Voice of දියවන්නා : ‘ඇමතිතුමා අපි මේ සෙනසුරාදාටම හම්බන්තොටින් වැඩේ පටන් ගමු‘

සටහන – ගජබා නාගහවත්ත

සංචාරක කර්මාන්තය නැවත ගොඩනැංවීම සඳහා මූලික පියවරක් වශයෙන් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට කොවිඩ් එන්නත ලබාදීමට  වැඩි අවධානයක් යොමු කළ යුතු බව  සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා දැඩි සේ විශ්වාස කළේය. අමාත්‍යවරයා සිය යෝජනාව විටින් විට ආණ්ඩුවට ඉදිරිපත් කළේ ය. මේ අතර පාර්ලිමේන්තුවේදී නමල් රාජපක්ෂ ඇමතිවරයා හමුවූ අවස්ථාවක මේ සම්බන්ධයෙන් ඇමතිවරු දෙපළ අතර සාකච්ඡාවක් ද ඇතිවිය.

“එන්නත්කරන වැඩපිළිවෙල සාර්ථකව  ක්‍රියාත්මක කරන අතරේ අපි සංචාරක ව්‍යාපාරය  පටන් ගැනීම ගැනත් අවධානය යොමු කරලා තියෙනවා” ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කීවේය.

” ඔව් ඇමතිතුමා,  අවුරුද්දක විතර කාලයක් තිස්සේ අපේ මිනිස්සු තමන්ගේ ජීවනෝපාය අහිමි වුණත් දැඩි ඉවසීමකින් කටයුතු කරනවා.” නාමල් රාජපක්ෂ ඇමතිවරයා කීවේය .

” සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල යෙදිල ඉන්න සමහරකුට මේ වසංගත තත්ත්වයත් එක්ක කිසිම ආදායම් මාර්ගයක් නැති තත්ත්වයක් ඇතිවෙලා”

” අලුත් අවුරුද්ද ආරම්භ වෙනකොට මේ තත්වය වෙනස් වෙයි. පුළුවන් ඉක්මනට රටේ වැඩි ප්‍රමාණයකට එන්නත ලබා දෙන්න අපි උත්සාහ කරමු”

” රට විවෘත කරනවත් එක්ක සංචාරක ක්ෂේත්‍රය සක්‍රීය කරන්න නම් අපි දැන්ම ඉඳලා සංචාරක රැකියා වල යෙදිලා ඉන්න අයව ඒකට සූදානම් කරන්න ඕනේ. මුලින්ම අපි කරන්න ඕනේ සංචාරක ක්ෂේත්‍රයේ අයට  වැක්සින් එක දෙන එක”

දුරකථන ඇමතුමෙන් පසුව ” ඇමතිතුමා ඒ වැඩේ හරි. අපි මේ සෙනසුරාදාටම හම්බන්තොටින් වැඩේ පටන් ගමු  ”  නාමල් කීවේය.

ඒ අනුව ඉකුත් සෙනසුරාදා සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නියුක්තිකයන්  එන්නත්කරනය කිරීමේ වැඩපිළිවෙළ හම්බන්තොට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළේය. නාමල් රාජපක්ෂ ඇමතිවරයා ඇමතිවරයාත් ප්‍රසන්න රණතුංග ඇමතිවරයාත් එන්නත් කරන වැඩපිළිවෙල නිරීක්ෂණය කිරීම සඳහා එක් වූහ. එහිදී සෆාරි රියදුරන්, හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවල නියුක්තිකයන්, මාර්ගෝපදේශකයන්  ඇතුළු එන්නත ලබා ගැනීමට පැමිණ සිටි අය සමඟ ඇමතිවරු සාකච්ඡා කළහ.

” සංචාරක ව්‍යාපාරය නම්  මේ වෙද්දි සෑහෙන්න කඩා වැටිලා. ඇත්තටම අපි හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ ” බොහෝ දෙනෙක්  සිය අපහසුතාවය හෙළි කළේය.

” ඉදිරි මාස කිහිපය ඇතුළත සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නියුක්ත සියලු දෙනාටම අපි එන්නත ලබා දෙනවා ”  නාමල් රාජපක්ෂ ඇමතිවරයා එහිදී කීය.

” සියලු දෙනාට එන්නත දෙන්න ආණ්ඩුව මූලිකත්වය ලබා දීලා තියෙනවා. කොහොමහරි මේ වසර අවසාන වෙනකොට සංචාරක ව්‍යාපාරය නැවත යථා තත්ත්වයට පත් කරනවා . එතකොට මේ ප්‍රශ්න විසදෙයි” සංචාරක අමාත්‍යවරයාද එහිදී පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලන නායකයින් අතර සාකච්ඡාවක් ඉකුත් අඟහරුවාදා සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ඉන්දික අනුරුද්ධ, මිලාන් ජයතිලක, නිමල් ලන්සා, නලින් ප්‍රනාන්දු ,සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ , උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, නාලක ගොඩහේවා, කෝකිල හර්ශනි, සිසිර ජයකොඩි මන්ත්‍රීවරු එක්ව සිටියහ.

ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව වත්මන්  සමාජීය කාරණා පිළිබඳව පිරිස අතර සාකච්ඡා විය. වැඩි දෙනෙක්ගේ අවධානය යොමු වුණේ උද්ඝෝෂණය යෙදී සිටි පිරිසක් නිරෝධායනයට යොමු කිරීමේ සිද්ධියයි.

” මේ සිද්ධිය හිතාමතා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න කරපු දෙයක්. විසදුම් ලබා දීලා තියෙන දේවල් සම්බන්ධයෙන් මේ විදිහට උද්ඝෝෂණ කරන එක පිටිපස්සේ ඉන්නේ සමගි ජන බලවේගයයි, ජනතා විමුක්ති පෙරමුණයි” ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කීවේය.

 ”  ඒක ඇත්ත, මේ වගේ වසංගත තත්ත්වයක් පවතින වෙලාවක  උද්ඝෝෂණ කරන එක වැරදියි. එය හිතාමතා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න ඒ දේවල් කරන්නේ. ඒ වගේම නිරෝධායනය කරපු විදිහත් වැරදියි” නිමල් ලන්සා ඇමතිවරයා කීවේය.

” ඒක ඇත්ත. නිරෝධායනයට ගෙනයාම හරහා තවත් විරෝධතාවයකට වේදිකාව හැදුවා වගේ දෙයක් වුනේ” ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පෙරළා පිළිතුරු දුන්නේ ය.

” නිරෝධායනය ගැන වගකීම තියෙන්නෙ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට. දේශපාලඥයෝ විදිහට අපිට ඒකට මැදිහත් වෙන්න බැහැ ” සිසිර ජයකොඩි ඇමතිවරයා සාකච්ඡාවට එක්වෙමින් කීය.

” කොහොම හරි මේ වගේ සිද්ධි නැවත නැවත වෙන එක එක නතර වෙන්න ඕනේ. ඔව් වගේ දේවල් වලින් සිද්ධ වෙන්නේ ආණ්ඩුව අපහසුතාවයට පත්වෙන එක” ප්‍රසන්න රණතුංග මහතා කීය.

මෙහිදී පොහොර හිඟය සම්බන්ධයෙන්ද පිරිස් අතර සාකච්ඡාවක් ඇති විය.

” පොහොර හිඟයක් ඇති වෙන්න විදිහක් නැහැ. එක කන්නයක් වගා කරන්න පුළුවන් විදිහට පොහොර ගෙනත් තියෙන්නේ” මිලාන් ජයතිලක කීය.

“ලොකු ලොකු සමාගම් කාරයෝ ටික පොහොර හංගගෙන” කෝකිලා හර්ෂණී පිළිතුරු දුන්නේය.

“මේ වගේ දේවලින් සිද්ධවෙන්නේ ගොවි ජනතාව අපහසුතාවයට පත්වෙන එක” සිසිර ජයකොඩි පැවසීය.

” එහෙම වෙන එකක් නැහැ. ජනාධිපතිතුමා ඒකට පියවරක් ගන්න බව කිව්වා.” ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

“බස්නාහිර පළාත ජූලි පළවෙනිදා ට කලින් එන්නත්කරණය කරන්න ආණ්ඩුව සූදානම්. එන්නත් ගෙන්වීම , බෙදා හැරීම, පිලිවෙලට සිද්ධ වෙනවා” නිමල් ලන්සා ඇමතිවරයා කතාව වෙනතකට හරවමින් පැවසීය.

” ඔව් ඒ වුණත් සමහර පැති වල ප්‍රශ්න තියෙනවා.”

මිලාන් ජයතිලක කීය.

“සමහර තැන් වල ප්‍රශ්න හැදෙන්නේ නිලධාරීන් නිසා. තවත් සමහර තැන් වල මිනිස්සුන්ගෙ නොසැලකිල්ල නිසා. හැබැයි අපේ උත්සාහ කරන්න ඕනෙ ලෝකෙම වසංගතයක් තියෙන වෙලාවක ඉවසීමෙන් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න” සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරිය කීවේය.

” ඔව් ඒක ඇත්ත. තවමත් එන්නත් නොලැබුණු රටවල් තියෙනවා. ඒ වගේ තත්ත්වයකදි අපේ රට ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ” ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කීවේය.

ලංකාවේ සියලුම ගුවන්තොටුපල ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡාවක් ඉකුත් බදාදා හා කටුනායක ගුවන්තොටුපළේ දී පැවැත්විණි. ඒ සාකච්ඡාව ආරම්භ වීමට පෙර නම රාජපක්ෂ ප්‍රසන්න රණතුංග හා ඩී.වී.චානක අමාත්‍යවරු අතර කෙටි කතාබහක් ඇති විය.

” මේ වෙනකොට අත්‍යවශ්‍යය හැම ක්ෂේත්‍රයකම අයට එන්නත ලබා දෙන්න පටන් අරන්. පෙර පාසල් ගුරුවරු කියන්නේ ලොකු වැඩ කොටසක් කරන කට්ටියක්. පූර්ව ළමාවිය සංවර්ධනය කිරීමේ බැරෑරුම් කටයුත්ත තියෙන්නෙ ඒ අයගෙ අතේ. ඒ නිසා පෙර පාසල් ගුරුවරුන්ට එන්නත ලබා දීමටත් අපේ වැඩි අවදානයක් යොමු වෙන්න ඕන” ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කීවේය.

” පොඩි දරුවෝ ගෙවල් වල ම හිර වෙලා. පාසල් පටන් ගන්නවා වගේම පෙර පාසල් පටන් ගන්නත් ඕනේ.” නාමල් රාජපක්ෂ ඇමතිවරයා ද කීය.

” වසර අවසාන වෙනකොට රට විවෘත කරන තීරණය ආණ්ඩුව ඉන්නවා. අපිට පෙර පාසල් අංශය ගැනත් මෙතනදි හිතන්න වෙනවා” ඩී.වී. රාජ්‍ය ඇමතිවරයා ද කීය. නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා  ” මේ වෙනකොට රට පුරා බෙදා හැරලා තියෙන එන්නත්  ,එන්නත්කරණය කරන අවස්ථාවලදී  පෙර පාසල් ගුරුවරුන්ට ප්‍රමුඛතාවය දෙනවා කියලා ආණ්ඩුව කියලා තියෙන්නෙ  ” යැයි කිවේය. ඇමතිවරයා කී ආකාරයටම ඊට පසුදා සිටම රටපුරා පෙරපාසල් ගුරුවරු එන්නත් කරන කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ විය.

මේ දිනවල රජයේ වැඩි අවධානයක් යොමුවෙලා තිබෙන්නේ එන්නත් කරන වැඩපිළිවෙල වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහායි. කොරෝනා වසන්ගතය පරාජය කිරීමට එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම වැදගත් බව රජය විශ්වාස කරයි. රජය වගේම ජාත්‍යන්තර ප්‍රජාව ද මෙම තීරණය  අනුමත කර ඇත. මේ නිසා ආණ්ඩුවේ මැති ඇමතිවරු එකතු වන කොතනත් එන්නත්කරණය ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙයි. 

එන්නත්කරනය වගේම විදුලිබල අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ගෙනැවිත් තිබෙන විශ්වාසභංග යෝජනාව ද මෙහිදී අමාත්‍ය වරුන්ගේ  කතාබහට ලක් විණි.

” විශ්වාසභංග යෝජනාවේදී  ආණ්ඩුව ඇතුලෙන් මත්තේ දෙකක් තියෙනවා කියලා තමයි වැඩි දෙනෙක් හිතන්නේ” ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කීවේය.

මේ කතාවට සාවධානව ඇහුම්කන් දුන් නාමල් රාජපක්ෂ ඇමතිවරයා කීවේ “ආණ්ඩුව ඇතුළේ මත දෙකක් නැහැ. ආණ්ඩුව ඇතුළේ තියෙන මත එක තැනකට ගෙනත් එක මතයක ආණ්ඩුව පවත්වාගෙන යන එකයි කරන්නේ”  කීවේය.

” මෙතන සිද්ධවෙන්නේ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශවයක් ඒ අයගේ මතය ඉදිරිපත් කරපු එකයි” ප්‍රසන්න රණතුංග පෙරළා කීවේය .

” මේ විදිහේ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කෙරුවෙ ආණ්ඩුව දෙකඩ කරන්න පුළුවන් කියලා හිතලා”

” මේක විපක්ෂය සවියක් නැති විපක්ෂය කියන එක රටට දැකගන්න ලැබෙන අවස්ථාවක්. තුනෙන් දෙකේ බහුතරය කින්ම විශ්වාසභංග යෝජනාව පරාද වෙනවා”ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කීවේය.

ගුවන්තොටුපල ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ පැවති සාකච්ඡාවේදී අනාවරණය වූයේ කටුනායක ගුවන්තොටුපල මෙම වැඩපිළිවෙළෙහි නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන බවයි.

” ඒක හොඳයි. මොකක් හරි වැඩක් පටන් අරන් ඒ වැඩපිළිවෙළේ දොස් දකිනකොට එහෙම පිටින්ම වැඩපිළිවෙළ නතර කරල දාන්න trend එකක් දැන් තියෙන්නෙ. ගුවන්තොටුපල ඩිජිටල්කරණ වැඩේදි එහෙම වෙන්න බැහැ. වඩා පහසු කාර්යක්ෂම සේවාවක් සපයන්න කියලා අලූත් වැඩපිළිවෙලක් පටන් අරන් ඒක එතනම අතෑරලා දාලා පරණ පුරුදු විදියටම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන එක  තමයි අද ගොඩක් තැන්වල දකින්න තියෙන්නේ. ” නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා කීවේය.

” අපි මේකට සියලු ආයතන සම්බන්ධ කරලා action plan එකක් හදමු . එතකොට එහෙම දෙයක් වෙන්නෙ නැහැ” ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කීවේය.

” එක හොඳ යෝජනාවක්. කටුනායක ගුවන්තොටුපල ව්‍යාපෘතියේ අඩුපාඩු තියෙනවනම්  ඒවා වෙනස් කරමින් ඩිජිටල්කරණ වැඩපිළිවෙල සාර්ථක කරන්න ඕනේ.ඊට පස්සෙ සෑම ගුවන්තොටුපල කම මේ වැඩපිළිවෙළ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්න ඕනේ.” නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නැවතත් පැවසීය.

මේ අතර නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වැඩ අරඹා තිබිණි. ගැටලු හඳුනාගෙන විසඳුම් ලබාදීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක කළ අදහස් හා යෝජනා ලබා ගැනීමේ කමිටු වැඩපිළිවෙළේ ප්‍රගතිය සම්බන්ධයෙන් සමාලෝචනයක් ලෙස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී ඉකුත් දා පැවැත්විණි. ජීවනෝපාය කමිටුවට අදාල නියෝජිතයන් මෙම අවස්ථාවට කැඳවා තිබුණි. එහිදී  සිය ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ” ජීවනෝපාය කමිටුව මගින් හඳුනා ගත්ත යෝජනා අමාත්‍යංශයට එවන්න.” යනුවෙනි. ඒ සමගම මද සිනාවකින් නැවතත් පිරිස අමතමින්” යෝජනා අය වන්න කිව්ව පලියට මහා පරිමාණ ව්‍යාපෘති යෝජනා එවන්න එපා. මොකද, මම තමයි  මේ රටේ මුදල් නැති මුදල් ඇමති” කීවේය.

” මට පුළුවන් උපරිමයෙන් රට ගොඩ ගන්න කරන්න පුළුවන් දේ කරනවා. අපි මීට වැඩිය අමාරු අවස්ථා පහු කළා . ඒ නිසා මේ අවස්ථාව ජය ගන්න අපිට බැරි වෙන එකක් නැහැ” යි නැවතත් කී මුදල් අමාත්‍යවරයා කොරෝනා වසංගතය සමග අතරමඟ නතර වුණු ගැටලු හඳුනා ගැනීමේ කමිටු ක්‍රමවේදය නැවත ක්‍රියාත්මක කරන බව ද කීවේය.

මේ අතර රටේ වත්මන් තත්වය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් සමඟ සමග සාකච්ඡා කිරීමේ වැඩපිළිවෙළක් ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද මහතා ද ආරම්භ කර ඇත.

එම වැඩපිළිවෙළේ මූලික අදියරක් වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරු විසි දෙනකුගෙන් පමණ දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් ඉකුත් දිනෙක ජනාධිපතිවරයා හමුවිය.

එහිදී  වැඩි දෙනෙකු දෙනෙකුගේ අදහස් දැක්වූයේ පොහොර ප්‍රශ්නය, උද්ඝෝෂණ ව්‍යාපාරයේ  නිරත වූවන් නිරෝධායනය කිරීම, ආදී කාරණා නිසා ආණ්ඩුව අපහසුතාවයට පත්වන බවයි.

” අවශ්‍ය තරම් පොහොර මේ වෙනකොටත් රට ඇතුලෙ තියෙනවා . පොහොර සඟවා ගැනීම තමයි මෙතැනදී ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ. ආණ්ඩුවක් විදිහට අපි එකට ඒකට යම් පියවරක් ගන්න බලාපොරොත්තු වෙනවා”ජනාධිපතිතුමා කිවේය.

රට නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් හා පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති වරයාගේ වැඩි අවධානයක් යොමුවී ඇත. ” පුළුවන් ඉක්මනින් රට සම්පූර්ණයෙන්ම විවෘත කරනවා. පාසල් අධ්‍යාපනය ආරම්භ කරන්න ඕනේ. ටියුෂන් විශ්වවිද්‍යාල පටන් ගන්නවා. අතරමග නතර වුණු වැඩබිම් නැවත වැඩබිම් වෙන්න ඕනේ. මේකට වැඩි දෙනෙකුට වැඩිදෙනෙකුට එන්නත ලබා දෙන එකයි කරන්න තියෙන්නේ. අපි රජයක් විදිහට සාකච්ඡා පවත්වමින් මෙරටට අවශ්‍ය එන්නත් ගෙන්වීමට කටයුතු කරනවා. ජනතාවත් මේ වෙනකොට එන්නත ලබා ගැනීමට උනන්දු වෙනවා . ඒක හොඳ ප්‍රවනතාවයක්”  ජනාධිපතිවරයා කීවේය.

උද්ඝෝෂකයන් සම්බන්ධයෙන් සාකච්ඡා කරන අවස්ථාවේදී අවස්ථාවේ දී ඉදිරිපත්වූ කරුණු වලට ජනාධිපතිවරයා සාවධානව ඇහුම්කන් දුන්නේ ය. මිලාන් ජයතිලක  මන්ත්‍රීවරයා මෙහිදී ”  උද්ඝෝෂණකයින් නිරෝධායනය මධ්‍යස්ථානවලට ගෙනියනවා වෙනුවට  නිවෙස් නිරෝධනයට යොමු කරන්න තිබුණා. නිරෝධන මධ්‍යස්ථාන වලට යොමු කරපු එකෙන් ආණ්ඩුවට negative publicity එකක් ලැබුණේ. ගෙවල් වල ම නිරෝධායනයට යොමු කරා නං එහෙම වෙන්නේ නෑ. මෙයාට වැඩිකාලයක් ගෙවල් වල ඉන්න නිසා බොරු උද්ඝෝෂණත් නතර වෙනවා”  පසුපෙළ මන්ත්‍රීවරුන් සිනහ ගන්වමින් කීවේය.

Recommended For You

About the Author: Thusal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *