Voice of දියවන්නා BR: මුදල් ඇමැති බැසිල් – තානාපති හමුවේ සියලු රහස් හෙළි වෙයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් ඉකුත් සෙනසුරාදා අරලියගහ මන්දිරයට කැඳවා තිබුණි.  මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම කැඳවීම කර තිබුණු අතර එහිදී සංවර්ධන ව්‍යාපෘති හා දේශපාලන කරුණු කාරණා ගණනාවක්ම සාකච්ඡා විය.

මුදල් අමාත්‍ය ධූරයේ වගකීම් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ප්‍රධාන සංවිධායකවරයා වශයෙන්  පක්ෂ කටයුතු  ඉදිරියට ගෙන යාමටද එකසේ මූලිකත්වය දී කටයුතු කරන බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ඉදිරිපත් කළ අදහස් වලට සාවධානව ඇහුම්කන් දුන්නේය.

” පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් වශයෙන් දිවුරුම් දීමටත් ,මුදල් අමාත්‍යධුරය බාර ගැනීමටත් ඔබතුමා එකඟ වීම ගැන අපි සතුටුයි. 2005 ඉඳන් ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කළේ ඔබතුමා. රට අද තියෙන තත්ත්වයෙන් ගොඩ ගන්න ඔබතුමාට පුළුවන් කියලා අපි හැමදෙනාම විශ්වාස කරනවා ” පැමිණ සිටි බොහෝ දෙනා ඊට පක්ෂව අදහස් දැක්වීය.

මේ අතරතුර පළාත් සභා ඡන්දය ප්‍රමාදවීම, පළාත් සංවර්ධන කටයුතු ඇනහිටීම ආදී දේ නිසා ඒ ඒ ප්‍රදේශවල උද්ගතව ඇති ප්‍රශ්නද ඉදිරිපත් විය. මහජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට නොහැකි වීම, ජනතාවගෙන් එල්ල වන චෝදනාද මේ අතර විය.

ඕනෑම වැඩකට පෙර සූදානමක් ඇතිව පැමිණීම බැසිල් රාජපක්ෂ මහතාගේ  ක්‍රමයයි. මුදල් අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසුවද ඒ ආකාරයටම ක්‍රියාත්මක වුණු බැසිල් රාජපක්ෂ මහතා තමා යටතේ ඇති ආයතන වල ප්‍රධානීන් සහ සේවක සේවිකාවන් හමුවීමට මූලිකත්වය දුන්නේ ය. ගෙවුණු සඳුදා සහ අඟහරුවාදා දින දෙක ම වෙන් වුනේ ඒ සඳහායි. ආයතන ප්‍රධානින් ප්‍රධානීන්ට හා සේවක සේවිකාවන් හමු වී ඒ ඒ ආයතන වල වත්මන් තත්වය හා  පවතින තත්ත්වයෙන් ඉදිරියට ඒමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මේ අතර නව මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රජපක්ෂ මහතා පත් පත් වූ දින සිට මෙරට පිහිටි තානාපති කාර්යාලවලින් මුදල් අමාත්‍යවරයා හමුවීමට කැමැත්ත ප්‍රකාශ කළේය.

ඒ අනුව ගෙවුණු බදාදා දිනය වෙන්කර තිබුණේ තානාපතිවරු හමුවීම සඳහා යි. උදේ 10 සිට එදින හවස 05:00 දක්වා නොනවත්වා පැවති මෙම ද්විපාර්ශ්වීය සාකච්ඡා සඳහා රටවල් පහක තානාපතිවරු සහ රටවල් දෙකක මහකොමසාරිස්වරු පැමිණියහ.

මුදල් අමාත්‍යවරයා සුපුරුදු පරිදි මෙම හමුවීම් සඳහා යොදාගෙන තිබුණු වේලාවට වඩා පැයකට පමණ පෙර අමාත්‍යාංශයට පැමිණියේය්. එය බැසිල් රජපක්ෂ මහතාට අනන්‍ය වූ   ලක්ෂණයකි.

මෙම ද්විපාර්ශ්වීය සාකච්ඡා  දෙරට අතර සම්බන්ධතාවය වැඩි දියුණු කරන යෝජනා වලින් ඔබ්බට යාම විශේෂත්වයකි. නව මුදල් අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගත් බැසිල් රාජපක්ෂය රජපක්ෂ මහතාට රටේ ආර්ථිකය ගොඩ නැගීමට දිය හැකි උපරිම සහාය ලබාදෙන බව බොහෝ තානාපතිවරු ප්‍රකාශ කළහ. දෙරට අතර ද්විපාර්ෂික සාකච්ඡා වලින් එහාට යමින් රටේ සාමාන්‍ය තොරතුරු පවා සාකච්ඡා කිරීම විශේශත්වයක් විය.

සමහරක් තානාපතිවරු සමුගැනීමට සූදානම් වෙමින්” හිතුවට වඩා වෙලා ගියා” යැයි කීහ.

හරිත ආර්ථිකයක් බිහි කිරීම, පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධන වැඩපිළිවෙළ හා ඉන්ධන භාවිතය අවම කෙරෙන පරිසර හිතකාමී ප්‍රවාහන ක්ෂේත්‍රයක් බිහි කිරීම කෙරෙහි මූලිකත්වය දෙමින් සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන්  මෙහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තානාපතිවරු සමඟ පැහැදිලි කළේය.

හරිත ආර්ථිකයක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙනයන ක්‍රියාමාර්ග බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය සහ යුරෝපා සංගමයේ තානාපතිවරයා මෙහිදී අගය කළේය.

දේශීය ඉදිකිරීම් සමාගම් වල සහායෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ඉදිරියට ගෙන ගෙනයාම බ්‍රිතාන්‍ය තානාපතිවරිය ගේ පැසසුමට ලක් වූ අතරඑම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා බ්‍රිතාන්‍යයේ සහාය ලබාදෙන බවද පැවසුවාය.

කොරෝනා වසංගත තත්ත්වය තුළද ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 4.7කින් පවත්වාගෙන යාම ඉන්දීය මහ කොමසාරිස්වරිය අගය කළ අතර ඉදිරියේදී ආර්ථික වර්ධන වේගය 5.5දක්වා වර්ධනය කරගැනීම සඳහා මෙම වැඩපිළිවෙල වැඩ පිළිවෙළ ඔස්සේ ශ්‍රී ලංකාවට හැකිවන බව එහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.

චීන තානාපතිවරයා හා මුදල් අමාත්‍යවරයා අතර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡා වල දී මෙරට ජනතාවට අවශ්‍ය එන්නත් ලබාදෙමින් එන්නත් කරන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා  සහාය ලබාදීමටත්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා ආයෝජකයන් යොමු කිරීමටත්, ශ්‍රී ලංකාවේ ආර්ථික ය වර්ධනය කරගැනීමට සහාය ලබාදීමටත් එකග විය.

ජර්මානු තාක්ෂණික විද්‍යාල  පහසුකම් නංවමින් විදිමත් පරිපාලන ක්‍රමවේදයක් යටතේ මෙරට දරුවන්ට තාක්ෂණික අධ්‍යාපන පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ජර්මන් තානාපතිවරයා එකග විය.

LNG බලශක්ති ව්‍යාපෘතිය සඳහා ආයෝජන අවස්ථා උදා කරමින් ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය සුහදතාවය වර්ධනය කරගැනීම ට කටයුතු කරන බව ඇමරිකානු තානාපති වරයා ප්‍රකාශ කළේය.

එන්නත් කරන වැඩපිළිවෙලට  ඉදිරියටත් සහාය දක්වන බව රුසියානු තානාපතිවරයා ඉදිරියේදී එන්නත් නිෂ්පාදනය සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීමේ හැකියාවක් ඇති බවද මුදල් අමාත්‍යවරයා සමග පැවති ද්විපාර්ශ්වික සාකච්ඡා වල දී සඳහන් කළේය.

එදින දවස පුරා මෙම සාකච්ඡා පැවැත්වීම විශේෂත්වයකි.

මුදල් අමාත්‍යවරයා ලෙසත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සංවිධායකවරයා ලෙසත් බැසිල් රාජපක්ෂ මහතාගේ ඉදිරි වැඩපිළිවෙළ මේ වන විටත්  ආරම්භ වී තිබේ. දැනටමත් මුදල් අමාත්‍යවරයාගේ “දිනපොත”   වැඩ වලින් පිරි ගොස්ය .

Recommended For You

About the Author: Thusal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *