ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා තුනක් සහිත ආසාදිතයින් ප්‍රථම වරට ලංකාවෙන්

ලංකාව ඇතුළු මුළු ලෝකයේම අවධානයට ලක්ව ඇති ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ “විකෘතිතා” තුනක් සහිත ආසාදිතයින් ලොව පළමුවරට ශ්‍රී ලංකාවෙන් හඳුනා ගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා හෙළි කළේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයකදී ඒ බව හෙළිවු බව ආචාර්ය ජීවන්දර මහතා සඳහන් කරයි.

නව සොයා ගැනීම පිළිබද වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩි දුරටත් පැවසුවේ මෙවර විශ්ලේෂණ පර්යේෂණය සඳහා සාම්පල 88ක් භාවිත කළ බවත් ඉන් 84ක්ම ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් බවට හඳුනාගත් බවයි

“ශ්‍රී ලංකාව තුළ එම විකෘතිතා තුනම සහිත රෝගීන් හඳුනාගෙන තිබෙනවා. කොළඹ නගරය තුළ මේ විකෘතිතා තුනම ප්‍රමුඛත්වය ගෙන තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙවැනි තත්ත්වයක් ලොව හමුවී ඇත්තේ පළමුවරටයි. A 701S නම් ජාන විකෘතිය වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පමණයි. A 222V කියන විකෘතිය ලොව විවිධ රටවලින් හමුවෙනවා. එහි පැතිරීම බෝවීමේ හැකියාව වේගවත්. A 1078S නම් විකෘතිය මෙතෙක් හමුවී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් සහ මැලේසියාවෙන් පමණයි‘‘

Recommended For You

About the Author: Thusal