NMRA දත්ත මැකීම: පෞද්ගලික දුරකථන සමාගමේ සල්ලි බලේට නීතිය නැමුවාද ?

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධිකාරියක් ලෙස 2015 දී පාර්ලිමේන්තු පනතක් මගින් පිහිටවූ ඖෂධ නියාමන අධිකාරිය මෙරට ජනතාවගේ හෙට දවස තීරණය කරන ප්‍රධාන මධ්‍යස්ථානයකි. ඖෂධ නියෝජිත ආයතන, ඖෂධ ලියාපදිංචි කිරීමේ දත්ත, ඖෂධ නිෂ්පාදනාගාර පිළිබඳ දත්ත සහ ඖෂධ සාම්පල් පරීක්ෂා කිරීමේ බලපත්‍ර පිළිබඳ තොරතුරු මේ අධිකාරියේ දත්ත ගබඩාව සතුව පවතියි.

සංවේදී දත්ත පද්ධතියක් වන මෙහි දත්ත මැකීගොස් ඇති බව පසුගිය සමයේදී මාධ්‍ය ඔස්සේ අනාවරණය කෙරුණි. මේ දත්ත  පද්ධතිය හැසිරවීම සම්බන්ධයෙන් වගකීම පැවරී තිබෙන්නේ විදෙස් රටක විශාල කොටස් හිමිකාරිත්වයක් ඇති දුරකථන සමාගමකටය. මොවුන්ට මෙවැනි කටයුත්තක් සිදුකිරීමට අනුබලය ලැබුණේ මුදල් වාසි බලාපොරොත්තුවෙන්ද යන්න ගැන සැකයක් මතුව තිබේ.

අදාළ සමාගම මීට පෙරද සිය පාරිභෝගිකයන්ගේ දුරකථන අංක තවත් පිරිස් වලට අලෙවි කළ බවට චෝදනා ලබා ඇත. මේ පිරිස රාජ්‍ය නිලධාරීන්ගේද සහයෝගය ලබාගත් බවට වූ තොරතුරු තහවුරු වෙමින් පවතින අතර  අදාළ රාජ්‍ය නිලධාරීන් ගැන සොයාබලා අනාවරණය කිරීමට රජයට බලකර සිටීමට ජනතා බලවේගයක්ද නිර්මාණය වීමේ අවශ්‍යතාව දැඩිව මතුවෙමින් ඇත. තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ හෝ මේ ගැන විමසීමට ජනතාව පෙරමුණ ගතයුතුය.

Recommended For You

About the Author: Thusal