ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියට ඉන්දියාවෙන් දොස් මුරයක්

ගෝලීය ප්‍රවර්‍ධනය හා මානව හිමිකම් සුරැකීම සඳහා ඉන්දියාවේ ප්‍රවේශය පදනම් වී ඇත්තේ ප්‍රබෝධමත් ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස එහි අත්දැකීම් මත ය.

මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය ( United Nations High Commissioner for Human Rights) විසින් ජම්මු සහ කාශ්මීරයේ සන්ධීය බල ප්‍රදේශ (Union Territories) දේශසීමාව පිළිබඳව සිදු කළ ප්‍රකාශය පිළිබඳව ඉන්දියාව දොම්නස පළ කර තිබේ.

img

“ගෝලීය ප්‍රවර්ධනය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ඉන්දියාවේ ප්‍රවේශය පදනම් වී ඇත්තේ බහුජන සමාජයක් සහ විචිත්‍රවත් ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස තමන්ගේම අත්දැකීම් මත ය.”එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්වරියගේ ප්‍රකාශය “අනවශ්‍ය” බවත් “භූමියේ යථාර්ථය” නිරූපණය නොවන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්(බටහිර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු භාර ) රීනාත් සන්දු(Reenat Sandhu) මහත්මිය පැවසීය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය සැප්තැම්බර් මස 13 වනදා සිට ඔක්තෝම්බර් මස 8 වනදා දක්වා පැවැත්වේ. මහ කොමසාරිස්වරියගේ වාචික යාවත්කාලීන කිරීම පිළිබඳ අඟහරුවාදා පැවති විවාදයට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්(බටහිර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු භාර ) රීනාත් සන්දු මහත්මිය මේ බව පැවසීය.

මානව හිමිකම් ප්‍රවර්‍ධනය සහ ආරක්‍ෂාව වඩාත් හොඳින් සිදු කළ යුත්තේ සංවාද, සාකච්ඡාවෙන් සහ සහයෝගීතාවයන්, තාක්‍ෂණික ආධාර සැපයීමෙන් සහ ශක්‍යතාව වර්‍ධනය කිරීම තුළින් බව ඇය සඳහන් කර සිටියාය.

“රාජ්‍යයක ස්වෛරීභාවය සහ රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවී මානව හිමිකම් ආරක්ෂා කිරීමෙන් ඕනෑම අඩුපාඩුවක් විනිවිදභාවයෙන් යුක්තව හා අපක්ෂපාතීව විසඳා ගත හැකිය.” ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ලේකම්(බටහිර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු භාර ) පැවසීය.

මානව හිමිකම් සුරැකීම හා ගෝලීය ප්‍රවර්ධනය සඳහා ඉන්දියානු ප්‍රවේශය පදනම් වී ඇත්තේ බහුජන සමාජයක් හා විචිත්‍රවත් ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස සිය ස්වයං අත්දැකීම් මත පදනම්ව බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය


ඇෆ්ගනිස්ථානයේ වත්මන් තත්ත්වය පිළිබඳව තවදුරටත් දැඩි කනස්සල්ලට පත්වන බව සඳහන් කරමින් ඇය පැවසුවේ. ජාත්‍යන්තර ප්‍රජාවගේ ප්‍රවේශය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 2593 යෝජනාව මඟින් ඇෆ්ගනිස්ථානය වෙත මඟ පෙන්විය යුතු බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවේ ප්‍රතිරූපය ඉස්මතු කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයෙහි උසස් නිලධාරින් පැවසුවේ “ඇෆ්ගනිස්ථානය හැර යාමට කැමති අයට ආරක්ෂිතව ගමන් කිරීමට සහ මානුෂීය ආධාර සඳහා බාධාවකින් තොරව ප්‍රවේශය ලබා දීමට ඉඩ සලසමින්, කාන්තාවන්, ළමයින් සහ සුළු ජාතීන් ඇතුළු මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වැදගත්කම නැවත තහවුරු කළ යුතු බවයි.සාමයෙන් හා ගෞරවයෙන් ජීවත් වීමට ඇෆ්ගනිස්ථානයේ ජනතාව සමඟ ජාත්‍යන්තර ප්‍රජාව නැගී සිටිය යුතුයි යන්න ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයෙහි උසස් නිලධාරියා පැවසීය.

2022-24 කාල සීමාව සඳහා ඉන්දියාව මානව හිමිකම් කවුන්සිලයට නැවත තේරී පත් වීමට උත්සාහ කරන බවත් ඒ සඳහා, “ඉන්දියාව එක්සත් ජාතීන්ගේ අනෙකුත් සාමාජික රටවල අඛණ්ඩ සහයෝගය බලාපොරොත්තු වන බවත්” ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්(බටහිර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු භාර ) පැවසීය.

indianewsnetwork

Recommended For You

About the Author: Thusal