විශේෂ හෙළිදරව්ව: කොවිඩ්-19 බවට රූපාන්තරණය වුණේ ‘සෘතුමය ඉන්ෆ්ලූඑන්සාවද ?

ලොක්  ඩවුන්   කිරීම්වලට   පදනම්   කරගනු   ලබන්නේ   දෝෂ   සහිත   PRC  පරීක්‍ෂණ  හා වසංගත රෝග විද්‍යාත්මක ආකෘතීන් ද?

ධරණි රාජසිංහම් සේනානායක

කොවිඩ් -19  ලොව  තවත්  බොහෝ  ප‍්‍රදේශ  වල  දේශපාලන  වම  සහ  දකුණ  අතර  වෙනස්කම්  නො  පැහැදිලි තත්වයට  පත්  කර  තිබේ.  සාමාන්‍යයෙන්  අයිතිවාසිකම්  හා  නිදහස  ගැන  උනන්දුවක්  දක්වන  සංවිධාන, සංගම්  හා  දේශපාලන  පක්‍ෂ-  ඒවා  කම්කරු,  සුළුතර  ජන  කොටස්,  කාන්තා  සංවිධාන  විය  හැකිය.

දැන් වඩ  වඩාත්  සංචරණ  සීමාවන්,  මිලිටරීකරණය  කරන  ලද  සෞඛ්‍ය  පද්ධතීන්,  බලාත්කාරි  එන්නත්කරණය සමාජය  හා  ආර්ථිකය  ඩිජිටලීකරණයට  ලක්  කිරීම  හා  දැඩි  සුපරික්ෂාකාරිත්වය  වඩ  වඩාත්   ඕනෑකමින් භාර  ගනිමින්  ඒවා  ප‍්‍රවර්ධනය  කිරීමට  ක‍්‍රියා  කරමින්  සිටිති.  යාම්-ඊම්  හා  රැස්වීම්  සඳහා  පුරවැසියන්ට පවතින   නිදහස   හා   එන්නත්   ලබා   නො   ගෙන   සිටීමට   පවතින   අයිතිය   සීමා   කිරීම,   මානව   හිමිකම් වෙනුවෙන්   පෙනී   සිටින   කණ්ඩායම්   විසින්   සාමුහික   යහපත   සැලසීමේ   හා   වසංගතය   වැළැක්වීමේ නාමයෙන්  වඩ  වඩාත්  උත්කර්ෂයට  නංවනු  ලබයි.  ඒ  අතර  එන්නත්වල  වාසි  හා  අවාසි  සම්බන්ධයෙන් තොරතුරු  දැන  ගැනීම  සඳහා  ඇති  අවශ්‍යතාව  හා  එන්නත්  ලබා  ගන්නා  පුද්ගලයන්ට  එන්නත  පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඇති අයිතිය නො සලකා හරිනු ලබයි.

මීට  සමගාමී  ව,  කොවිඩ් -19  පිළිබඳ  කතාන්දරය  සමාජ  හා  ආර්ථික  සාධාරණත්වය  වෙනුවෙන්  පෙනී  සිටින සංවිධාන  හා  ව්‍යාපාර  භේදභින්න  කොට  කැබලිවලට  වෙන්  කර,  ඒ  සමාන  ව  ම  ප‍්‍රජාගණයන්  හා  පවුල් තුළ  ද  භේදයන්  නිර්මාණය  කර  තිබේ.  පුද්ගලයන්  ප‍්‍රසිද්ධ  ස්ථානවලට  ඇතුල්  වීමේදී  එන්නත්  සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය  කිරීමේ පියවර ක‍්‍රියාත්මක  කිරීමට රජය සූදානම් වීමත් සමඟ, එන්නත් ලබා නොගත්  පුද්ගලයෝ  දඩමීමන්  බවට  පත්  කරනු  ලබත්.  ස්වාධීන  ව  සිතීමට  ඇති  නිදහස  ක‍්‍රියාත්මක  කරන,  ඒ අනූව  එන්නත  ලබා  නො  ගැනීමට  තීරණය  කරන  පුද්ගලයෝ  සමාජ-විරෝධි  කොවිඩ්-ප‍්‍රතික්ෂේප  කරන්නන් හා  ට‍්‍රම්ප්වාදි  න්‍යාය  පත‍්‍රය  සමඟ  එක්  ව  කුමන්ත‍්‍රණය  කරන  නව-කොන්සර්වටිව්වාදීන්  බවට  චෝදනා ලබති!

ඇත්ත  වසයෙන්  ම  කොවිඞ්  බලපෑමේ  කොටසක්  ලෙස  වම  සහ  දකුණ  ඔවුනොවුන්ගේ  ස්ථාන  හුවමාරු කර  ගෙන  තිබෙන  බව  පෙනෙන්නට  තිබේ:  වෘත්තීය  සමිති  හා  සුළුතර  ජන  කොටස්වල  අයිතීන්  වෙනුවෙන් පෙනී  සිටින  කණ්ඩායම්  හා  සංවිධාන  ‘කොවිඞ්  සිව්  වැනි  රැල්ලක්’  ගැන  කථා  කරන  අතර  ඇඳිරි  නීති, ලොක්  ඩවුන්  කිරීම්  හා  මේ  වතාවේ  සිරභාරයේ  තැබීම්  පවා  නිර්දේශ  කරති.  ශ‍්‍රී  ලංකාව  තුළ  මෝසම් සෘතුමය  ඉන්ෆ්ලූඑන්සාව  හා  ඩෙංගු  රෝගීන්ගේ  වාර්ෂික  ව  සිදුවන  ඉහළ  යාම  මධ්‍යයේ  කොවිඞ්  රෝගීන් හා  ඒ  පිළිබඳ  කතාන්දර  මඟින්  ඉහත  කී  රෝගීන් පිළිබඳ  තොරතුරු  අභිරහස් අන්දමින් විස්ථාපනය  කරනු ලැබ තිබෙන බව පෙනෙන්නට තිබේ.

අප‍්‍රමාණවත්  කොවිඩ්-19  ජාතික  දත්ත  මත  පදනම්  ව  දැඩි  සුපරික්ෂාකාරිත්වයක්  ක‍්‍රියාත්මක  කරමින්  ද කොවිඩ් -19   ඇඳිරිනීති   ‘උල්ලංඝනය’   කරන්නන්   අත්අඩංගුවට   ගනිමින්   ද   මිලිටරීකරණය   කරන   ලද ඇඳිරිනීතී  පනවමින් රට  ලොක්ඩවුන් කිරිමේ  අනිතික  පියවරයන්  ගත්  රජය  මේ  වසරේ  සීමාවන්  ලිහිල්කර තිබීම  ගැන  විරුද්ධ  පක්ෂය  රජය  හෙළා  දකියි.  ඔවුන්  ප‍්‍රකාශ  කර  සිටින්නේ  රට  තුළ  දැවැන්ත  කොවිඩ් -19 අර්බුදයක්   පවතින   බවය.   රුදුරු   ආර්ථික   විපාක   නො   තකා   මේ   අවස්ථාවේ   ජනතාවගේ   විරෝධතා ව්‍යාපාර  හා  අයිතීන්  සීමා  කිරීමට  වඩා  දැඩි  පියවර  නො  ගැනීම  හා  ලොක්ඩවුන්  ක‍්‍රියාත්මක  නො  කිරීම සම්බන්ධයෙන්  රාජපක්ෂ  පාලන  තන්ත‍්‍රයට  චෝදනා  එල්ල  කෙරේ.  ඔක්ස්ෆැම්  (දිළිඳුකම  හා  අසාධාරණය අවසන්  කිරීම  සඳහා  අසමානතාවට  එරෙහි  ව  සටන්  කරන  ජනතාවගේ  ගෝලීය  ව්‍යාපාරය)  සංවිධානය පවසන  අන්දමට  පැතිර  යමින්  පවතින්නේ  ‘සාගිනි  වයිරසය’,  දිළිඳුකම  හා  පුළුල්  වන  අසමානතාව  යි. බාධාවකින් තොර ව රුපියලේ අගය පහත වැටීම සමඟ මේ සියල්ල බැඳී පවති.

