2021 A/L සහ ශිෂ්‍යත්ව විභාගයට අයදුම් කිරීමට තවත් කාලයක්

2021 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා මෙතෙක් අයදුම් නොකළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා, අයදුම් කිරීමේ කාලසීමාව සැප්තැම්බර් 15 දක්වා දීර්ඝ කර ඇති බව, විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස්වරයා මේ බව හෙළි කළේය.

Recommended For You

About the Author: Thusal