කළු දිලීර සහ දියවැඩියාව අතර සම්බන්ධතාව ගැන සොයයි

ඉන්දියාවේ “කළු දිලීර Black fungus නමින් හැඳින්වෙන රෝගී තත්වයන් 12,000 ක් පමණ වාර්තා වී ඇති අතර එසේ වාර්තා වන රෝගීන්ගෙන් බහුතරය කොවිඩ්-19 ආසාදනයෙන් සුවය ලබන රෝගීන් බව ඉන්දීය සෞඛ්‍ය අංශ කියයි.

මෙම දරුණු ආසාදනය සාමාන්‍යයෙන් ඉතා දුර්ලභ වන අතර මරණ අනුපාතය 50% ක් පමණ වේ. මේ සම්බන්ධයෙන් පර්යේෂණවල නිරත සමහර වෛද්‍ය විශේෂඥයින් යෝජනා කර ඇත්තේ දියවැඩියාව ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් ඉන්දියාවේ රෝගීන් වර්ධනය වන බවයි.

කළු දිලීර ඇති රටවල් මොනවාද?

කොවිඩ් වසංගතයට පෙර, අවම වශයෙන් ලොව පුරා රටවල් 38ක්වත් කළු දිලීර ලෙස හඳුන්වන මුකෝර්මිකෝසිස් mucormycosis රෝගීන් වාර්තා කර ඇත. ප්‍රමුඛ ජාත්‍යන්තර දිලීර අධ්‍යාපනයට අනුව ඉන්දියාව සහ පාකිස්ථානයෙන් වාර්ෂිකව මිලියනයකට රෝගීන් 140 ක් පමණ වාර්තා වේ.

වැඩිවන අවස්ථා සමඟ, මුකෝර්මිකෝසිස් රෝගීන් සඳහා විශේෂ වාට්ටු පිහිටුවා ඇත
ගුජරාට් ප්‍රාන්තයේ රෝහලක විශේෂ මුෙකෝමිකෝසිස් mucormycosis වාට්ටුවක්

දිලීර ආසාදන පිළිබඳ විශේෂඥයෙකු වන මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ඩේවිඩ් ඩෙනින් පවසන්නේ ඉන්දියාවේ කළු දිලීර රෝගීන් (වසංගතයට පෙර පවා ) “ලෝකයේ වෙනත් කිසිම රටකට වඩා සිටි බවයි ”

“මුකෝර්මිකෝසිස් දුර්වල ලෙස පාලනය කරන ලද දියවැඩියාව සමඟ දැඩි ලෙස සම්බන්ධයි. ඉන්දියාවේ දියවැඩියා රෝගීන් විශාල පිරිසක් සිටිනවා. ඒ නිසා මේ අවදානම ගැන අප පුදුම විය යුතු නැහැ‘‘ වෛද්‍ය ඩේවිඩ් පවසයි.

ගෝලීය වශයෙන් සිදුවීම් පිළිබදව සොයා බැලීමේ නවතම පර්යේෂණ පත්‍රිකාවකට අනුව කොවිඩ් -19 ආසාදනයෙන් සුවය ලබන නමුත්  දිලීර ආසාදනයට ලක් වූ රෝගීන්ගෙන් 94% ක් දියවැඩියාවෙන් පෙළෙති. කළු දිලීර රෝගීන්ගෙන් බහුතරයක් (71%) ඉන්දියාවෙන් වාර්තා වේ.

දියවැඩියාවට සම්බන්ධයක් වෙනත් රටවල දක්නට ලැබේද?

ඒක පුද්ගල දියවැඩියාව ඉහළම මට්ටමක පවතින රටවල් ද (ඉන්දියාව හැර) මුකෝමිකෝසිස් රෝගීන් වාර්තා කර ඇත.

