‘ඉන්දියාව ලොව ප්‍රථම’ DNA කෝවිඩ් එන්නත නිෂ්පාදනය කරයි

හදිසි භාවිතය සඳහා කොවිඩ් -19 ට එරෙහි ලොව ප්‍රථම ඩීඑන්ඒ එන්නත (DNA Covid vaccine) ඉන්දියාවේ ඖෂධ නියාමකවරයා විසින් අනුමත කර තිබේ.

එන්නත් නිපදවන කැඩිලා හෙල්ත්කෙයාර් (Cadila Healthcare) අධ්‍යයනයකට අනුව, මාත්‍රා තුනේ සයිකොව්-ඩී එන්නත ( ZyCoV-D vaccine) ලබා ගත් අයගෙන් 66% කගේම රෝග ලක්‍ෂණ මෙම ඩී.එන්.ඒ. එන්නත මගින් වළක්වා ඇත.

මීට පෙර ඩීඑන්ඒ එන්නත් සතුන් තුළ හොඳින් ක්‍රියාත්මක වූ නමුත් එය මිනිසුන් සම්බන්ධයෙන් අත්හලා බලා තිබුණේ නැත.

ඉන්දියාව මේ වන විටත් කලින් අනුමත කරන ලද එන්නත් වර්ග මිලියන 570 කට වඩා ලබා දී ඇත. (කොවිෂීල්ඩ්, කොවැක්සින් සහ ස්පුට්නික් වී)

වැඩිහිටියන්ගෙන් 13% ක් පමණ මුළුමනින්ම එන්නත ලබාගෙන ඇති අතර එන්නත්කරණය ආරම්භ කළ පසුගිය ජනවාරි මාසයේ සිට 47%කට අවම වශයෙන් එක් එන්නතක් මාත්‍රාවක් හෝ ලබාදී ඇත.

මධ්‍යස්ථාන 50 කට වැඩි ගණනක ස්වේච්ඡා සේවකයන් 28,000ක් සම්බන්ධ කර ගනිමින් ඉන්දියාවේ මෙතෙක් සිදු කළ විශාලතම එන්නත අත්හදා බැලීම සිදු කළ බව කැඩිලා හෙල්ත්කෙයාර් ආයතනය පැවසීය.

ඉන්දියාවේ තරුණයින් තුළ කොවිඩ් -19 එන්නතක් පරීක්‍ෂා කළ පළමු අවස්ථාව මෙය බව ද එම සමාගම කියා සිටී. අවුරුදු 12-18 වයස් කාණ්ඩයට අයත් පුද්ගලයින් 1,000 ක් ද මෙම අත්හදා බැලීම් සදහා එක්කර ගෙන ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් ඩී.එන්.ඒ. එන්නත අතිෂයින් ඵලදායී බව හදුනා ගෙන ඇත.

වෛරසයේ දෙවන මාරාන්තික උච්චතම අවස්ථාවෙහිදී සායනික අත්හදා බැලීම් වල ප්‍රධාන තුන්වන අදියර සිදු කරන ලදී. 

එන්නත නිපදවන සමාගම ප්‍රකාශ කරන්නේ මෙය විශේෂයෙන් බෝවන ඩෙල්ටා ප්‍රභේදය වන විකෘති වික්‍රියා වලට එරෙහිව කාර්යක්ෂමතාව නැවත තහවුරු කළ බවයි.

“එය හොද ශක්‍යතාවක් ලබා දෙන නිසා ඒ ගැන මම බෙහෙවින් සතුටු වෙනවා. මෙම එන්නත ක්‍රියාත්මක වුවහොත් එන්නත් ලබාදීමේ අනාගතය අතිෂය සරල විය හැකියි” යනුවෙන් සුප්‍රසිද්ධ වෛරස් විද්‍යාඥයෙකු වන මහාචාර්ය ෂාහිඩ් ජමීල් පැවසීය.

මෙම එන්නත ක්‍රියා කරන්නේ කෙසේද?

ඩීඑන්ඒ සහ ආර්එන්ඒ යනු ශරීරයේ ඉදිකිරීම් ද්‍රව්‍ය වේ. ඒවා දෙමව්පියන්ගෙන් දරුවන්ට සම්ප්‍රේෂණය වන ජානමය තොරතුරු ගෙන යන අණු ය. අනෙකුත් එන්නත් මෙන්ම ඩීඑන්ඒ එන්නත ද වරක් ලබා දීමෙන් සැබෑ වෛරසයට එරෙහිව සටන් කිරීමට ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට උගන්වයි. සමේ ස්ථර දෙකක් අතර එන්නත් මාත්‍රාව ලබා දීම සඳහා ජානමය තොරතුරු අඩංගු ප්ලාස්මිඩ් (plasmids) හෝ ඩීඑන්ඒ වල කුඩා මුදු භාවිතා කරයි.

ප්ලාස්මිඩ් සෛල වෙත තොරතුරු ගෙන යන අතර “ස්පයික් ප්‍රෝටීන් -spike protein ” සෑදීම සඳහා වෛරසය යොදා ගන්නා අතර එය මිනිස් සෛල තුළට ඇතුළු වේ.

බොහෝ කොවිඩ් -19 එන්නත් වැඩ කරන්නේ ස්පයික් ප්‍රෝටීන් කැබැල්ලක් සෑදීමට ශරීරයට උපදෙස් දීමෙන් වන අතර එමඟින් පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් ප්‍රතිදේහ නිපදවා එය වෛරසයට එරෙහිව සටන් කිරීමට උගන්වයි.

මෙම එන්නත වෙනස් වන්නේ කුමක් නිසාද?

මෙය කොවිඩ් -19 ට එරෙහි ලොව ප්‍රථම මිනිස් ඩීඑන්ඒ එන්නතයි -human DNA vaccine.

නිදසුනක් වශයෙන්, එක්සත් ජනපදයේ අනුමත කරන ලද ඩීඑන්ඒ එන්නත් ගණනාවක් තිබේ. උදාහරණයක් ලෙස අශ්වයින් සඳහා රෝග එන්නතක් සහ සුනඛයින් සඳහා වන සමේ පිළිකා එන්නත.

එන්නත්

කෙසේ වෙතත්, එක්සත් ජනපදයේ මානව සායනික අත්හදා බැලීම් වලදී විවිධ ඩීඑන්ඒ එන්නත් 160 කට වැඩි ප්‍රමාණයක් පරීක්‍ෂා කෙරේ. බොහෝමයක් දැනට පවතින පිළිකා වලට ප්‍රතිකාර කිරීම සඳහා කැපවී සිටින අතර එන්නත් වලින් තුනෙන් එකක්ම එච්අයිවී වලට ප්‍රතිකාර කිරීම සඳහා විය.

සයිකොව්-ඩී (ZyCov-D) යනු ඉන්දියාවේ ඉදිකටු රහිත (needle-free Covid-19 jab) ප්‍රථම කොවිඩ් -19 එන්නත ද වේ.

ඉවත දැමිය හැකි ඉඳිකටු රහිත ඉන්ජෙක්ටරයකින් එය පරිපාලනය කරන අතර එමඟින් තරලයේ පටු ප්‍රවාහයක් භාවිතා කර සමට විනිවිද ගොස් එන්නත් මාත්‍රාව නිසි පටක වලට ලබා දේ.

“ආසාදනයකට එරෙහිව ක්‍රියා කරන ඩීඑන්ඒ එන්නතක් සාර්ථක කර ගැනීම ලොකු දෙයක්. එය කොවිඩ්-19 වෛසරසයට එරෙහිව හොඳ ආරක්‍ෂාවක් ලබා දෙනවා නම් මෙය ඉන්දියාවට ආඩම්බරයක්” යැයි වෛරස් විද්‍යාඥවරියක වන ආචාර්ය ගගන්දීප් කාං පැවසුවාය.

ඩීඑන්ඒ එන්නතක ඇති වාසි මොනවාද?

විද්‍යාඥයන් පවසන්නේ ඩීඑන්ඒ එන්නත් සාපේක්ෂව ලාභ, ආරක්‍ෂිත සහ ස්ථායි බවයි.

ඒවා සෙල්සියස් අංශක -2 සිට 8 දක්වා ඉහළ උෂ්ණත්වවලදී ගබඩා කළ හැකිය.

කැඩිලා හෙල්ත්කෙයාර් කියා සිටින්නේ ඔවුන්ගේ එන්නත අවම වශයෙන් මාස තුනක්වත් සෙල්සියස් අංශක 25 ට “හොඳ ස්ථායිතාවයක් (good stability) පෙන්නුම් කර ඇති බවයි. මෙය එන්නත පහසුවෙන් ප්‍රවාහනය කර ගබඩා කිරීමට උපකාරී වේ.

ඩීඑන්ඒ එන්නතක ඇති අඩුපාඩු මොනවාද?

මිනිසුන්ගේ බෝවන රෝග සඳහා නිපදවූ ඩීඑන්ඒ එන්නත් අතීතයේදී අසාර්ථක විය.

“ගැටලුව නම් ඔවුන් සතුන් තුළ හොඳින් වැඩ කිරීමයි. නමුත් ඒවා මිනිසුන් තුළ සමාන ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර ආරක්‍ෂාවක් ලබා නොදේ” යනුවෙන් ආචාර්ය කැන්ග් පැවසීය.

ආචාර්ය කැන්ග්ට අනුව අභියෝගය වූයේ කල් පවත්නා ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ලබා දීම සඳහා ප්ලාස්මිඩ් ඩීඑන්ඒ මිනිස් සෛල තුළට තල්ලු කරන්නේ කෙසේද යන්නයි.

ලුසියානා ප්‍රාන්ත විශ්ව විද්‍යාල සෞඛ්‍ය විද්‍යා මධ්‍යස්ථානයේ වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ආචාර්ය ජෙරමි කමිල් ද එවැනිම අදහසක් ප්‍රකාශ කළේය.

“අතීතයේදී ප්ලාස්මිඩ් ඩීඑන්ඒ එන්නත් අත්හදා බලා ඇත. නමුත් ප්ලාස්මිඩ් ඩීඑන්ඒ මිනිස් සෛල වල න්‍යෂ්ටිය තුළට ගැනීම, විශේෂයෙන් වැඩිහිටියන් තුළ ඉතා අසීරු බව අපි දනිමු,” වෛද්‍ය කමිල් මට පැවසීය.

ෆයිසර් හෝ මොඩර්නා වැනි ප්‍රෝටීන සෑදීම සඳහා මැසෙන්ජර් ආර්එන්ඒ (messenger RNA) භාවිතා කරන එම්ආර්එන්ඒ එන්නත් (mRNA vaccines)- සාර්ථක වීමට සහ ඉහළ කාර්‍යක්‍ෂණයක් ලබා ගැනීමට සෛල න්‍යෂ්ටිය වෙත ළඟා වීමට අවශ්‍ය නොවන අතර දිගු කල් පවතින ප්‍රතිශක්තිකරණයක් ඇති කිරීමට ඉඩ ඇත.

අනෙක් අඩුපාඩුව නම් ඉන්දියාවේ භාවිතා කරන අනෙක් එන්නත් මාත්‍රා දෙකක් භාවිතා කරන නමුත් නව ඩී.එන්.ඒ එන්නත සඳහා මාත්‍රා තුනක් අවශ්‍ය වීමයි. එන්නත් නිෂ්පාදකයා පවසන්නේ එය මාත්‍රා දෙකක ඇගයීම සිදු කරන බවයි.

“එන්නත් සමාගමක් ඩී.එන්. ඒ එන්නතක් නිෂ්පාදනය කිරීම සදහා වූ දැවැන්ත අභියෝග ජයග්‍රහණය කිරීම ගැන මම සතුටු වන්නෙමි. නමුත් කාර්යක්ෂමතාව පිළිබඳ දත්ත ස්වාධීනව පරීක්‍ෂා කිරීම අත්‍යවශ්‍යයි,” වෛද්‍ය කමිල් පැවසීය.

බී.බී.සී වාර්තාවක් ඇසුරිණි.

Recommended For You

About the Author: Thusal