රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීම භාර දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් තමන් ඉල්ලා අස් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (13) ලිඛිතව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා වෙත දැනුම් දුන්නේය.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දීමට පියවර ගනු ඇත.

ඒ මහතා 09 වන පාර්ලිමේන්තුවේ මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය.

Recommended For You

About the Author: Thusal