ප්‍රධාන රටවල් ඒක පුද්ගල දියවැඩියාව පෙන්වන තීරු සටහන

ඉන්දියාවේ අසල්වැසි රටවල් වන පාකිස්තානය (ලෝකයේ දෙවැනියට ඉහළම ඒක පුද්ගල දියවැඩියා අනුපාතය ඇති රටවල් අතර දෙවැනි තැන ගන්නා) සහ බංග්ලාදේශය ඉහළම ඒක පුද්ගල දියවැඩියා අනුපාතයක් වාර්තා කළත් එම රටවලින් කළු දිලීර රෝගීන් සැලකිය යුතු පිරිසක් වාර්තා වී නැත. බංග්ලාදේශයෙන් වාර්තා වූ සැක කටයුතු එක් රෝගියෙකුගේ වාර්තාව මේ දක්වා නිකුත්ව නැති අතර එම සැක කටයුතු රෝගියා ද දියවැඩියාවෙන් පෙළෙන බව වෛද්‍යවරු බීබීසීයට පැවසූහ.

පකිස්තානය ද මෑත සතිවල දී කළු දිලීර රෝගීන් 5 ක් වාර්තා කර ඇති අතර මැයි 12 වන විට සිව්දෙනෙකු මියගොස් ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රසීලය මේ වන විට රෝගීන් 29 ක් වාර්තා කර ඇත, නමුත් ඔවුන් අතරින් කීදෙනකු කොවිඩ් සහ / හෝ දියවැඩියා රෝගීන්ද යන්න තවමත් පැහැදිලි නැත.

රුසියාව විසින් මෑතකදී කොවිඩ් රෝගීන් තුළ “හුදකලා” ශ්ලේෂ්මල පටල ඇති බවට වාර්තා කර ඇත – නමුත් මේ දක්වා කොපමණ සංඛ්‍යාවක් අනාවරණය වී තිබේද යන්න පැහැදිලි නැත.

එක්සත් ජනපදයේ දියවැඩියාව ඉතා ඉහළ මට්ටමක පවතින අතර ජනගහනයෙන් 9.3% කට දියවැඩියාව ඇති බවට ගණන් බලා ඇත. ගෝලීය වශයෙන් වැඩිම කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව ද එක්සත් ජනපදයෙන් වාර්තා වේ. නමුත් එක්සත් ජනපදයේ කළු දිලීර රෝගීන් ඉතා දුර්ලභ ය.

දියවැඩියාව අවදානම් සාධකයක් විය හැක්කේ ඇයි?

ගෝලීය වශයෙන් හඳුනා නොගත් දියවැඩියාවේ වයස අවුරුදු% වගුව

ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව යන රටවල දියවැඩියාවෙන් පෙළෙන අයගෙන් 57% ක් පමණ හඳුනා නොගත් රෝගීන් බව ජාත්‍යන්තර දියවැඩියා පෙඩරේෂනය විසින් (IDF) ගණන් බලා තිබේ. පාකිස්තානයේ ද රෝග විනිශ්චය නොකළ දියවැඩියාව ඉහළ මට්ටමක පවතින බවට ගණන් බලා තිබේ.

කිර්ගිස්තානයේ ජාත්‍යන්තර වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය හරිප්‍රසාත් ප්‍රකාශ් පවසන්නේ “ඉන්දියාවේ පාලනයකින් තොරව දියවැඩියාව ඇති බැවින් මිනිසුන් නිරන්තරයෙන් සෞඛ්‍ය පරීක්ෂාවන් සිදු නොකරන” බවයි.

ඔහු පවසන්නේ දියවැඩියා රෝගීන්ගෙන් බහුතරයක් “වෙනත් සෞඛ්‍ය සංකූලතා මගින් සොයා ගන්නා ලද” ඒවා වන අතර ප්‍රතිකාර නොකරන බවයි.

දුර්වල ලෙස පාලනය කරන ලද දියවැඩියාව සමහර දිලීර ඇතුළු සමහර ආසාදන ඇතිවීමේ අවදානම වැඩි කරයි.

