‘කාබනික කෘෂිකර්මාන්තය වෙත මාරුවීමට‘ ශ්‍රී ලංකාවට ඉන්දියාවේ පූර්ණ සහාය

ඉන්දීය ආධාර මත ශ්‍රී ලංකාවේ ‘කාබනික විශිෂ්ටතා මධ්‍යස්ථානයක් (Organic Centre of Excellence) පිහිටුවීමට ද ඉන්දියාව යෝජනා කරයි

කාබනික කෘෂිකර්මාන්තය වෙත මාරුවීමේදී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියාව ඉදිරිපත් වී තිබේ. මෙම ක්ෂේත්‍රය තුළ පර්යේෂණ සහයෝගීතාව ද ඉන්දියාව විසින් යෝජනා කර ඇත.

“කාබනික කෘෂිකර්මාන්තය වෙත මාරුවීම සඳහා ධාරිතා වර්‍ධන පුහුණුව, තාක්‍ෂණික දැනුම හුවමාරු කර ගැනීම සහ විශේෂඥයින්ගේ හුවමාරු චාරිකා සංවිධානය කිරීම සහ කාබනික ගොවිතැනට සම්බන්ධ ආයතන අතර පර්යේෂණ සහයෝගීතාව තුළින් ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියාව සතුටු වනු ඇතැයි” ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බැග්ලේ පසුගිය ජූලි මස 01 වැනි දා පැවැති සාකච්ඡාවකදී පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය සමඟ පැවති ද්විපාර්ශ්වික අන්තර් ජාල සාකච්ඡාවක ප්‍රධාන දේශනය පවත්වමිනි.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු ද සෙසු කථිකයින් අතර වූහ.

කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳ ඉන්දියාවේ සාර්ථක කථා හුවමාරු කරගැනීම පිණිස ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මෙම සාකච්ඡාව සංවිධානය කළේය.

ශ්‍රී ලංකාවේ ජනතාවට ආහාර සුරක්‍ෂිතතාව සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම ප්‍රදේශයේ ඇති අතිවිශාල ඉන්දියානු පළපුරුද්ද උපයෝගී කර ගන්නා ලෙස ඉන්දීය මහ කොමසාරිස්වරයා ඉල්ලා සිටි අතර ඉන්දියානු ආධාර ඇතිව ශ්‍රී ලංකාවේ ‘කාබනික විශිෂ්ටතා මධ්‍යස්ථානයක්’ පිහිටුවීමට ද යෝජනා කළේය.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකට අනුව, ශ්‍රී ලංකාවේ ජෛව පොහොර නිෂ්පාදනය සඳහා හවුල් ව්‍යාපාර පිහිටුවීමේ අපේක්ෂාවන් පිළිබඳව සොයා බලන ලෙස බැග්ලේ මහතා දෙරටේම ජෛව පොහොර නිෂ්පාදන සමාගම් වලින් ඉල්ලා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය ඇමතිනී සීතා අරඹේපොළ මහත්මිය කාබනික කෘෂිකර්මාන්තයේ විවිධ පැතිකඩයන් සඳහා දෙපාර්ශවයෙන්ම වැඩි අන්තර් ක්‍රියාකාරිත්වයක් සහ සහයෝගීතාවයක් ඉල්ලා සිටියාය

සියයට සියයක් කාබනික කෘෂිකර්‍මාන්තය වෙත මාරු වීමේ ශ්‍රී ලංකා රජයේ අවශ්‍යතාවය ඉස්මතු කළ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඉන්දියාවේ හැකියාවන් සහ එම ක්ෂේත්‍රය පිළිබඳ පළපුරුද්ද ශ්‍රී ලංකාවට වාසිදායක වනු ඇතැයි බලාපොරොත්තු පළ කළේය.

එවැනි අන්තර්ක්‍රියාකාරිත්වයක් සංවිධානය කිරීමේදී මහකොමසාරිස් කාර්යාලය විසින් ඉටු කරන ලද මූලික කාර්යභාරය අගය කළ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා, අනාගතයේදී තවත් මෙවැනි අන්තර් ක්‍රියාකාරකම් සංවිධානය කරන ලෙස මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටියහ.

සිකිම් කාබනික ගොවිතැන සංවර්ධන ඒජන්සියේ‘ (Sikkim Organic Farming Development Agency) ප්‍රධාන විධායක නිලධාරි එස්. අන්බලගන් (S. Anbalagan) 2016 දී සියයට සියයක් කාබනික කෘෂිකර්මාන්තය අනුගමනය කළ ලොව ප්‍රථම රාජ්‍යය ලෙස සිකිම් සිය සාර්ථක පරිවර්තනය කරා ගෙන යන කාබනික ගොවිතැන සඳහා පැලෑටි පෝෂක කළමනාකරණය පිළිබඳ උපාය මාර්ග බෙදා හදා ගත්තේය.

සැසිවාරය තුළ වාණිජමය අන්තර් ක්‍රියාකාරීත්වය සඳහා ලංකා වාණිජ මණ්ඩලය, ඉන්දියානු කර්මාන්ත සම්මේලනය (සීඅයිඅයි) සහ දෙරටම ජෛව පොහොර නිෂ්පාදන සමාගම් නියෝජනය කිරීම ඇතුළත් විය.

කාර්මික සහයෝගීතාවයේ (Technical Cooperation)  ප්‍රධානී සුෂිල් කුමාර් අවධාරණය කළේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බහු-ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ කෘෂිකර්මාන්තය අත්‍යවශ්‍ය අංගයක් බවයි. ජෛව වල් නාශක, ජෛව පළිබෝධනාශක, කොම්පොස්ට් පොහොසත් කිරීමේ තාක්‍ෂණය වැනි විශේෂිත ක්ෂේත්‍රයන්හි එවැනි අන්තර් ක්‍රියාකාරකම් පහසු කිරීමට සහ කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍රයන්හි දෙරට අතර ආයතනික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ හැකියාව සොයා බැලීමට ඔහු එකඟ විය.

www.indianewsnetwork.com ඇසුරිණි

Recommended For You

About the Author: Thusal