මහා බැංකුවේ වගුවක් පහත දැක්වෙයි.

ආනයන ප්‍රභව

ඉහත වගුවේ දැක්වෙන පරිදි චීනය ශ්‍රී ලංකාවේ ආනයන වෙළෙඳපොළේ 22%ක ආයාත නියෝජනය කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරන පරිදි ඉන්දියාව ඇතුළු ආසියානු කලාපයේ සෙසු රටවල් අභිබවා යමින් චීනය ශ්‍රී ලංකාවේ ආනයන වෙළෙඳපොළෙහි තහවුරුවීමක් පෙන්නුම් කරයි.

”එක්සත් රාජධානිය පමණක් නොවෙයි අපේ කලාපයේ ඉන්දියාවත් අභිබවා යමින් ශ්‍රී ලංකාවේ ආනයන වෙළෙඳපොළ තුළ චීනය ප්‍රමුඛස්ථානයට පැමිණ සිටිනවා” ‘වෙරිටේ’ රිසර්ච් ආයතනයේ (Verite’ Reserch) පර්යේෂණ අධ්‍යක්ෂිකා සුභාෂිනී අබේසිංහ බීබීසී සිංහල සේවය කළ විමසීමක දී සඳහන් කළාය.

ඉදිරි වසරවල ශ්‍රී ලංකාවේ ආනයන වෙළෙඳපොළෙහි චීන සහභාගිත්වය තවත් වර්ධනය වීමේ ප්‍රවනතාවක් දක්නට ලැබේදැයි විමසීමක් කළවිට ඊට පිළිතුරු දෙමින් ආර්ථික විද්‍යාඥ සුහාෂිනී අබේසිංහ කියාසිටියේ ”එවැන්නක් සිදුවීම රඳා පවතින්නේ කරුණු දෙකක් පදනම් කරගනිමින්” බවය.

sl
‘වෙරිටේ’ රිසර්ච් ආයතනයේ(Verite’ Reserch)පර්යේෂණ අධ්‍යක්ෂිකා සුභාෂිනී අබේසිංහ

”පළමුවැන්න පවතින යටිතල පහසුකම් වර්ධන ව්‍යාපෘතීන් අනුව.පසුගිය කාලයේ අපි දැක්කා – ශ්‍රී ලංකාවේ විශාල පරිමාණයේ යටිතල පහසුකම් වර්ධන ව්‍යාපෘතීන්ට චීනය සහභාගී වුණා. 2009-10 වකවානුව ගත්තාම ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් වර්ධන න්‍යායපත්‍රයේ එවැනි මහා ව්‍යාපෘතීන් රාශියක් තිබුණා .ඒ අනුව පළමු කාරණය තමයි,කොතරම් නව ව්‍යාපෘතීන් තියෙනවාද? කියන කාරණය.දෙවැන්න,රාජ්‍ය මූල්‍ය අර්බුදය. ණය මගින් හෝ එවැනි ව්‍යාපෘතීන්ට යාමට හැකියාවක් තිබේද? යන්න ප්‍රශ්නයක්!”

ශ්‍රී ලංකාව විදේශ ණය ලබා ගනිමින් මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘතීන් ආරම්භ කළත් ඒවා සිදුවුනේ බැඳි ණය (Tied Loan)අනුව බවත් ආර්ථික විද්‍යාඥ සුභාෂිනී අබේසිංහ පවසයි.

”එම බැඳී ණය අනුව ඇතිවූ එකඟතා අනුව ශ්‍රී ලංකාවට සිදුවුණා – චීනය නිර්දේශ කරන ආයතනවලින් භාණ්ඩ සහ සේවා මිලට ගැනීමට. උදාහරණයක් විධියට ඉදිකිරීම්වල දී චීනය නිර්දේශ කරන සමාගම් සමඟ ඉදිකිරීම් කොන්ත්‍රාත් ඇතිකර ගැනීමට සිදුවුණා”

අලුත් ව්‍යාපෘතීන් කරා යාමේදී පවතින රාජ්‍ය මූල්‍ය අර්බුදය බලපානවා. ඒ අනුව විශාල ව්‍යාපෘතීන් සංවර්ධන න්‍යාය පත්‍රයේ නොවීමත්, රාජ්‍ය මූල්‍ය අර්බුදයත් චීන හෝ වෙනත් ආර්ථික සහභාගීවීම්ව්ලට බලපාන බව පවසන සුභාෂිනී අබේසිංහ ඉදිරි වසරවල විශාල ආනයන වර්ධනයක් බලාපොරොත්තු විය නොහැකි බවත් සඳහන් කළාය.

Recommended For You

About the Author: Thusal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *