‘කෘතිම පළිබෝධනාශක තහනම් කිරීමේ යෝජනාව‘ ස්විට්සර්ලන්ත ඡන්දදායකයෝ ප්‍රතික්ෂේප කරති

කෘත්‍රිම පළිබෝධනාශක තහනම් කිරීම සම්බන්ධයෙන් ඊයේ (13) ස්විට්සර්ලන්තයේ පැවැති ජනමත විචාරණයෙන් අදාළ යෝජනාව අති බහුතර ඡන්දයෙන් පරාජයට පත් කිරීමට ස්විට්සර්ලන්ත ගොවි ප්‍රජාවට සමත් වී ඇත. ඒ සමග කෘත්‍රිම පළිබෝධ නාශක තහනම් කළ ලොව දෙවැනි රට (පළමු රට ලොව කුඩා නොදියුණු රටක් වන භූතානයයි) බවට පත්වීමට ස්විට්සර්ලන්ත පරිසර ක්‍රියාකාරීන් කළ සැලසුම අසාර්ථක විය.

කාබනික ගොවීන්ගෙන් සැලකිය යුතු කොටසක් මෙම වැඩසටහනට පක්ෂව සිටියද ස්විට්සර්ලන්තයේ ගොවිපල 50,000ක් පවත්වාගෙන යන ගොවීන්ගෙන් බහුතරයක් එයට තදින්ම විරුද්ධ වූහ.

ජනප්‍රිය මූලාරම්භයන් සඳහා ඡන්ද දායකයින් සහ කැන්ටන් යන දෙඅංශයෙන්ම බහුතරයක් අවශ්‍ය වන නමුත් ඡන්ද දායකයින්ගෙන් සියයට 61%ක් සහ කැන්ටන් 26 න් එකක් හැර අන් සියල්ලම මෙම මුල පිරීම් ප්‍රතික්ෂේප කර ඇති බැවින් එම යෝජනා දෙකම දෙයාකාරයෙන්ම අසාර්ථක විය.

කෘෂිකාර්මික නිෂ්පාදනයේ අඩුවීමක් මගින් ආහාර මිල ඉහළ යනු ඇතැයි යන බියෙන් ස්විට්සර්ලන්ත රජය මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරන ලෙස ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටියේය.

ජාත්‍යන්තර වශයෙන් දැඩි අවධානයක් දිනාගත් මෙම පුවතට ලංකාවේ කිසිම මාධ්‍යයක ඉඩක් නොලැබුණ අතර කෘත්‍රිම පළිබෝධනාශක භාවිතය හා රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ශ්‍රී ලංකාව පියවර ගනිමින් සිටියදී ම සිදු වූ මෙම සිදුවීම ගැන ලංකාවේ කිසිම අවධානයක් යොමු නොවීම පුදුම සහගතය.

ස්විට්සර්ලන්තයේ කෘත්‍රිම පළිබෝධනාශක භාවිතය තහනම් කිරීම, ගොවිපලවල් සහ උද්‍යානවල භාවිතය වැළැක්වීම සහ ඒවා භාවිතයෙන් නිපදවන නිෂ්පාදන ආනයනය කිරීම තහනම් කිරීමට අදාළ සැලසුම් ක්‍රියාත්මක කිරීමට රජය ස්විස් ජනතාවගේ මනාපය විමසා බැලීමට ජනමත විචාරණය කැදවනු ලැබ තිබිණි.

මෑත මාසවලදී සැලකිය යුතු සහායක් ලැබූ මෙම පියවර ප්‍රතික්ෂේප කිරීම ස්විට්සර්ලන්ත ගොවි ක්ෂේත්‍රයේ සහ රජයේ දැඩි විරෝධය පිළිබිඹු කරයි.

මෙම යෝජනා අනුමත කිරීම මඟින් ගොවිපල නිෂ්පාදනය අඩු කිරීම සහ ආහාර මිල ඉහළ යනු ඇතැයි ගොවි ප්‍රජාව කියා සිටියේය. වසර හයක් තුළ පළිබෝධනාශක භාවිතය හා සම්බන්ධ අවදානම අඩකින් අඩු කරන ප්‍රති-ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට රජයට පෙලඹුණි.

