සම රැකවරණයේ විශේෂඥයා ‘රෝස වතුර‘ ගැන ඔබ දැනගත යුතුම කරුණු 13ක්

රෝස වතුර – Rose Water  යනු දීර්ඝ ඉතිහාසයක් ඇති ලෝකය පුරාම වඩාත්ම ජනප්‍රිය හා විශ්වාසනීය රූපලාවන්‍ය සත්කාරයකි. රෝස වතුර විවිධ සමේ රෝග සඳහා පිළියමක් වශයෙන් භාවිත වන අතර එහි අමතර සෞඛ්‍යමය වාසි රැසක් ද ඇත. ඊටත් වඩා වැදගත්ම කරුණ වන්නේ වඩාත්ම පහසුවෙන් රූපලාවන්‍ය ඔසුවක් ලෙස රෝස වතුර භාවිතා කිරීමට ඇති පහසුවයි.

මෙවැනි වාසිදායක හා සුවිශේෂතා ඇති රෝස වතුර ගැන ඔබ බොහෝ කරුණු දන්නා විය හැකිය. එහෙත් ලබා ගන්නා දැනුම කිසිවිටෙකත් නිෂ්ප්‍ර යෝජන නොවන නිසා මේ ගැනත් කියවන්න. එමගින් රෝස වතුර ගැන ඔබ තවත් බොහෝ දේ ඉගෙන ගන්නා බවට සැකයක් නැත.

රෝස වතුර නිස්සාරණය කර ගන්නේ ස්වභාවික රෝස මල් පෙතිවලිනි. නෙලන ලද රෝස මල් පෙති වාෂ්ප සමඟ ආසවනය කිරීමෙන් එය නිර්මාණය වේ. රෝස වතුර මෘදු සුවඳින් යුතු අතර එම නිසා එය බොහෝ විට සුවඳ විලවුන් සෑදීමේදී භාවිතා වේ. 

ඉඟිය: රෝස වතුර මෘදු ස්වභාවික skin toner ලෙස භාවිතා කළ හැකිය.

පුරාණ භාවිතයන්

රෝස් වතුරේ පුරාණ භාවිතයන්

රෝස වතුර වසර දහස් ගණනක් තිස්සේ භාවිතා කර ඇති අතර විශේෂයෙන් මැදි වයසේ අය ඊට වඩාත් ප්‍රිිය කර ඇත. රෝස වතුර භාවිතය මුලින්ම ආරම්භ වූයේ පර්සියාවෙන් වන අතර (එය අද ඉරානය ලෙස හැඳින්වේ) එහි සම්ප්‍රදායික භාවිතයන් රූපලාවණ්‍ය නිෂ්පාදනවල සිට ආහාර පාන දක්වා විහිදේ.

ඉඟිය: රෝස වතුරවල සෞඛ්‍යමය වාසි බොහෝ කලකට පෙර හඳුනාගෙන ඇති අතර එය කිසිම වෙනසකින් තොරව වර්තමානය, අනිවාර්යෙන්ම අනාගතය දක්වා ද නොවෙනස්ව පවතී.

රෝස් වෝටර් යනු නූතන සම් පදම් කිරීමේ ජනප්‍රිය අමුද්‍රව්‍යයකි


රෝස වතුරවල රූපලාවන්‍ය හා සෞඛ්‍ය වටිනාකම් පාරම්පරිකව තහවුරු වී ඇති අතර එය සම්මතයක් බවට පත්ව ඇති අතර එය වර්මාන ලෝකයේ ද ජනප්‍රියම ස්වභාවික රූපලාවන්‍ය අමුද්‍රව්‍ය බවට පිළිගැනීමට ලක්වේ.  රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රය විසින් මෙම සන්සුන් අමුද්‍රව්‍යයට බෙහෙවින් ආදරය කරන අතර එමඟින් මුහුණේ සම සඳහා නිෂ්පාදන සැකසීම් ඇතුළු බොහෝ වෙළඳ නාම ඇති වී තිබේ. 

ඉඟිය: රෝස වතුර මගින් මුහුණේ තෙතමනය පවත්වා ගැනීමට මනා සහායක් ලැබේ.

රෝස වතු සමේ PH මට්ටම සමතුලිත කරන අතර Toner ලෙස ද  ක්‍රියා කරයි

රෝස් වෝටර් සමේ පීඑච් මට්ටම සමතුලිත කරන අතර ටෝනරයක් ලෙස ක්‍රියා කරයි

රෝස වතුර  Skin Toner එකක් යැයි කියනුයේ එහි විස්මිත pH සමතුලිත ගුණාංග නිසාය. මෙම අමුද්‍රව්‍යය සමට සහනයක් ලබා දෙන අතර එහි සියුම් pH මට්ටම සමතුලිත කරයි. රෝස වතුර Skin Toner ලෙස යොදන සම මතුපිට ඇති සිදුරු පිරිසිදු කිරීමට හා මැරුණු සම ඉවත් කිරීමට හැකිය.

ඉඟිය: ෆේස් වොෂ් එකකින් පිරිසිදු කිරීමෙන් පසු මුහුණ හොදින් පිස දා ස්වාභාවික රෝස වතුර මුහුණේ ගල්වන්න. එමගින් ඔබේ මුහුණට දීප්තිමත් ආලෝකයක් ලැබෙනු ඇත.

රෝස වතුරෙන් සමේ කෝපවීම සමනය කරන්න

රෝස් වතුරෙන් සමේ කෝපවීම සමනය කරන්න


සම සඳහා රෝස වතුරේ ඇති තවත් විශාල වාසියක් වන්නේ එහි ප්‍රති-ගිනි අවුලුවන ගුණ (anti-inflammatory properties) අඩංගු වීමයි. ආරක්ෂිත මුඛ ආවරණ පැළඳීමෙන් ඔබේ සම අවපැහැ වන විට එම අවපැහැය නැති කිරීමට වඩාත්ම සුදුසු ස්වභාවික ක්‍රමය රෝස වතුර බව නිසැකය. රෝස වතුර සමේ කෝපවීම සන්සුන් කිරීමට එය උපකාරී වන අතර අව් රශ්මිය සමනය කිරීමට පවා හොඳින් ක්‍රියා කරයි. සමහර අධ්‍යයනවලින් පෙනී යන්නේ එය දද හෝ කුෂ්ඨ සුව කිරීමට පවා භාවිතා කළ හැකි බවයි.

ඉඟිය: අධික සම සංවේදීතාවයක් ඇති පුද්ගලයින් ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතා කිරීමට පෙර වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුය.

සමේ රතු පැහැය අඩු කිරීමට රෝස වතුර උපකාරී වේ

සමේ රතු පැහැය අඩු කිරීමට රෝස් වෝටර් උපකාරී වේ

සම මත ඇති වන බිබිලි සහ දැවිල්ල නිසා ඇති වන රතු පැහැය අඩු කිරීමට රෝස වතුර උපකාර වේ.  රෝස වතුරේ ඇති ප්‍රතිබැක්ටීරීය ගුණාංග නිසා රතු පැහැයට හේතු වන ඕනෑම බැක්ටීරියාවක් විනාශ කිරීමට හැකි වේ. ආරක්ෂිත වෛද්‍ය මුඛ ආවරණ වලින් ඔබේ මුහුණ වසා ගැනීමෙන් පසු ඔබ සමේ රතු පැහැයෙන් පෙළෙනවා නම්, රෝස වතුර මගින් සමේ කරදර ඉවත් කර ගත හැකිය.

ඉඟිය:  ශීතකරණය තුළ පිරිසිදු රෝස වතුර සිසිල් කර බලපෑමට ලක් වූ ප්‍රදේශවලට ඉසින්න.

රෝස වතුරෙන් ආසාදන වැලැක්වීම සහ ප්‍රතිකාර කිරීම

රෝස් වතුරෙන් ආසාදන වැලැක්වීම සහ ප්රතිකාර කිරීම

රෝස වතුර එහි විශ්මයජනක විෂබීජ නාශක ගුණ සඳහා බොහෝ කලක් තිස්සේ හඳුනාගෙන තිබේ. එමනිසා, එය බොහෝ ඖෂධීය ආලේපන සකස් කිරීම සඳහා භාවිතා කරන අතර සමහර විට අක්ෂි රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගනී. එහි විෂබීජ නාශක ගුණාංග කඩිනම් ප්‍රතිකාර සඳහා වඩාත් සුදුසු ලෙස සැලකිය හැකි අතර එය ප්‍රබල ස්වභාවික සම ආරක්ෂණ අමුද්‍රව්‍යයක් බවට පත් කරයි.  කුරුලෑ මගින් ඔබට ඇතිවන සියලු ආකාරයේ කරදරවලට රෝස වතුර මනා ඔසුවක් ලෙස සැලකේ.

ඉඟිය:  කුරුලෑ වලට ප්‍රතිකාර කිරීම සඳහා රෝස වතුර DIY ෆේස් ඇසුරුමක ඇතුළත් කරන්න.

රෝස වතුර ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ය

රෝස් වතුර ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ය

රෝස වතුරේ ප්‍රතිඔක්සිකාරක රාශියක් අඩංගු වන අතර එමඟින් ඔබේ මුහුණේ සම ඔක්සිකාරක ආතතියෙන් ආරක්ෂා කර ගත හැකිය.  සමේ සෛල හානිවලින් ආරක්ෂා වීමට ඔබේ සමට මෙම ප්‍රතිඔක්සිකාරක වලින් ප්‍රයෝජන ගත හැකිය.

ඉඟිය: රෝස් වතුර නිතිපතා භාවිතා කිරීමට පෙර patch test කරන්න.

රෝස වතුරෙන් කුරුලෑ කැළැල් සහ අව්වේ පිළිස්සීම සුව කර ගන්න

රෝස් වතුරෙන් කුරුලෑ කැළැල් සහ අව්වේ පිළිස්සීම සුව කරන්න

විෂබීජ නාශක සහ ප්‍රතිබැක්ටීරීය ගුණ නිසා රෝස වතුර තුවාල වලට ප්‍රතිකාර කිරීමේදී ප්‍රධාන වශයෙන් උපකාරී වේ. බැක්ටීරියා විනාශ කිරීමෙන් හා ආසාදන ඇතිවීම වළක්වා ගැනීමෙන් තුවාල ඵලදායී ලෙස පිරිසිදු කිරීමට සහ සුව කිරීමට එය උපකාරී වේ.  රෝස වතුරවල ඇති ප්‍රති-ගිනි අවුලුවන ගුණාංග සහ මෘදු මොයිස්චරයිසින් ගුණාංග නිසා කුරුලෑ කැලැල් ඉක්මනින් සුව කිරීමට සහ අව්වේ පිළිස්සීම් ඉවත් කිරීමට රෝස වතුර උපකාර වේ.

ඉඟිය:   කුරුලෑ ආශ්‍රිත කැළැල් වලට මුහුණ දීම සඳහා කුරුලෑ කැඩී යාමෙන් පසු රෝස වතුරෙන් දිනපතා මුහුණ පිරිසිදු කරන්න.

රෝස් වතුරවලට වයස්ගත වීම පාලනය කළ හැකිය

රෝස් වෝටර්ට වයස්ගත වීමේ ගුණ ඇත

රෝස වතුර වයසට යාමේ සම රැකවරණය සඳහා ජනප්‍රිය තේරීමක් වන්නේ එහි ඇති මොයිස්චරයිසින් ගුණ සහ රැළි අඩු කිරීමට ඇති හැකියාව නිසාය . රෝස් වතුරේ ඇති ප්‍රතිඔක්සිකාරක නිසා සෛල හානිවීම වළක්වා ගත හැකි අතර එය බොහෝ විට වයසට යාමේ සලකුණු ඉවත් නිරීමට හේතු වේ. එහි තුවාලය සුව කිරීමේ සහ කැළැල් මැකී යාමේ හැකියාවන් වයස් ගත වන විට සම මත ඇතිවන පැල්ලම් වලට සහ ඔබේ මුහුණ වඩාත් තරුණ පෙනුමක් ලබා ගැනීමට උපකාරී වේ.

නිතර අසනු ලබන ප්‍රශ්න

ප්‍රශ්නය – වෛද්‍ය උපදෙස් වලින් තොරව වුව ද රෝස වතුර භාවිතා කළ හැකිද?

පිළිතුර – ඕනෑම සම ආරක්ෂණ නිෂ්පාදනයක් භාවිතා කිරීමට පෙර, එය ස්වාභාවික අමුද්‍රව්‍යයක් වුවද, patch test සෑම විටම නිර්දේශ කෙරේ. ඔබේ සමට සම රැකවරණය හා සම්බන්ධ නිෂ්පාදන හෝ ස්වාභාවික අමුද්‍රව්‍ය ආලේප කිරීමට පෙර වෘත්තීය චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුය . සංවේදී සමක් ඇති අය මෙම පියවර අනුගමනය කළ යුතුය. පොදුවේ ගත් කල, රෝස වතුර ආරක්ෂිත අමුද්‍රව්‍යයක් ලෙස සැලකේ.

ප්‍රශ්නය – කෙනෙකුට රෝස වතුර කොපමණ වාරයක් භාවිතා කළ හැකිද?

පිළිතුර – රෝස වතුර දිනපතාම භාවිතා කළ හැකි. එහෙත් එය ඔබට ආසාත්මික නොවන බවට පිළිගත් මූලාශ්‍රයකින් සහතිකයක් තිබිය යුතුය. එවැනි තත්ත්වයක් තුළ  පිරිසිදු ස්වාභාවික රෝස වතුර පැකිලීමකින් තොරව දිනකට කිහිප වතාවක් භාවිතා කළ හැකිය.

ප්‍රශ්නය – රෝස් වතුර වෙනත් ස්වාභාවික අමුද්‍රව්‍ය සමඟ ආරක්ෂිතව මිශ්‍ර කළ හැකිද?

පිළිතුර – ඔව්, එය වෙනත් ස්වාභාවික අමුද්‍රව්‍ය සමග මිශ්‍ර කළ හැකිය.  කහ වැනි අමුද්‍රව්‍ය සමඟ භාවිතා කිරීම ආරක්ෂිතය.

ෆෙමිනා ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

Recommended For You

About the Author: Thusal