වසය අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා ‘එන්නත් කිරීමේ සතිය’ ප්‍රකාශයට පත් කරයි

වයස අවුරුදු 60 ට වැඩි එන්නත් නොකළ පුද්ගලයින් එන්නත් කිරීම සඳහා හෙට (23) සිට විශේෂ ‘එන්නත් කිරීමේ සතියක්’ රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

60 ට වැඩි 27,50,000 ක් වූ මුළු ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකට අවම වශයෙන් COVID-19 එන්නත මාත්‍රාවක්වත් ලැබී නැති බව ඔහු පැවසීය.

‘‘මෙම පුද්ගලයින් ඔවුන්ගේ පෞද්ගලික හේතුන් සහ වැරදි වැටහීම් කිහිපයක් හේතුවෙන් එන්නත ලබා ගෙන නැහැ. ලංකාවේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යාමට හේතුව මෙයයි.  මේ දක්වා මරණයට පත් වුණ කොවිඩ් – 19 ආසාදිතයින්ගෙන් වැඩි දෙනෙක් 60 ට වැඩි එන්නත් නොකළ පුද්ගලයින්. එනිසා ඉදිරි සතියේ ප්‍රධාන වශයෙන් කැප කෙරෙන්නේ රටේ 60 ට වැඩි වයස් මට්ටම් වලට එන්නත් ලබා දීම සඳහා යි. වැඩිහිටියන් රැකබලා ගන්නා පුද්ගලයින්ගෙන් ඉදිරි සතියේදී තවදුරටත් ප්‍රමාදයකින් තොරව එන්නත ලබා ගැනීමට ඔවුන් උනන්දු කරවන ලෙස‘ ද රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

මේ අතර, නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමේ තීරණය රඳා පවතින්නේ අගුළු දැමීමේ කාලය තුළ මිනිසුන් හැසිරෙන ආකාරය මත බව ද ඔහු පැවසීය.

Recommended For You

About the Author: Thusal