අප්‍රිකානු කලාපයේ ද හඳුනා නොගත් දියවැඩියාව 60% කට ආසන්න මට්ටමක පවතින නමුත් ඇස්තමේන්තු වලට අනුව කළු දිලීර ආසාදන අනුපාතය 3%කි.

ආචාර්ය ඩෙනින් පෙන්වා දෙන්නේ “එය විය හැක්කේ රෝග විනිශ්චය නොකිරීම නිසා විය හැකිය. එය හඳුනා ගැනීම පහසුම දෙයක් නොවේ.”

පටක නියැදි එකතු කිරීමේ දුෂ්කරතාවය සහ රෝග විනිශ්චය පරීක්ෂණවල සංවේදීතාව නොමැතිකම හේතුවෙන් කළු දිලීර රෝග විනිශ්චය නොකෙරෙන බව අධ්‍යයනවලින් හෙළි වී තිබේ.

කළු දිලීර ඇතිවීමට තවත් හේතු මොනවාද?

සමහර කෝවිඩ් ප්‍රතිකාර සඳහා ස්ටෙරොයිඩ් අවිනිශ්චිත ලෙස භාවිතා කිරීම නිසා කළු දිලීර හෝ වෙනත් දිලීර ආසාදන සමඟ සම්බන්ධ විය හැකි බවට විශේෂඥයෝ යෝජනා කරති.

ශරීරයේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය නිසා ඇතිවන දැවිල්ල අඩු කිරීම සඳහා ඉන්දියාවේ කොවිඩ් රෝගීන් සඳහා පුළුල් ලෙස ස්ටෙරොයිඩ් (steroids) වර්ග දෙකක් (ඩෙක්සමෙතසෝන් dexamethasone සහ මෙතිල්ප්‍රෙඩ්නිසොලෝන් methylprednisolone ) භාවිතා කරයි.

කළු දිලීර ග්‍රැෆික් නිරූපණය

කෙසේ වෙතත්, රෝහල් සහ වෛද්‍යවරුන් වැඩිවෙමින් පවතින රෝගීන් සංඛ්‍යාව නිසා, මෙම ස්ටෙරොයිඩ් වෛද්‍ය අධීක්ෂණයකින් තොරව ගන්නා බවට සාක්ෂි තිබේ. එවැනි ස්වයං ඖෂධවලට එරෙහිව ඉන්දීය බලධාරීන් මෑතකදී අනතුරු අඟවා ඇති අතර එය බරපතල හානිකර ප්‍රතිවිපාක ගෙන දිය හැකි බව වෛද්‍ය ඩෙනින් පවසයි.

එක්සත් රාජධානියේ කොවිඩ් රෝගීන් 2000ක් පමණ යොදා ගෙන කරන ලද පර්යේෂණයකින් පෙන්නුම් කළේ ඩෙක්සමෙතසොන් dexamethasone මධ්‍යස්ථ හෝ දරුණු ආසාදනයක් ඇති අයගේ මරණ සංඛ්‍යාව අඩු කිරීමට උපකාරී වන නමුත් මෘදු ආසාදනයක් ඇති අයට හානිකර විය හැකි බවයි.

රෝහල් පසුබිමක භාවිතා කරන විට ස්ටෙරොයිඩ් වල කාර්යක්ෂමතාව එම අධ්‍යයනයෙන් පෙන්නුම් කෙරිණි. කෙසේ වෙතත්, ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල නිවාස හුදකලා කට්ටල සමග ඩෙක්සමෙතසොන් මහජනයාට බෙදා දී ඇති බව වාර්තා වේ. 

“වැඩි ස්ටෙරොයිඩ් වඩා හොඳ නොවන බව (අධ්‍යයන හරහා) ඉතා පැහැදිලිය,” ආචාර්ය ඩෙනින් පැවසීය.

බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

Recommended For You

About the Author: Thusal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *