කෘෂිකෘමාන්තයේ ‘අවිධිමත් භාවිතයන් නිසා‘ සිදුවන හානිය ගැන ඔබ නොතකන පැත්ත

අප අවට ඇති සියළුම දේ පරිසරය ලෙස හැදින්වේ. පරිසරයේ මූලිකව වශයෙන් ජෛවීය දේශගුණික හා භෞමික වශයෙන් මූලික කොටස් තුනකින් සමන්විත වේ . පරිසය තුලින් මිනිසාට ප්‍රයෝජන රැසක් ලබාදෙන අතර. කෘෂික¾මාන්තය ඉන් එකක් ලෙස සැලකිය හැකිය.

කෘෂි බෝග වගා කිරිමේදී පරිසර තුල්‍යතාව බිද වැටෙන අවස්ථා ඇත. මිනිසා පරිසරයට ආත්මාර්ථය පිණිස ප්‍රමානය ඉක්මවා ප්‍රයෝජනයට ගැනීම හා වෙනස් කිරීම නිසා පරිසර දූෂණය ඇතිවේ. නොයෙකුත් කෘෂිකාර්මික කටයුතු නිසා ජලය, වාතය, පස දුෂණය වෙයි. මේ අනුව එක් එක් කෘෂිකාර්මික කටයුතු අහිතකර ලෙස පරිසරයට බලපාන්නේ පහත කරුණු නිසාය.

බිම් සැකසිම නිසියාකාරව සිදු නොකිරීම

බිම් සැකසීම නිසියාකාරව සිදු නොවීම නිසා පාංශු ඛාදනයට පස ලක්වේ වගාවන් ආරම්භ කිරීමට පෙර පස ආවරණය වන වැස්ම ඉවත් කිරිමෙන් ඇතිවන අයහපත් තත්වයන් යටතේ පාංශුඛාදනය සිදුවිය හැකිය. පස අධික ලෙස සියුම්ව කැට පොඩි කිරිම නිසා, භූමියට නොගැලපෙන උපකරණ භාවිතයෙන් පස පෙරලීම නිසා පාංශුඛාදනය සිදුවේ. ඊට අමතරව වගා කරන බෝගයට නොගැලපෙන ලෙස බිම් සකස් කිරීම නිසා පාංශුඛාදනය සිදුවේ.

නිදසුනක් ලෙස වී වගාව සදහා සකස් කරන ලද බිමක අඹ, කෙසෙල් වැනි බෝග වගා නොකල යුතුය.

අවිධිමත් ලෙස පළිබෝධනාශක භාවිතය

 කෘමි පළිබෝධ/ ශාඛ හා වල් පැලෑටි කෘෂිකාර්මික බෝග වල අස්වැන්න හීන  කිරීමට සමත් වේ. ඇතැම් විට එමගින් බෝග විනාශයද සිදුවිය හැකිය. එමෙන්ම කෘෂි බෝග වගාවට හිතකර පාංශු ජීවීන් ද විනාශ විය හැකිය. තවද පළිබෝධ නාශක වලට අනුවර්ථනය වූ පළිබෝධ පැතිරීම ද සිදුවේ.

පළිබෝධනාශක රසායනික ද්‍රව්‍ය යොදා බෝග ආහාරයට ගන්නා මී ගවයින් ඇනීමීයා රෝගය සෑදෙන අතර, මරණයට පවා පත්විය හැකිය. ගර්භනී එළදෙනුන් හට මෙම විෂ ශරීර ගත වූ විට  විරූපී   වසු පැටවුන් බිහිවීම සිදුවේ.

පළිබෝධනාශක සෝදා යෑමෙන් පාංශු ජලයට හා ජල ප්‍රභවයන්ට එකතු වීමෙන් ජල දූෂණය ඉහළ යෑම සිදුවේ.

පොහොර අනිසි ලෙස භාවිතය

දිනෙන් දින සීඝ්‍රයෙන් ඉහල යන ආහාර නිශ්පාදනය සදහා වගා කිරීමට සීමිත භූමියක්, උපරිම අස්වැන්නක් ලබා ගත යුතුය. එහිදී පසට විවිධ පෝෂක ලබා දී පසේ භෞතික, රසායනික, ජෛව්‍ය ලක්ෂණ සියල්ලම සිදුවේ.

පස තුළි ගලා යන නයිට්‍රේට්, පොස්පේට් හා සල්පේට් ද්‍රාවනය ගංගා, ඇළ, දොළ, වැව්, පොකුණු ආදී ජලාශ වලට එකතුවේ. එවිට පරිභොජනයට ගන්නා ජලය දූෂණයවේ. බීමට ගන්නා ජලයේ නයිට්ට්‍රේට් ලවණ වැඩිවීමෙන් මෙතෙමෝග්ලොබින්යා නැමැති රෝගය කුඩා ළමයින්ට වැළදේ. එමෙන්ම රසායනික පොහොර භාවිතය නිසා පසෙහි ජීවත්වන ක්ෂුද්‍ර ජීවීන් විනාශ වී භෞතික පරිසරයේ සමතුලිතතාවය බිද වැටීමට තුඩුදෙයි.

මෙලෙස අනිසි ලෙස පොහොර භාවිතය හානිකර එකක් ලෙස දැක්විය හැකිය.

අක්‍රමවත් අපද්‍රව්‍ය බැහැරලීම

ගොවිපොළ ආශ්‍රිතව ඇතිවන අපද්‍රව්‍ය ක්‍රමවත්ව බැහැර කල යුතුය. එසේ නොමැති වීමෙන් විශාල පාරිසරක හානියක් ඇතිවේ. සත්ව මළ, මූත්‍රා  හා බෝග අවශේෂ නිසි සැකසීමකින් යුතුව ඉවත දැමිය යුතුවය.

නුසුදුසු ජල කළමනාකරණය

කෘෂික¾මාන්තයේ දී බෝගයට සැපයියයුතු ජල ප්‍රමාණයට වඩා ජල සැපයීමේදී වගාබිමේ ඇති කෘෂි රසායිනික ද්‍රව්‍ය සේදී ගොස් ජල ප්‍රභවයන්ට එකතුවීමෙන් ජලය දූෂණය වේ. මෙමගින් දැඩිලෙස පාංශුඛාදනය සිදුවන අතර, එමගින් ඉවත්වන පස් අංශු ගංගා, වැව් අමුණු වල තැන්පත් වීම නිසා ජලාශ ද ගොඩවීම සිදුවේ.

පාලනය නොකල දුර්වල ජල වහනයන් තුළ ගොහොරු තත්වයන් පවා නි¾මාණය කළ හැකිය. මෙලෙස භූමියට නොගැලපෙන නුසුදුසු ජල කළමනාකරණයන් තිබීම නිසා පරිසර දූෂණයට ලක්වේ.                 

වගා රටාවන් නිවැරදි ලෙස අනුගමනය නොකිරීම

නිසි පරිදි වගා රටාවන් අනුගමනය නොකිරීම නිසා විශාල පරිසර හානියක් සිදුවේ. වගා රටාවන් නොකඩවා බෝග වගාවන් නිසා පස නිසරුවීමක් සිදුවේ. පාංශුඛාදන ගැටලු වලට තිරසාර විසදුමක් ලෙස කෘෂිකාර්මික බිම් සදහා වූ තාක්ෂණික ක්‍රමය හදුන්වා දෙනු ලැබීය. මෙම ක්‍රමය තුළින් පස, වෘක්ෂලතා ස්වභාවික සම්පත් සංරක්ෂණය කරන අතරම බල ශක්තිය, යන්ත්‍රෝපකරණ, පළිබෝධ නාශක, රසායනික ද්‍රව්‍ය යෙදීම ද අපේක්ෂා කෙරේ.

බහු බෝග වගාව, කාලීන කෘෂි බෝග  බහු වාර්ෂික බෝග ඒකාබද්ධ කොට වගා කිරීම, කොළ පොහොර යෙදීම, රනිළ බෝග, ඉපනැලි  ආස්තරණ  භාවිතය, දේශීය බෝග යොදා ගැනීම, කෘමි හානි  රෝග වලට   ප්‍රතිරෝධී ප්‍රදේශයට ගැළපෙන බෝග වගාව පැවැත්වීම සිදු කිරීම මෙම ක්‍රමයේ විශේෂත්වයයි.

පරිසර හානියකින් තොරව විවිධ ක්‍රම යොදා ගෙන තිරසාර කෘෂිකර්මාන්තය දියුණු කර ගත හැකිය.

සටහන – කසුන්කා සජානි සිල්වා,

කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රීපාලි මණ්ඩපය.

Recommended For You

About the Author: Thusal