‘‘පළිබෝධ නාශක රහිත ස්විට්සර්ලන්තය සඳහා පුරවැසි කණ්ඩායමක් වන ෆියුචර් 3 – (Future 3, a citizens group that is pushing for a pesticide-free Switzerland) විසින් මෙම පියවර යෝජනා කර තිබුණි. සමූහයේ ප්‍රකාශක ඩොමිනික් වාසර් පැවසුවේ මිනිසුන්ගේ සෞඛ්‍යය හා පරිසරය ආරක්ෂා කිරීම මෙම ක්‍රියාවලියේ ප්‍රධාන අභිප්‍රාය බවයි.

“පළිබෝධනාශක අපගේ සෞඛ්‍යයට විශාල බලපෑමක් ඇති කරන අතර එයට මේ ආකාරයට ඉදිරියට යා නොහැකිය. රසායනික ද්‍රව්‍යවල දිගුකාලීන බලපෑම තවමත් සම්පූර්ණයෙන් අනාවරණය වී නොමැති අතර, අධ්‍යයනයන් මගින් කෘතිම පළිබෝධනාශක පාකින්සන් හා වදභාවය ඇතුළු සෞඛ්‍ය ගැටලු රාශියක් අතර සම්බන්ධතා යෝජනා කර ඇත‘‘

කෘතිම පළිබෝධනාශක ඉසීම හා සම්බන්ධ විය හැකි පාරිසරික ගැටළු ද වාසර් මහතා සඳහන් කළේය.

කාබනික ගොවීන්ගෙන් සැලකිය යුතු කොටසක් මෙම වැඩසටහනට පක්ෂව සිටියද ස්විට්සර්ලන්තයේ ගොවිපල 50,000 ක් පවත්වාගෙන යන ගොවීන්ගෙන් බහුතරයක් එයට තදින්ම විරුද්ධ වූහ.

ස්විට්සර්ලන්ත ගොවි සංගමයේ අධ්‍යක්ෂ මාටින් රූෆර් පැවසුවේ කෘතිම පළිබෝධනාශක සම්පූර්ණයෙන් තහනම් කිරීම “යථාර්ථවාදී නොවන” බවත් එය කෘෂිකාර්මික අංශයට සහ රටට විශාල ප්‍රතිවිපාක ගෙන දෙන බවත්ය. ගොවීන්ට අඩු පළිබෝධනාශක භාවිතා කිරීමට අවශ්‍ය නමුත් සම්පූර්ණයෙන්ම නැවැත්වීමට ප්‍රමාණවත් විකල්ප නොමැති බව ඔහු පැවසීය.

මෙම පියවර සම්මත වූයේ නම් ගොවිපල නිෂ්පාදනය 20% සිට 30% දක්වා පහත වැටෙනු ඇතැයි රූෆර් මහතා අනාවැකි පළ කළේය. එම වෙනස පියවීම සඳහා ස්විට්සර්ලන්තයට වැඩි වැඩියෙන් ආහාර ආනයනය කිරීමට සිදුවිය හැකිය. “නිෂ්පාදනය අඩු වුවත් ආහාර පරිභෝජනය එලෙසම පවතිනු ඇත,” ඔහු පැවසීය.

ඩේවිඩ් ජේකොබ්සන් යනු පළිබෝධ නාශක තහනමක් ඉල්ලා සිටින ස්විට්සර්ලන්ත ගොවියෙකි.

“අපිට අපේ ප්‍රශ්න ඉවත දැමීමට අවශ්‍ය නැහැ,”  ජේකෝබ් මහතා පැවසීය.

ඔහු සම-හිමිකාරීත්වය දරන හෙක්ටයාර් 150ක් පමණ වන ඔහුගේ ගොවිපල වසර 20 කට වැඩි කාලයක් කෘතිම පළිබෝධනාශක භාවිතා නොකර කාබනික ධාන්‍ය, එළවළු සහ පලතුරු නිෂ්පාදනය කරයි. රසායනික ද්‍රව්‍ය භාවිතය ගැන ඔහු පැවසුවේ “කෘත්‍රිම පළිබෝධනාශක මගින් අපේ ජෛව විවිධත්වය විනාශ කරනවා. ඊට පසුව අපට ඒ මතම යැපීමට සිදුවෙනවා. ඔබ වරක් කෘතිම පළිබෝධනාශක භාවිතා කරන්නේ නම්, ඔබ ඒවා දිගටම භාවිතා කළ යුතුයි”

ඒ වෙනුවට, ජේකොබ්සන් මහතා සහ ඔහුගේ සගයන් කෘමීන් හා දිලීර වලට වඩා ප්‍රතිරෝධී බෝග වර්ග භාවිතා කරන අතර ස්වාභාවිකවම ඔවුන්ගේ අස්වැන්න වැඩි කර ගැනීම සඳහා වර්ධනය වන ක්‍රම දියුණු කර ඇත.

කෘෂිකාර්මික නිෂ්පාදනයේ අඩුවීමක් ආහාර මිල ඉහළ යනු ඇතැයි යන බියෙන් ස්විට්සර්ලන්ත රජය මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරන ලෙස ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටියේය. 

ස්විට්සර්ලන්තයේ ජනාධිපති (හිටපු ධාන්‍ය ගොවියෙකු හා වයින් වගා කරන්නෙකු වන) ගයි පර්මලින් (Guy Parmelin) මහතා පැවසුවේ ස්විට්සර්ලන්තයේ පළිබෝධනාශක භාවිතා කරන ආකාරය මෑත වසරවල විශාල වශයෙන් වෙනස් වී ඇති බවයි. “ සාම්ප්‍රදායික ගොවීන් වැඩි වැඩියෙන් භාවිතා කරන්නේ කාබනික ගොවිතැන සඳහා බලයලත් නිෂ්පාදන” යැයි ඔහු පැවසීය.

යාන්ත්‍රික වල් නෙලීම හෝ වඩාත් තිරසාර භෝග (implementation of more sustainable crops) ක්‍රියාත්මක කිරීම වැනි විකල්ප හේතුවෙන් ස්විට්සර්ලන්තයේ කෘතිම පළිබෝධනාශක අලෙවිය අඩු වෙමින් පවතින බව පර්මලින් මහතා පැවසීය .

කොකෝවා වැනි ආනයනික අමුද්‍රව්‍ය මත දැඩි ලෙස රඳා පවතින චොකලට් කර්මාන්තය ද මෙම වැඩසටහනට විරුද්ධ විය. “පළිබෝධනාශක භාවිතය අවම කිරීමේ මූලික අරමුණ සමඟ අපි එකඟ වෙමු” යැයි ස්විට්සර්ලන්තයේ චොකලට් නිෂ්පාදකයින්ගේ සංගමයේ අධ්‍යක්ෂ චොකොසුයිස් පැවසීය.

2027 වන විට කෘතිම පළිබෝධනාශක භාවිතය හා සම්බන්ධ අවදානම් අඩකින් අඩු කිරීම වඩාත් යථාර්ථවාදී ප්‍රවේශයක් බව සංගමයේ හැඟීම ෆුරර් මහතා පැවසීය.

ජනමත විචාරණය අනුමත වූයේ නම්, ස්විස් චොකලට් (කාබනික) මිල ඉහළ යනු ඇති බවත්, ගෝලීය චොකලට් වෙළඳපොලේ ස්විට්සර්ලන්තයේ කොටස හැකිලෙනු ඇති බවත් ෆුරර් මහතා පැවසීය.

“කාබනික චොකලට් සඳහා වෙළඳපොළ ඉතා කුඩායි,” ඔහු පැවසීය.

නිව් යෝර්ක් ටයිම් වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

Recommended For You

About the Author: Thusal