ගෝලීය  හා  දේශීය  වසයෙන්  යළි  වතාවක්  අනන්‍යතා  දේශපාලනය  සමාජීය  හා  ආර්ථික  සාධාරණත්වය පිළිබඳ  ප‍්‍රශ්නවල  දී  වාසි  ලබා  ගන්නා  බව  පෙනෙන්නට  තිබේ.  දැනට  මත්  ණය  උගුලට  හසු  වී  ඇති ආර්ථිකය,   ලොක්   ඩවුන්   කිරීම්   හේතු   කොට   ගෙන   බිමට   ම  සමතලා   වී   යනු  ඇතැයි   ද  වඩ   වඩාත් දිළිඳුභාවය,   අසමානත්වය,   සමාජ   නො   සන්සුන්තාව,   දේශපාලන   අස්ථායිතාව   හා   රෝග   පැතිරීමේ අනාරක්ෂිත භාවය නිර්මාණය කරනු  ඇතැයි ද රජය කනස්සල්ලට  පත් ව සිටියි. උත්ප‍්‍රාසාත්මක ව,  ඥාති සංග‍්‍රහයට  හා  සියල්ල  මිලිටරීකරණය  කිරීමට  ලේ  නෑකමක්  තිබෙන  රාජපක්ෂ  සහෝදරයන්ගේ  පාලනතන්ත‍්‍රය  හිටිවන  ම  අතිශයින්  ලිබරල්  හා  නිදහසට  ඇල්ම  දක්වන්නවුන්  සේ  පෙනෙන්නට  තිබේ!  රජය ඇඳිරි   නීතිය   පැනවීමට   අසමත්   වූ   තැන්   පටන්,   ආදියෙහි   සිට   වාමාංශිකයෙකු   වන   ජනතා   විමුක්ති පෙරමුණේ  අනුර  කුමාර  දිසානායක  තමන්ගේ  ම  යහපත  සඳහා  තමන්  ම  ‘ලොක්ඩවුන්’  තත්වයකට  යටත් වන  ලෙස   පුරවැසියන්ට   උපදෙස්   දෙන   තරම්   දුර  ගොස්   තිබේ-   ඒ   අසාමාන්‍ය   ලෙස,   ලෝක   සෞඛ්‍ය සංවිධානයේ වෙස්මුහුණු  ලා ගත් විශේෂඥයන්ට හා එයට  සම්බන්ධිත කොවිඩ් එන්නත ලබා ගන්නා ලෙස ඇරයුම් කරන විශාල ඖෂධ සමාගම්වලට සිය වහල්භාවය ප‍්‍රදර්ශනය කරමිනි!

කැපී  පෙනෙන  අයුරින්  රජය  හා  විරුද්ධ  පක්ෂය  සමාන  ව  ම  සියලූ  පැහැ  ගත්  දේශපාලඥයන්  ලෝක සෞඛ්‍ය  සංවිධානයේ  ගෝලීය  එන්නත්  කැරොල්  කරත්තයට  පැන  ගැනීමට  එක්සත්  වී  තිබේ.  පළමුව එන්නත්  කෙතරම්  කාර්ය  සාධක  ද  එසේ  නැත  හොත්  ආරක්ෂිත  ද  ඇත්තෙන්  ම  එන්නත්  අවශ්‍ය  ද  යන්න සම්බන්ධයෙන්  පර්යේෂණයක්  පැවැත්වීමෙන්  තොර  ව,  මොවුහු  තමන්  ඡන්දදායකයන්  රැක  බලා  ගන්නා බව  පෙන්නුම්  කිරීමට  මෙසේ  කටයුතු  කරන  අතර,  එන්නත  ලබා  ගන්නා  ලෙස  ඡුන්දදායකයන්ගෙන්  බල කර  ඉල්ලා  සිටිති-  මෙය  සුපුරුදු  පරිදි    ඡන්ද  රැස්  කර  ගැනීමේ  දේශපාලනය  ද?  කොවිඩ් -19  සංඛ්‍යා  හා දත්තවල  නිරවද්‍ය   භාවය  පිළිබඳ   ප‍්‍රශ්නය   ද   රටට   අදාළ   නිශ්චිත   දත්ත  හා   සාක්ෂි   මත   පදනම්   වූ ප‍්‍රතිපත්ති  සම්පාදනයක  අවශ්‍යතාව  ද  අවාසනාවකට  මෙන්  දේශපාලනීකරණය  වී  ඇති  අතර  එනිසා අවිශද ව පවති.

ඉන්ෆ්ලූඑන්සා   රෝගීන්  පිළිබඳ   සිද්ධීන්  අභිරහස්   අන්දමින්  අතුරුදහන්  වී  තිබෙන  නමුදු,  ඒ  අතරතුර කොවිඩ් -19  රෝගීන්ගේ  සංඛ්‍යා  විශාල  පරිමාණයෙන්  ඉහළ  ගොස්  තිබේ.  කිසිවෙකුත්  කවර  හෝ  ක‍්‍රමානුකූල ආකාරයකට  කොවිඩ් -19  දත්තවල  හා  සංඛ්‍යාවල  නිරවද්‍ය  භාවය  ගැන  ප‍්‍රශ්න  නො  කරයි.  කෙසේ  වෙතත් කොවිඩ් -19   මේ   වසරේ   ඉන්ෆ්ලූඑන්සාව   සමඟ   ස්ථාන   මාරු   කර   ගෙන   තිබේද,   කොවිඩ් -19   මඟින් ඉන්ෆ්ලූඑන්සාව  විස්ථාපනය  කර  තිබේ  ද  යන  ප‍්‍රශ්න  පවතී?  පීසීආර්  පරීක්ෂණ  ව්‍යාජ  ධනාත්මක  ප‍්‍රතිඵල විශාල  වසයෙන්  නිකුත්  කරන  අතර,  ඉන්ෆ්ලූඑන්සා  හා  කොවිඩ් -19  රෝගීන්  හා  මරණ  වෙන්  කර  හඳුනා ගැනීමට  නො  හැකි  වී  තිබේ.  මේ  සන්දර්භය  තුළ  කොවිඩ් -19  සංඛ්‍යා  නිරවද්‍ය  ද  යන්න  නිශ්චිත ව  ගැනීම  වැදගත්  වේ.  සියල්ලට  පසු  එක්සත්  ජනපදයේ  රෝග  පාලනය  සඳහා  වන  මධ්‍යස්ථානය  (Centre for Disease Control) දැනට  පවතින  පීසීආර්  පරීක්ෂණ  යන්ත‍්‍රවලින්  ඉවත්  වනු  ඇත.  ඒ  නිශ්චිතවම  ඒවා ඉන්ෆ්ලූඑන්සාව හා කොවිඩ් -19 පටලැවීමේ විභවතාවකින් යුක්ත වීම නිසා ය.

ගිය   වසරේ   මාර්තු   මාසයේ   ඊනියා   වසංගතය   ආරම්භ   වූ   තැන්   පටන්   ලෝක   සෞඛ්‍ය   සංවිධානය නිරන්තරයෙන්  සෞඛ්‍ය  පද්ධතිය  මිලිටරීකරණය  කිරිම  හා  පුරවැසියන්  දැඩි  සුපරික්ෂාකාරිත්වයට  ලක් කිරිම  ප‍්‍රවර්ධනය  කළේ  ය.  එය  සිදු  කරන  ලද්දේ  රජයේ  වෛද්‍ය  නිලධාරීන්ගේ  සංගමය,  ශ‍්‍රී  ලංකා  වෛද්‍ය සංගමය,  ජාතික  වෛද්‍යවරුන්ගේ  සංගමය  බඳු  මනා  අරමුදල්  සැපයුමකින්  යුතු  ජාතික  වෛද්‍යවරුන්ගේ සංවිධාන   කීපයක්   සමඟ   ඇති   කර   ගනු   ලැබූ   රහසිගත   එකඟතාවක්   තුළිනි.   කොවිඩ් -19   තොරතුරු වසංගතය  හා  පරස්පර  විරෝධී  පණිවුඩ  එන්නත්  ලබා  ගැනීමේ  ප‍්‍රශ්නය  මත  බොහෝ  පවුල්  තුළ  භේදකාරී තත්වයක් නිර්මාණය කර තිබේ.

ෆ‍්‍රන්ස   ඵෙතිහාසික   ෆොකොල්ට්   ”ජෛව-දේශපාලනය”   යනුවෙන්   ද   දේශපාලන   දර්ශනවාදියෙකු   වන ජෝර්ජියෝ  අගම්බෙන්  ”සාමාන්‍ය  රීතියට  පටහැනි  පාලනය”  යනුවෙන්  ද  හැඳින්වූ  දෙය  මහජන  ක්ෂේත‍්‍රය යටත්  කර  ගෙන  තිබේ.  ලෝක  සෞඛ්‍ය  සංවිධානයේ  ගෝලීය  වසංගත  භීතිය  රජයන  අතර,  වීදි  ජනශුන්‍ය ව  පවති.  එහෙත්  බිය  පිළිබඳ  මානසික  ව්‍යාධිය  පැතිර  වීමට  ගිලන්  රථවල  සයිරන්  නලා  හඬ  මොර  දෙයි. එසේ   වුවත්,   කුතුහලය   දනවන   අයුරින්   ජාතික   ස්වාධිපත්‍ය   නො   වැදගත්   වූවක්   සේ   සලකන   බව පෙනෙන්නට   තිබේ.   පුරවැසියෝ   කොවිඞ්-19   කණ්ඩායම්   චින්තනයේත්   දැඩි   සුපරික්ෂාකාරිත්වයේත්, තොරතුරු  වසංගතයේත්  ජාන  ව්‍යූහ  විපර්යාසයේත්  එන්නත්කරණයේත්  යටත්  වැසියන්  බවට  පත්  කරනු ලැබ  තිබේ.  සියල්ලෝ  ම  මතු  වී  ගෙන  එන  ගෝලීය  පාලන  ව්‍යාපෘතියකට  අවශෝෂණය  කර  ගනු  ලැබ තිබේ.

පුරවැසියන් කොවිඩ් –19 යේ යටත්වැසියන් බවට පත් කෙරේ?

සැම  කෙනෙක්  ම,  එනම්,  ඊනියා  නායකයන්  ද  රජය  හා  ඒකාබද්ධ  විපක්ෂය  ද  පුරවැසියන්  හා  ඔවුන් දුෂ්කර  අරගළ  තුළින්  දිනා  ගෙන  තිබෙන  අයිතීන්  තමන්ට  ම  දැන්  තර්ජනයක්  වී  ඇතැයි  යන්න  ගැන එකඟත්වයකට  පැමිණ  ඇති  බව  පෙනෙන්නට  තිබේ:  ජනතාව  නැත  හොත්  ශ‍්‍රමික  ජනයා  තමන්  ව  ම ආරක්ෂා  වීම  අවශ්‍ය  අතර  තමන්  ව  ම    ‘ලොක්  අප්’  හෝ  ‘ලොක්  ඩවුන්’  කර  ගත  යුතුව  තිබේ.  මින් අදහස්  වන්නේ  මාක්ස්  වරෙක  පැවසූ  පරිදි,  ”ඔවුන්ට  තමන්  ව  ම  නියෝජනය  කළ  නො  හැකි  ය,  ඔවුන් නියෝජනය  කරවා  ගත  යුතු  ව  තිබේ”  යන්න  ද?  අවශ්‍ය  තොරතුරු  සපයන  ලද  කල්හි  පවා  සාමාන්‍ය

ජනතාවට  තතු  දැන  තීරණයන්  ගත  නො  හැකි  ය,  එසේ  නැත්නම්  ඔවුන්ගේ  ම  ඉහළ  ම  අභිලාෂය  විය යුත්තේ  කුමක්  ද  යන්න  තීරණය  කළ  නො  හැකි  ය?  ඒ  සමඟ  ම  දත්ත  හෝ  ලෝක  සෞඛ්‍ය  සංවිධානයේ වසංගත  කතාන්දරය  ප‍්‍රශ්න  කරන  හා  ඒවා  ගැන  නැවත  විමසා  බලන්නන්ට  දක්ෂිණාංශිකයන්,  ප‍්‍රතිගාමීන්, නව-කොන්සර්වටිව්වාදීන්  නැත  හොත්  ධනේශ්වරයේ  කුඩුකේඩු  ගැහැණුන්  ලෙස  චෝදනා  කරනු  ලබයි. මොවුන්  වයිරසය  පළමුවෙන්  ම  ඉලක්ක  කර  ගන්නා  වැඩ  කරන  ජනතාවගේ  ඉරණම  ගැන  සැලකිල්ලක් නො  දක්වන්නේ  ය  යි  ද  චෝදනා  කෙරේ. 

අප  අතරින්  විද්‍යාව,  ව්‍යවහාර  ඥානය  හා  නිදහසේ  හා  ගැඹුරින් හුස්ම  ගැනීමේ  අවශ්‍යතාව  සම්බන්ධ  පුරාණ  යෝගී  ඥානය  අගය  කරන්නන්ට  ද  දත්ත  පරීක්ෂා  කරන්නන් හා  සමහර  විට  දත්ත  මඟින්  මෙහෙයවනු  ලබන  සාක්ෂි  මත  පදනම්  වූ  ප‍්‍රතිපත්තියක්  සඳහා  අපේක්ෂා රහිත  ව  නො  නවත්වා  පරිශ‍්‍රම  දරන්නන්ට  ද  ලිබරල්වාදීන්,  සුළුතර  ජන  කොටස්වල  අයිතීන්  සඳහා  පෙනී සිටින්නන්,  කම්කරු  සමිති  ක‍්‍රියාකාරීන්  හා  වාමාංශිකයන්  විසින්  ප‍්‍රජාව  තුළ  වයිරසය  පැතිරවීමට  දිරි ගන්වන  එසේ  නැති  නම්  අපගේ  ම  ආර්ථික  ස්ව-අභිලාෂයන්  ගැන  පමණක්  උනන්දු  වන  පුද්ගලයන්  ලෙස චෝදනා  කරනු  ලබයි.  කෙසේ  වෙතත්,  OXFAM  (ගෝලීය  දිළිඳුකම   පිටුදැකීමට  යොමු  වූ  සංවිධාන) වාර්තාව   සඳහන්   කරන   පරිදි,   ”සාගිනි   වයිරසය”   හා   අනෙකුත්   සමාජ   විද්‍යාඥයන්   ලෝක   සෞඛ්‍ය සංවිධානයේ  කොවිඩ් -19  සම්බන්ධිත  නිර්දේශිත  ලොක්  ඩවුන්  ප‍්‍රතිපත්තිය  සාමාන්‍ය  ජනයා  හා  දෛනික වැටුප් උපයන්නන් අතර දිළිඳුකම,  සාගතය, සාගින්න හා මන්දපෝෂණය  ජනිත කරනවා පමණක් නො  ව, මේ  කාලය  තුළ  හා  දීර්ඝ  කාලීන  ව  ගෝලිය  දකුණෙහි  කොවිඞ්-19  වසංගතයෙන්  මිය  යනවාට  වැඩි සංඛ්‍යාවක්  එම  තත්වය  හේතු  කොට  ගෙන  මිය  යනු  ඇත.  සමස්ත  කොවිඞ්-19  සංසිද්ධිය  ම  ගෝලීය ඛේදවාචකයක්   හා   මානව   වර්ගයාට   එරෙහි   දැවැන්ත   පරිමාණ   අපරාධයක්   නො   වූයේ   නම්,   එය දෝෂයන්ගෙන් පිරි හාස්‍යය දනවන නාට්‍යයක් වන්නට තිබිණි.

මේ  ලිපිය  මේ  මොහොතේ  ශ‍්‍රී  ලංකාව  තුළ  කොවිඞ්-19  වසංගත  කතාන්දරය  හා  ලොක්  ඩවුන්  කිරීම්වලට පදනම්   වී   ඇති   දත්ත   හා   වසංගත   රෝග   ආකෘතීන්   විශ්ලේෂණය   කිරිමට   උත්සාහ   දරන්නේ   මේ සන්දර්භය    තුළ    ය.    මේ    විශ්ලේෂණය    පසුගිය    වසර    සඳහා    (2020)    ජන    හා    සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන්  දැනට  ලබා  ගත  හැකි  ව  තිබෙන  දත්ත  විභාග  කිරීමක්  මත  පදනම්  වෙයි.  රෝගයේ බරපතළකම   හා   යෝග්‍ය   ප‍්‍රතිපත්තිමය   ප‍්‍රතිචාර   දැක්වීමට   දැනට   භාවිතා   කරනු   ලබන   රෝගී   මරණ අනුපාතිකයට  වඩා  මේ  තාක්  දුරට  නිවැරදි  මිනුම  වන  ආසාදිත  මරණ  අනුපාතිකය  නිර්ණය  කිරිමේ  දී  ද රෝගයක් පිළිබඳ ඵෙතිහාසික හා සන්දර්භමය විශ්ලේෂණයක් අවශ්‍ය වෙයි.

පසුගිය  වසර  එක  හමාර  තිස්සේ  දේශිය  වසයෙන්  මෙන්  ම  ගෝලීය  සන්දර්භයක්  තුළ,  රෝගීන්  හා  මරණ සංඛ්‍යාව  පිළිබඳ  ආකූලකාරී,  පරස්පර  විරෝධි  පණිවුඩ  රැගත්  තොරතුරු  වසංගතයක්  ද  එන්නත්  හා වයිරස  බලපත‍්‍ර  යුද්ධය  හා  භූ  දේශපාලනය  ද  අඛණ්ඩ  ව  ජාන  ව්‍යූහ  විපර්යාසයන්ට  ලක්  වන  වයිරස ප‍්‍රභේද  –  ඇල්ෆා,  බීටා,  ගැමා,  ඩෙල්ටා,  ධන,  සෘණ,  වර්ගායිත  ප‍්‍රභේදවල  සිට  එප්සිලෝන්,  ශිටා,  තීටා, මෙගා  දක්වා  පිළිබඳ  කතාන්දර  සමඟ  කොවිඩ් වසංගතය  විකාසනය  වෙමින්  තිබෙන  අතර,  මේ  ලිපිය වමේ,  දකුණේ  දේශපාලනය  හා  අනන්‍යතා  දේශපාලනය  පසෙකට  ලා  කොවිඩ් -19  දත්ත  ඒවා  නිපදවන  හා ආකෘති  ගන්වනු  ලබන  විධික‍්‍රම  ශ‍්‍රී  ලංකාවේ  සන්දර්භය  හා  රටට  සුවිශේෂි  දත්ත  පදනම්  කර  ගනිමින් විභාග කරයි.

පීසීආර් පරීක්ෂණ, ව්‍යාජ ධනාත්මක ප‍්‍රතිඵල පෙන්වන සංඛ්‍යා ක‍්‍රීඩාව හා දත්ත වංචාව

කොරෝනා  වයිරස්  පරීක්ෂණ  සඳහා  ඒවා  ”රන්  මිනුම”  ලෙස  ප‍්‍රචාරණය  කරනු  ලැබුවේ  නමුදු,  එක්සත් ජනපදයේ සීඩීසී (රෝග  පාලන  මධ්‍යස්ථානය)  ආයතනය  ගෝලීය  වසයෙන්  පෘථූල  ලෙස  යොදා  ගනු  ලබන වර්තමාන  කොවිඩ් -19  පීසීආර්  පරීක්ෂණ  සම්බන්ධයෙන්  ලබා  දී  තිබූ  හදිසි  අවස්ථාවන්  සඳහා  භාවිතා කිරිමට දී  තිබු  අවසරය  අහෝසි කර තිබේ. සීඩීසී ආයතනය මේ වසර  අවසන් වන විට  වර්තමාන පීසීආර් පරීක්ෂණ  නතර  කර  දැමීමට  නියමිත  ය.  එකී  පරීක්ෂණ  ඉන්ෆ්ලූඑන්සා  හා  කොවිඩ් -19  රෝගීන්  අතර වෙනස  හඳුනා  ගැනීමට  ප‍්‍රමාණවත්  මටිටමක  නො  පැවතීම  ඊට  හේතුව  යි.  වැඩි  දුර  තොරතුරු  සඳහා පහත සඳහන් වෙබ් අඩවියට පිවිසෙන්න.

https://www.cdc.gov/csels/dls/locs/2021/07-21-2021-lab-alert-changes CDC RT-PCR SARS-COV-2 Testing1.html

ශ‍්‍රී ලංකාව දැනට බහුල සෙම්ප‍්‍රතිශ්‍යාව, ඉන්ෆ්ලූඑන්සාව හා ඩෙංගු යන රෝග වැළඳුණු රෝගීන්ගේ තියුණු ඉහළ  යාමක්  පෙන්නුම්  කරයි.  නිවර්තනීය  කලාපයට  අයත්  රටවල්  මෝසම්  සෘතුව  තුළ  වාර්ෂික  ව  මෙම රෝග   වලින්   දැඩි   ව   පීඩා   විඳියි.   කෙසේ   වෙතත්,   ඉන්ෆ්ලූඑන්සා   රෝගීන්   හා   මරණ   කොවිඞ්-19 රෝගීන්ගෙන්  හා  මරණවලින්  විස්ථාපනය  වීම  හේතු  කොට  ගෙන  අතුරුදහන්  වී  තිබෙන  බව  පෙනෙන්නට තිබේ.  පීසීආර්  පරීක්ෂණවලට  ෆ්ලූඑන්සාව  හා  කොවිඞ්-19  වෙන්  කර  හඳුනා  ගත  නො  හැකි  වීම  හේතු කොට ගෙන  සංඛ්‍යා  ලේඛන  හා  දත්ත  තුළ  කොවිඞ්-19  රෝගීන්  හා  මරණ  සංඛ්‍යාව  විශාල  පරිමාණයෙන් ඉහළ  ගොස්  තිබේ.  දැනට  භාවිතයේ  පවතින  පීසීආර්  පරීක්ෂණවලින්  ඉවත්  වන  බවට  එක්සත්  ජනපදයේ රෝග  පාලන  මධ්‍යස්ථානය  :ක්‍ෘක්‍*  ගෙන  තිබෙන  තීරණය  ඉතා  වැදගත්  වෙයි.  මක්  නිසා  ද  යත්,  ශ‍්‍රී ලංකාව   තුළ   ඊනියා   කොවිඞ්-19   රෝගීන්ගෙන්   බොහොමයක්   මේ   කාලය   තුළ   සෘතුමය   ෆ්ලූඑන්සාවට ගොදුරු වූවන් බව පෙනෙන්නට තිබෙන හෙයිනි.

මෙය  දැනට  ක‍්‍රියාත්මක  කෙරෙන,  සමාජීය  හා  ආර්ථික  වසයෙන්  හානිකර  පළාත්  අතර  ගමනාගමනය  සීමා කිරීම්  හා  රාත‍්‍රි  කාලයේ  ඇඳිරි  නීතිය  පැනවීම  පදනම්  කර  ගනු  ලබන  දත්ත  හා  වසංගත  විද්‍යාත්මක ආකෘතීන්  ගැන  සැලකිය  යුතු  ප‍්‍රශ්න  මතු  කරයි.  මේ  ප‍්‍රශ්න  මතු  කරන්නේ  ජනතාව  තුළ  සිදු  කරනු  ලබන පීසීආර්   පරීක්ෂණ   කෙරෙන්   ලබා   ගන්නා   වර්තමාන   රෝගී   මරණ   අනුපාතිකයන්   හා   වසංගත   රෝග විද්‍යාත්මක  ආකෘතීන්  ජනමාධ්‍ය  තුළ  දිනපතා  වාර්තා  කරනු  ලබන  තත්වයක්  තුළ  ය.  දැනට  ලොව  පුරා භාවිත  කෙරෙන  පීසීආර්  පරීක්ෂණ  මඟින්  විශේෂයෙන්   ම  මෝසම්  ෆ්ලූඑන්සාව  පැතිරෙන  සෘතුවෙහි  පසු වන  නිවර්තනීය  ආසියානු  රටවල්  තුළ,  ෆ්ලූඑන්සා  හා  කොවිඩ් -19  රෝගින්  වෙන්  කොට  හඳුනා  ගත  නො හැකි නම්, වැදගැම්මකට නැති පීසීආර් පරීක්ෂණ දත්ත හා නිවැරදි නො  වන රෝගී මරණ අනුපාතිකයන් හා  වසංගත  රෝග  විද්‍යාත්මක  ආකෘතීන්  නිපදවනු  ලබමින්  තිබෙන්නේ  ගමනාගමනයට  එරෙහි  සීමා  හා ඇඳිරිනීති පැනවීමට හා රට ප‍්‍රබල ලෙස ලොක් ඩවුන් කර තැබීමට දැයි යන ප‍්‍රශ්න පැන නඟියි?

කොරෝනා  වයිරස  අංශූන්  හා  ඒවායේ  ප‍්‍රමාණය  විශාලිත  කිරීමට  හා  හඳුනා  ගැනීමට  භාවිත  කරනු  ලබන විවිධ පීසීආර් හෝ චක‍්‍රීය ප‍්‍රමාණිකරණ අනුපාතිකයන්ගේ  (Cycle Threshold rates) ප‍්‍රයෝජනය සම්බන්ධිත ව පැන නැඟී ඇති රෝග  විනිශ්චයාත්මක සාවද්‍යතාව පිළිබඳ ව දැඩි අවධානයක් යොමු වීම හේතු කොටගෙන  එක්සත්  ජනපදයේ  රෝග  පාලන  මධ්‍යස්ථානය  දැනට  භාවිතයේ  පවතින  පීසීආර්  පරීක්ෂණ  ක‍්‍රමය මේ  වසරේ  අත්  හරිනු  ඇත.  මේ  පරීක්ෂණවල  ප‍්‍රතිඵලයක්  ලෙස  විශාල  දෝෂ  සහිත  ප‍්‍රතිඵල  නිකුත් කෙරෙන  අතර  විශේෂයෙන්  ම  දැනට  ප‍්‍රචලිත  ව  පවත්නා  ඉන්ෆ්ලූඑන්සා  සමය  තුළ  ව්‍යාජ  ධනාත්මක ප‍්‍රතිඵල  විශාල  කොට  දක්වනු  ලබයි.  කොවිඩ් -19  වයිරසීය  අනුක‍්‍රමය  හඳුනා  ගැනීමට  යොදා  ගනු  ලබන විශාලිත   කිරිමේ   චක‍්‍රීය   ප‍්‍රමාණීකරණ   අනුපාතිකය   යෝග්‍ය   පරිදි   හා   විනිවිද   භාවයෙන්   යුතුව   (එනම් පුද්ගලයාගේ  පිසීආර්  පරීක්ෂණ  වාර්තාව  තුළ  පෙන්නුම්  කරනු  ලබන  පරිදි)  භාවිත  නො  කළ  හොත් කොවිඩ් -19  ප‍්‍රතිඵල  සාවද්‍ය  විය  හැකිය.  ශ‍්‍රී  ලංකාවේ  රසායනාගාර  තුළ  චක‍්‍රීය  ප‍්‍රමාණීකරණ  චක‍්‍ර  30ට  වැඩි වාර  ගණනක්  යොදා  ගනු  ලබන  බවට  වාර්තා  පවතී.  නිර්දේශිත  චක‍්‍රීය  ප‍්‍රමාණීකරණ  පීසීආර්  පරීක්ෂණ වාර   ගණන   26   ඉක්මවා   ගිය   හොත්   ව්‍යාජ   ධනාත්මක   ප‍්‍රතිඵල   ලබා   දීමට   නැඹුරු   වන   අතර,   එහි ප‍්‍රතිඵලයක්  ලෙස  සෘතුමය  ඉන්ෆ්ලූඑන්සාවට  ලක්  වී  සිටින  පුද්ගලයන්  කොවිඩ් -19  රෝගීන්  ලෙස  රෝග විනිශ්චය  කෙරෙනු  ඇත!  මේ  කාලය  තුළ  ඉන්ෆ්ලූඑන්සාව  හා  ඒ  සමාන  රෝග  ලක්ෂණ  පෙන්නුම්  කරන ඩෙංගු  රෝගය  හේතු  කොට  ගෙන  රෝගී  වන  පුද්ගලයන්  හා  මරණ  සංඛ්‍යාව  කොවිඩ් -19  රෝගීන්  හා මරණ සංඛ්‍යාවලට ඇතුළත් කරන බව පෙනෙන්නට තිබේ.

2014 දී ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශයට පත් කළ සංඛ්‍යා ලේඛනවලට අනුව ශ‍්‍රී ලංකාව තුළ සිදු වී ඇති මුළු මරණ සංඛ්‍යාවෙන් ඉන්ෆ්ලූඑන්සාව හා නියුමෝනියාව නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව 7,292ක් (5.7%)   විය.  වයස්   අනුව   සකසන   ලද   මරණ   අනුපාතිකය   ජනගහනයෙන්   100,000කට   35ග8කි. සංසන්දනාත්මක අරමුණු සඳහා එය සැලකිල්ලට ගැනීම වැදගත් ය.

චක‍්‍රීය  ප‍්‍රමාණීකරණ  අනුපාතිකයන්  26  -29  ට  වඩා  අඩු  හෝ  වැඩි  මට්ටමක  දී  සිදු  කරනු  ලබන  පීසීආර් පරීක්ෂණ  වැදගැම්මක්  නැති  දත්ත  උත්පාදනය  කරයි.  ඇත්ත වසයෙන් ම, කිසි යම් පුද්ගලයෙකුට රෝග ලක්ෂණ  තිබේ  නම්,  නිරවද්‍ය  පීසීආර්  පරීක්ෂණයකින්  ධනාත්මක  ප‍්‍රතිඵල  පෙන්නුම්  කරයි  නම්,   එම පුද්ගලයා කොවිඩ්-19  ආසාදිතයෙකු ය යි කිව හැකි  ව තිබේ. ඊළඟට, එය සෘතුමය ඉන්ෆ්ලූඑන්සාවෙන්  හා ඩෙංගු  රෝගයෙන්  වෙන්කොට  හඳුනා  ගත  යුතුව  තිබේ.  හුදෙක්ම  පීසීආර්  පරීක්ෂණයෙන්  ධනාත්මක ප‍්‍රතිඵල  පෙන්වූ  පමණින්  එම  පුද්ගලයාට  රෝගය  වැළඳී  ඇති  බවක්  අදහස්  නො  කෙරේ. 

ඊට  අතිරේකව, පීසීආර්  පරීක්ෂණයකින්  සිදු  කෙරෙන  කොවිඩ්-19  පිළිබඳ  රෝග  විනිශ්චය  යම්  පුද්ගලයෙකුගේ  විශාලනය කිරීමේ  චක‍්‍රයන්  (Cycles  of  magnification) ඔහුගේ/  ඇයගේ  රසායනාගාර  වාර්තාවන්  තුළ  නිශ්චිත වසයෙන්   නියම   කරනු   ලැබ   නො   තිබුණේ   නම්,   එනිසා   රෝග   ලක්ෂණවලින්   තොර   පුද්ගලයන් සම්බන්ධයෙන්  ව්‍යාජ  ධනාත්මක  ප‍්‍රතිඵල  නිකුත්  කිරීමේ  ඉහළ  ශක්‍යතාවක්  පවතී.  මෙහි  ප‍්‍රතිඵලයක්  ලෙස කොවිඩ් -19  රෝගින්ගේ  සංඛ්‍යා  අතිශයෝක්තියට  නංවනු  ලැබ  තිබේ. 

එක්සත්  ජනපදයේ  රෝග  පාලන මධ්‍යස්ථානය  මේ  වසරින්  පසු  එය  පීසීආර්  පරීක්ෂණ  ඉවත්  කර  ගැනීමේ  අවශ්‍යතාවය  ෆෙඩරල්  ඖෂධ ඒජන්සියට  නිවේදනය  කළේ  එනිසා  ය.  හදිසි  තත්වයක  දී  භාවිත  කිරීමට  බලය  දී  තිබුණු  මුල්  කාලීන පීසීආර්  පරීක්ෂණ  ගෝලීය  මට්ටමින්  පුළුල්  ලෙස  භාවිත  කරනු  ලැබී  ය.  ඒවායින්  කොරෝනා  වයිරසය ආසාදනයන් පමණක් සොයා ගැනීමට හැකිකම තිබීම ඊට හේතුව විය. අනෙක් අතට සමහර වඩා නවතම කොරෝනා  වයිරස  පරීක්ෂණ  මඟින්  දැන්  එකවිට  ම  රෝගියා  ඉන්ෆ්ලූඑන්සාව  සම්බන්ධයෙන්  ධනාත්මක ප‍්‍රතිඵල  පෙන්නුම්  කරන්නේද  යන  වගත්  පරික්ෂා  කළ  හැකි  ය.  එහෙත්  රෝග  පාලන  මධ්‍යස්ථානයේ  2020 පෙබරවාරි  මාසයේ  හඳුන්වා  දුන්  පීසීආර්  පරීක්ෂණයට  ඇත්තේ  කොවිඞ්-19  ආසාදනය  වීමක්  පිළිබඳ සලකුණු සොයා ගැනීමේ හැකියාව පමණි.

කෙසේ  වෙතත්,  සෘතුමය  ඉන්ෆ්ලූඑන්සාව  ව්‍යාකූලත්වයට  තුඩු  දෙන  කරුණක්  ලෙස  සැලකීමෙන්  තොරව,2021  අගෝස්තු  10  වැනි  දා  පැවැත්වුණු  ලෝක  සෞඛ්‍ය  සංවිධානයේ  විශේෂඥ  කමිටුව  විසින්  පීසීආර් පරීක්ෂණ  දත්ත  ගෙන  හැර  දක්වන  ලදි.  එය  එළඹෙන  මාස  තුළ  කොවිඞ්-19  මරණ  පිළිබඳ  බිය  දනවන පුරෝකථනයන්,  ප‍්‍රස්තාර  හා  සිතියම්  ද  ඉදිරිපත්  කළේ  ය.  මේ  ආකෘතීන්  පදනම්  වී  තිබුණේ  පීසීආර් පරීක්ෂණ   ප‍්‍රතිඵල   රෝගී   මරණ   අනුපාතිකයන්   හා   මොනෑෂ්   විශ්ව   විද්‍යාලය   හා   ලෝක   සෞඛ්‍ය සංවිධානයේ  ආසියානු  කාර්යාලය  මඟින්  උත්පාදනය  කරනු  ලැබූ  ඊට  සම්බන්ධිත  වසංගත  රෝග  විද්‍යා ආකෘතීන්  මත  ය.  ශ‍්‍රී  ලංකාව  තුළ  රාත‍්‍රි  කාලයේ  ලොක්  ඩවුන්  කිරීම්  පනවන  ලද්දේ  මේ  රැස්වීමෙන්  හා ජනමාධ්‍යවල අධිමිල ප‍්‍රචාරණයෙන් පසු ව ය.

ෆ්ලූඑන්සා  රෝගීන්  හා  කොවිඩ් -19  රෝගීන්  වෙන්  කොට  හඳුනා  ගැනීමට  අසමත්  වීමේ  ප‍්‍රතිඵලයක්  ලෙස, සුලබ  සෙම්ප‍්‍රතිශ්‍යාව  හෝ  ෆ්ලූඑන්සාව  වැළඳුණු  රෝගීන්ගේ  මෙන්  ම  රෝග  ලක්ෂණ  පෙන්නුම්  නො  කළ එහෙත් පීසීආර්  පරීක්ෂණයෙන් ධනාත්මක ප‍්‍රතිඵල  ලද පුද්ගලයන්ගේ ද ඉහළ සංඛ්‍යාව, කොවිඞ්-19 භීතිය හේතු  කොට  ගෙන  නිවෙස්  තුළ  ම  ප‍්‍රතිකාර  ලබා  දෙනු  වෙනුවට  ආරෝග්‍යශාලා  තුළ  රැුස්කන  හා  ඒවායේ ඇඳන්  පිරී  ඉතිරී  යන  තත්වයක්  නිර්මාණය  කළේ  ය.  ඒ  සමාන  ව  ම,  බොහෝ  සෞඛ්‍යරක්ෂණ  සේවකයෝ ද  ව්‍යාජ  ධනාත්මක  ප‍්‍රතිඵල  ලබා  දුන්  පීසීආර්  පරීක්ෂණ  මත  පදනම්  වෙමින්  දින  14  ක  නිරෝධායනය සඳහා  යවනු  ලැබූහ.  මෙහි  ප‍්‍රතිඵල  ලෙස  සෞඛ්‍යාරක්ෂක  සේවකයන්ගේ  හිඟයක්  පැහැදිලි  ව  පෙනෙන්නට තිබිණි.

ජන  සංගණන  හා  සංඛ්‍යාලේඛන  දෙපාර්තමේන්තුවේ  2020  වර්ෂය  සඳහා  වන  සංඛ්‍යා  ලේඛන  කොවිඩ් -19 දත්ත වංචාව හා සංඛ්‍යා ක‍්‍රීඩාව එළිදරව් කරයි.

ශ‍්‍රී  ලංකාව  තුළ  පසුගිය  වසරේ  කොවිඞ්-19  අර්බුදයක්  පැවතියේ  නම්,  2020  වසර  සඳහා  නිකුත්  වී  ඇති දත්ත  තුළ  අතිරික්ත  මරණ  සංඛ්‍යාවක්  වාර්තා  විය  යුතු  ව  තිබිණි.  කෙසේ  වෙතත්,  ජන  සංගණන  හා සංඛ්‍යා  ලේඛන  දෙපාර්තමේන්තුව  2020  වසර  සඳහා  නිකුත්  කර  ඇති  දත්ත  පෙන්නුම්  කරන්නේ  ඊට  කලින් වසරේ  (2019)  මරණ  අනුපාතිකය  හා  සැසඳීමේ  දී  රට  තුළ  මරණ  අනුපාතිකය  පහත  වැටීමකි.  මෙය පෙන්නුම්  කරන්නේ  2020  දී  අතිරේක  මරණ  සිදු  වී  නො  මැති  බවත්  සෞඛ්‍යමය  වසයෙන්  හදිසි  තත්වයක් නො  පැවති  බවත්  ය!  ඒ  වෙනුවට  මරණ  අනුපාතිකයේ  පහත  වැටීමක්  සිදු  වී  ඇත.  2019  මුළු  මරණ සංඛ්‍යාව  146,053ක්  වූ  අතර  2020  දී  එය  132,431ක්  විය.  වෙනත්  වචනවලින්  කිව  හොත්,  කලින්  වසර සමඟ  සැසඳීමේ  දී  ඊනියා  කොවිඩ්-19  වසංගතය  පැවති  2020  දී  මරණ  සංඛ්‍යාව  13,622කින්  අඩු  වී  තිබේ. ඒ සමාන ව ම, දළ මරණ අනුපාතිකය 2019 වසරේ 6.7 සිට 2020 වසරේ 6.0 දක්වා පහත වැටිණි. කෙසේ වෙතත්,  ලෝක  සෞඛ්‍ය  සංවිධානයේ  හා  දේශීය  හවුල්කරුවන්ගේ  නිර්දේශ  මත  2020  දී  මාස  ගණනාවක් රට  ලොක්  ඩවුන්  කරනු  ලැබුවේ  දිළිඳුකම  වැඩිවීමට  ද  මන්ද  පෝෂණය  ව්‍යාප්ත  වීමට  ද  ලෙඩ  රෝග ඉදිරියේ අනාරක්ෂිත භාවය වැඩි වීමට ද මඟ පාදමිනි! ජන  සංගණන  හා  සංඛ්‍යා  ලේඛන  දෙපාර්තමේන්තුවේ  දත්ත  සඳහා  පහත  දැක්වෙන  වෙබ්  අඩවිවලට පිවිසෙන්න:

http://www.Statistics.gov.lk/Population/Statistical/Information/Vital/Statistics/Number     of     Births

Deaths Marriage District 2019-2020

http://www.Statistics.gov.lk/Population/Statistical/Information/Vital/Statistics

Crude Birth Rates & Creede Death Rates by Province,District & Sex 2019-2020

Number of Births, Deaths & Marriages by District, 2019- 2020

වාසනාවකට  මෙන්  හා  අසාමාන්‍ය  ලෙස  ගත  වූ  වසර  එක  හමාරක  කාලය  තුළ,  ශ‍්‍රී  ලංකාව  තුළ  පැවති ඊනියා  කොවිඩ් -19  ”වසංගත  සමය”  අතරතුර  වෛද්‍යවරුන්,  හෙදියන්,  මහජන  සෞඛ්‍ය  නිලධාරීන්,  උප වෛද්‍යවරුන් (10 කට වඩා අඩු ය) හා ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන් කීප දෙනෙක් කොවිඩ් -19 ආසාදිතව මරණයට පත් වූහ.

ඉන්ෆ්ලූඑන්සා,  නියුමෝනියා  හා  ඩෙංගු  රෝගින්ගේ  මරණ  අතුරුදහන්  වූ  අතර,  ඒ  වෙනුවට  කොවිඩ් -19 මරණ  ආදේශ  කරනු  ලැබීම  නිසා  සියලූ ම දෛනික මරණ පිළිබඳ දත්ත හා මරණවලට හේතු පිළිබඳ ව අතිරික්ත  මරණ  වාර්තා  සහ  සංසන්දනාත්මක  දත්ත  අපට  අවශ්‍ය  වනු  ඇත.  නිර්ව්‍යාජ  කොවිඩ් -19 අර්බුදයක් පැවතියේ ද යන්න මේ අවස්ථාවේ නිශ්චිත ව සොයා දැන ගත හැක්කේ එමඟින් පමණි.

2021  අගෝස්තු  10  වැනි  දා  පැවැත්වුණු  ලෝක  සෞඛ්‍ය  සංවිධානයේ  ඊනියා  ස්වාධීන  ජාතික  ”විශේෂඥ” කණ්ඩායම්   රැස්වීමේ   දී   හා   වසංගත   රෝග   විද්‍යාත්මක   ආකෘතීන්   කිසිදු   තැනක   2021   වසර   සඳහා අතිරික්ත  මරණ  වාර්තාවක්  සපයන්නේ  නැත.  ලෝක  සෞඛ්‍ය  සංවිධානයේ  අග්නිදිග  ආසියානු  කලාපය  හා  ඕස්ටේ‍්‍රලියාවේ  මොනෑෂ්  විශ්ව  විද්‍යාලය  විසින්  කරන  ලද  වර්තමාන  තක්සේරු  කිරීම්  ලොක්ඩවුන්  කිරීම් සඳහා  යොදා  ගැනිණි.  මෙය  හුදෙක්  ම  බිල්ගේට්ස්  අරමුදල්  යොදා  ඇති  Institute for Health Metrics and Evaluation (IHME) නමැති  වොෂිංටන්  විශ්වවිද්‍යාලයේ  ස්ථාපිත  ආයතනය  විසින්  උත්පාදනය  කරන  ලද සැක  සහිත  දත්ත  හා  ආකෘතීන්  ප‍්‍රතිරාව  කරයි.  මෙම  දත්ත  හා  ආකෘතින්  2021  මැයි  මාසයේ  නිෂ්පාදනය කරන ලද්දේ ගේට්ස් පදනම විසින් අරමුදල් සපයනු ලැබ තිබෙන ඉහත කී සංවිධානය මඟිනි.

ජනමාධ්‍යවල වංචාව

මෑතක දී  ප‍්‍රවෘත්ති  මාධ්‍ය මඟින් 2017  සිට  මෘත  ශරීරාගාර  තුළ  ගබඩා කර  තිබුණු  මළ  සිරුරු  කිරුලපනේදී  ආදාහනය  කරනු  ලැබීමේ  දර්ශන  පෙන්වනු  ලැබු  අතර,  කොළඹ  මෘත  ශරීරාගාරයේ  බොහොමයක් ගබඩා  ඒකක  ක‍්‍රියා  විරහිත  වී  තිබෙන  බවට  වාර්තා  පළ  විණි.  මෙය  ඇතැම්  ජනමාධ්‍යවලට  අතිරික්ත මරණ  පිළිබඳ  ව්‍යාජ  ප‍්‍රවෘත්ති  ප‍්‍රවර්ධනය  කිරිමටත්  භීතිය  පිළිබඳ  මානසික  ව්‍යාධිය  වැඩි  දියුණු  කිරිමටත් අවස්ථාව  සැලසීය.  ඇතැම්  අවස්ථාවල  අන්තර්  පළාත්  ලොක්  ඩවුන්  කිරීම්,  දිළිඳුකම  හා  කොවිඩ් -19 අපකීර්තිය  සමහර  මූලික  රෝහල්වල  දී  මිය  ගොස්  තිබුණු  තමන්ගේ  ආදරණීයයන්ගේ  මළ  සිරුරු  ගෙන යාමට පවුල්වලට බාධා පමුණුවා තිබිණි.

කෙසේ  වෙතත්  ශ‍්‍රී  ලංකාව  තුළ  වර්තමානයේ  හෝ  පසුගිය  වසර  එක  හමාර  තුළ  කවර  හෝ  අවස්ථාවක සෞඛ්‍යමය   හදිසි   තත්වයක්   පැවති   බව   පෙන්නුම්   කරන   ජනමාධ්‍යවල   විශේෂයෙන්ම   සමාජ   මාධ්‍ය ජාලාවල   පළවන   සිත්   අලූවනසුලූ   කතාන්දර හා අතිශයෝක්තියට   නංවන   ලද   ප‍්‍රකාශ   හැරුණු   කල, කොවිඞ්-19  ආසාදිත මරණ අනුපාතිකය ඇතුළු ව, රට තුළ සාක්ෂි හා  ප‍්‍රමාණාත්මක හා ගුණාත්මක දත්ත කිසි සේත් ම නො පවතී.

ඇත්ත  වසයෙන්  ම,  රස  කථාමය  සාක්ෂි  පෙන්නුම්  කරන  පරිදි,  පසුගිය  වසර  එක  හමාර  තුළ  ආදාහනය කරන  ලද  හෝ  භූමදාන  කරන  ලද  මළසිරුරු  සංඛ්‍යාව  වැඩි  වී  නො  තිබෙන  නමුත්,  ඒ  වෙනුවට,  ජන සංගණන  හා  සංඛ්‍යා  ලේඛන  දෙපාර්තමේන්තුවේ  දත්ත  ප‍්‍රතිරාව  කරමින්  අඩු  වී  තිබෙන  බව  පෙන්නුම් කරයි.

එම නිසා කොවිඩ් -19 හදිසි තත්වයක් පවතින බවට ප‍්‍රකාශ කර සිටින  සෞඛ්‍ය බලධාරීන් මත, දෛනික මරණවල  මුළු  සංඛ්‍යාවත්  මේ  මරණ  වලට  හේතු  හා  අතිරික්ත  මරණ  සංඛ්‍යාව  පෙන්වීමේත්  ඔවුන්ගේ ප‍්‍රකාශයන්ගේ  සත්‍යය  නිශ්චිත  ව  දැක්වීමේත්  වගකීම  පැවරෙනු  ඇත.   ශ‍්‍රී   ලංකාව   තුළ   කොවිඞ්-19 සෞඛ්‍යමය  හදිසි  තත්වයක්  පවතින  බවට  කරනු  ලබන  ප‍්‍රකාශයට  පිටුබල  සපයන  දත්ත  හෝ  අවශ්‍ය  නීති සම්පාදනයක්  රට  තුළ  නො  පවතින  තත්වය  සැලකිල්ලට  ගන්නා  කල,  සන්නද්ධ  හමුදා  විසින්  දවස  පුරා පවත්වා  ගෙන  යනු  ලබන  මධ්‍යස්ථානවල  දී  බලාත්කාරයෙන්  පුරවැසියන්ට  එන්නත්  ලබා  දීමත්  මේ  සඳහා බොහෝ  විට  රාත‍්‍රී  කාලයේ  පොලිසිය  හා  මහජන  සෞඛ්‍ය  පරීක්ෂකවරුන්  විසින්  නිවෙස්  වටලමින්  එන්නත් ලබා  නො  ගත්  පුද්ගලයන්  සොයා  යනු  ලැබීමත්  පෞද්ගලිකත්වයට  හා  ශාරීරික  ඒකාග‍්‍රතාවට  පුද්ගලයන්ට ඇති   අයිතිය   පිළිබඳ   මූලික   අයිතිවාසිකම්   උල්ලංඝනය   කිරිමක්   වෙයි???   ජාතික   සෞඛ්‍ය   පද්ධතිය මිලිටරීකරණය  කිරිම  දැඩි  සෝදිසි  කිරීම්  ආයතනගත  කිරීම  හා  පොදු  ප‍්‍රවාහන  සේවා  සම්බන්ධයෙන් එන්නත් අවසර පත‍්‍රය අනිවාර්ය කිරිමේ යෝජනාවන් බොහෝ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි?

කොවිඩ් -19  එන්නතෙහි  එක්  මාත‍්‍රාවක්  පමණක්  ලබා  ගත්  පුද්ගලයන්ට  රෝගය  බෝ  වීම  පිළිබඳව  හා සමහරෙක්  ඊනියා  ඩෙල්ටා  ප‍්‍රභේදයට  ගොදුරු  වීම  පිළිබඳ  වාර්තා  පවතී.  උත්තේජක  (booster) නැත හොත්  ”තුන්  වැනි  එන්නතක”  අවශ්‍යතාව  පිළිබඳ  ව  කථා  බහක්  පවතී.  අප  වේගයෙන්  ගමන්  කරමින් සිටින්නේ  එන්නත්  සංස්කෘතියක්  හා  එන්නතට  ඇබ්බැහි  වූ  බාල  පරම්පරාවක්  බිහි  කිරීමට  ද?  එබඳු ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් වගඋත්තර බඳින්නේ කවුරුන් ද?

ඇත්ත වසයෙන් ම, රට ලොක් ඩවුන් කිරීම, ජාතික සෞඛ්‍ය පද්ධතිය මිලිටරීකරණය කිරීම, කොවිඞ්-19 පිළිබඳ  භීතිය  දනවන  මානසික  ව්‍යාධිය  ප‍්‍රවර්ධනය  කිරීම,  මිලිටරීකරණය  කරන  ලද  සෝදිසි  කිරීම්  හා එන්නත්කරණ    ව්‍යාපාරය    ඇතුළු    ලෝක    සෞඛ්‍ය    සංවිධානයේ    ප‍්‍රතිපත්තිමය    නිර්දේශයන්    ඔවුන් පුරෝකථනය  කළ  ” වසං ගත යක්”/සැ ලසුම්ගත  වසංගතයක්  පිළිබඳ  මායාව  කරළියට  ගෙනැවිත්  තිබෙන බව පෙනෙන්නට තිබේ. මෙහි ලා වැදගැම්මක් නැති දත්තවලට මඟ පෑදූ දෝෂ සහිත පීසීආර් පරීක්ෂණ පවා  ආසාදිතයන්  සංඛ්‍යාව  විශාලිත  කොට  දැක්වීමට  යොදා  ගනු  ලැබී  ය.  ලෝක  සෞඛ්‍ය  සංවිධානය පාර්ශ්වයෙන්  මනාව  සැලසුම්  කරන  ලද  හා  සම්මුතිගත  ව්‍යාපෘතියක්  පැවති  බව  පෙනෙන්නට  තිබිණි.  එය භීතිය  දනවන  මානසික  ව්‍යාධියක්  හා  මිලිටරීකරණය  කරන  ලද  එන්නත්  ව්‍යාපාරයක්  ද  ඒ  සමඟ  ම ආර්ථික  වසයෙන්  විනාශකාරී  ලොක්  ඩවුන්  තත්වයක්  ද  මේ  මොහොතේ  සම්මුතිගත  මාධ්‍ය  ව්‍යාපාරයක් තුළින්  යාම්  ඊම්වලට  හා  රැස්වීමට  ඇති  නිදහස  පිළිබඳ  අයිතිවාසිකම්  උල්ලංඝනය  කරන  දැඩි  සෝදිසි කිරීම්  තත්වයක්  ද  නිර්මාණය  කිරීමට  දේශීය  හා  ජාතික  වෛද්‍ය  සංවිධාන  හවුල්  කර  ගෙන  තිබෙන  බවත් ඒවාට අරමුදල් සපයා තිබෙන බවත් පෙනෙන්නට තිබේ.

ජාතික ප‍්‍රතිපත්තිමය ස්වෛරීභාවය හා ස්වාධිකරය කොයිබට ද?

මීට   සමගාමි   ව,   කොවිඞ්-19   වසංගතය   පැවති   පසුගිය   වසර   එක   හමාර   පුරා   ම,   ලෝක   සෞඛ්‍ය සංවිධානය  විසින්  ප‍්‍රවර්ධනය  කරන  ලදුව,  මහජන සෞඛ්‍ය පද්ධතිය මිලිටරීකරණය කරනු ලැබීමත් සමඟ, ජාතික  ප‍්‍රතිපත්ති  සම්පාදනය,  ස්වාධීන  පර්යේෂණ  හා  විශ්ලේෂණ  හා  ප‍්‍රතිපත්තිමය  ස්වෛරීභාවය  හා ස්වාධිකාරය සෝදාපාළුවට ලක් වන ආකාරය අපි  දැක  ඇත්තෙමු.  එක්සත්  ජනපදය  හා  දි  ඉන්ස්ටිටියුට් ෆො  හෙල්ත්  මෙට්රික්ස්  ඇන්ඞ්  ඉවැලූඒෂන්  හා  ජෝන්ස්  හොප්කින්ස්  යුනිවර්සිටි  ඬේටාබේස්  බඳු  ආයතන තුළ  නිෂ්පාදනය  කරන  ලද  වසංගත  රෝග  විද්‍යාත්මක  ආකෘතීන්  උපයෝගි  කර  ගනිමින්  ලෝක  සෞඛ්‍ය සංවිධානය   ජාතික   සෞඛ්‍ය   පද්ධතිය   තමන්   යටතට   ගෙන   තිබෙන   සැටිත්   අපි   දැක   ඇත්තෙමු.   මීට අතිරේක  ව  මෙය  ගෝලීය  හදිසි  තත්වයක්  ය  යන  ප‍්‍රකාශය  හා  ”සැම  කෙනෙක්  ම  ආරක්ෂිත  ව  එන්නත් ලබා  ගන්නා  තුරු  කිසිවෙකුත්  ආරක්ෂිත  නො  වේ”  ය  යන  ලෝක  සෞඛ්‍ය  සංවිධානයේ  සභාපති  ටෙඞ්රොස් විසින්   කරන   ලද   ප‍්‍රකාශය   යටතේ,   ගෝලීය   මට්ටමෙන්   සිදු   කරනු   ලබන   දැඩි   සෝදිසි   කිරීම්   හා ගෝලීයකෘත  ප‍්‍රතිපත්ති  සම්පාදනය  ස්ථාපනය  කිරිමට  හා  එය  සාමාන්‍ය  තත්වයක්  බවට  පත්  කිරීමට පියවර ගැනිණි.

කොවිඩ් -19  සංත‍්‍රාසය  හා  ලොක්  ඩවුන්  කිරිම්  සමාජය  හා  ආර්ථිකය  ඩිජිටල්කරණය  කිරීමේ  හා  දැඩි සෝදිසි කිරීමේ පිළිවෙත ප‍්‍රවර්ධනය කිරිමට හැකි තත්වය නිර්මාණය කර තිබේ. මෙය සිදු කරනු ලබන්නේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය සෝදාපාළුවට ලක් කරමින් ද අධ්‍යාපනයට, පර්යේෂණවලට හා දැනුම් නිෂ්පාදනයට   ද   තොරතුරු   බෙදා   හදා   ගැනීම්   අඛණ්ඩ   ව   පවත්වා   ගැනිමට   ද   බාධා   පමුණුවන අතරවාරයේ ය.

කොවිඩ් –19 වංචාව කෙරෙන් පැන නඟින ප‍්‍රතිපත්ති පිළිබඳ ගැටලූ හා ප‍්‍රතිකර්ම

මෙරට   දත්ත   හා   අවදානම්   ස්තරායණ   විශ්ලේෂණය   මත   පදනම්   කෙරුණු   විෂයාන්තර   විශේෂඥ මණ්ඩලයක්  මඟින්  සිදු  කරනු  ලබන  පුළුල්  පදනමකින්  යුතු  සාක්ෂි  මත  පදනම්  වූ  ජාතික   ප‍්‍රතිපත්ති සම්පාදනයක  අවශ්‍යතාව  පවතී.  එන්නත්  වැඩි  ම  අවදානම්  සහිත  කණ්ඩායම්වලට  පමණක්  ඉලක්ක  කර ලබාදීම  සඳහා  (එනම්  අවශ්‍ය  නම්,  වෙනත්  රෝගී  තත්වයන්ගෙන්  පීඩා  විඳින්නන්  හා  වයස  අවුරුදු  65ට වැඩි පුද්ගලයන්) ජාතික අවදානම්- ස්තරායණ විශ්ලේෂණය විශේෂයෙන්ම වැදගත් වේ. සෞඛ්‍ය,  අධ්‍යාපනය,  ඉඩම්,  ගමනාගමනය,  බලශක්තිය  යන  කවර  ක්ෂේත‍්‍රයක්  හෝ  වේවා  පෙර  සඳහන් කළ  ප‍්‍රතිපත්ති  හා  ප‍්‍රතිපත්ති  සම්පාදනය  රට  ඇතුළත  නැත  හොත්  රටට  සුවිශේෂි  ජාතික  මෙන්   ම කලාපීය  දත්ත  විශ්ලේෂණ  හා  වසංගත  රෝග  විද්‍යාත්මක  ආකෘතීන්  මත  පදනම්  විය  යුතුව  තිබෙන  අතර මේ දත්ත හා තොරතුරු මහජනයා වෙත විවෘත විය යුතු ව තිබේ.

කොවිඞ්-19  එන්නත්වලට  අවසර  ලැබී  ඇත්තේ  හදිසි  තත්වයක  දී  පාවිච්චි  කිරිමට  පමණක්  හෙයින්  ද  මේ මොහොත    වන    විටත්    ඒවා    අත්හදා    බැලීමේ    මට්ටමෙහි    පවතින    හෙයින්    ද,    ශ‍්‍රී    ලංකාව    තුළ එන්නත්කරණය,  (අ)  ප‍්‍රවේසම්  සහගත  ව  හා  හැකි  උපරිම  දුරකට  පටු  පුද්ගල  කණ්ඩායමකට  (එනම් වයස  අවුරුදු  60ට  වැඩි  පුද්ගලයන්)  ඉලක්ක  කළ  යුතු  ව  තිබේ,  (ආ)  මෙහි  දී  එන්නත්වල  පවතින අවදානම හා ”පළමුව හානි නො පමුණුවන්න” යන්න සිහියේ තබා ගනිමින් එන්නත්ලාභියා එන්නත පිළිබඳ නිසි  තොරතුරු  දැන  ප‍්‍රකාශ  කරන  කැමැත්ත  මත  පදනම්  විය  යුතු  ව  තිබේ.  විලෝම  වසයෙන්,  ළමයින්  හා ගැබිනි  කාන්තාවන්  මෙන්  ම  වෙනත්  රෝගාබාධ  නැති  කොවිඞ්-19ට  මුහුණ  දීමේ  දී  අඩු  ම  අනාරක්‍ෂිත මට්ටමක පසු වන ප‍්‍රජනන වයසෙහි සිටින පුද්ගලයන්ට ද එන්නත ලබා නො දිය යුතු ව තිබේ.

ජාතික  කොවිඞ්-19  සෞඛ්‍ය  ප‍්‍රතිපත්තිය  වෙනත්  රටක  හෝ  ලොව  වෙනත්  කොටසකට  අයත්  රටවල්වල පවත්නා  සෞඛ්‍යමය  අර්බුදයක  බිය  උපදවන  ප‍්‍රතිරූප  හා  ජනමාධ්‍ය  මඟින්  ප‍්‍රචාරය  කර  හරින  කතාන්දර මත  පදනම්  කරනු  වෙනුවට  අදාළ  සන්දර්භයට  සංවේදී  විය  යුතු  ව  තිබෙන  අතර,  භූගෝල  විද්‍යාත්මක මෙන් ම ජනසංඛ්‍යානික වසයෙන් සිදු කරනු ලබන අවදානම් ස්තරායණය  මත පදනම් විය යුතු ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ භූමිකාව

ලෝක  සෞඛ්‍ය  සංවිධානය  අර්ථ  දැක්වීම්,  පරීක්ෂණ  පටිපාටීන්  හා  නියමාවලීන්  වෙනස්  කර  තිබෙන  අතර, වසංගත රෝගයක බරපතළකම නිර්ණය කිරීමට දත්ත විශ්ලේෂණය පදනම් කර ගනු ලබන පරීක්ෂාවන්ට හා  අත්හදා  බැලීම්වලට  ලක්  කරන  ලද  මිනුම්  ප‍්‍රමිතීන්  වෙනස්  කර  තිබේ:  වසංගතය  පිළිබඳ  නිර්වචනය වෙනස් කර තිබේ.

ප‍්‍රමාණවත්  නියමාවලීන්  නිශ්චිත  ව  සඳහන්  කිරිමෙන්  තොර  ව,  පීසීආර්  පරීක්ෂණ  භාවිතා  කරන  අතර, රෝග  ලක්ෂණවලින්  තොර  රෝගීන්  ”රෝග  ලක්ෂණ  පෙන්නුම්  නො  කරන”  රෝගීන්  ලෙස  ප‍්‍රකාශයට  පත් කෙරෙයි. සියලූ ස්ථාපිත විද්‍යාව හා ව්‍යවහාර ඥානයට පටහැනි ව ඔවුන් නිරෝධායනයට ලක් විය යුතු ව තිබේ.   ඇත්ත   වසයෙන්   ම,   රෝගියෙකුට   පළමුව   රෝග   ලක්ෂණ   තිබීම   අවශ්‍ය   අතර,   අනතුරු   ව පරීක්ෂාවට ලක් කළ යුතු ව තිබේ.

කොවිඩ් -19  කතාන්තරය  හා  භීතිය  පිළිබඳ  මානසික  ව්‍යාධියක්  නිර්මාණය  කිරීමට  අවශ්‍ය  සංඛ්‍යා  ක‍්‍රීඩාව රඳා  පවත්නේ  වංචාවන්  දෙකක්  මතය.  (අ)  ව්‍යාජ  ධනාත්මක  ප‍්‍රතිඵල  විශාල  වසයෙන්  නිකුත්  කරන පීසීආර්  පරීක්ෂණ  (ආ)  රෝගයේ  බරපතළකම  ගණනය  කිරිම  පරික්ෂාවට  හා  අත්හදා  බැලීමට  ලක්  කරන ලද  ප‍්‍රමිතිගත  මිනුමේ  සිට  වෙනස්  කිරීම.  මෙහි  දී  ආසාදිත  මරණ  අනුපාතිකය  වෙනුවට  රෝගී  මරණ අනුපාතිකය   ආදේශ   කරනු   ලැබ   තිබේ.  

රෝග   ඉතිහාසය   හා   සමස්ත   ජනගහනය   තුළ   සියලූ   ශක්‍ය ආසාදනයන්   මත   පදනම්   ව   ආසාදිත   මරණ   අනුපාතිකය   ගණනය   කරනු   ලබන   නිසා   එය   මරණ අනුපාතිකය  හා  රෝගය  පැතිරීම  විශාල  පරිමාණයෙන්  අතිශයෝක්තියට  නංවයි.  අනෙක්  අතට  රෝගි මරණ   අනුපාතිකය   පරීක්ෂාවට   ලක්   කරන   ලද   සංඛ්‍යාවන්   මත   ගණනය   කරනු   ලබයි.   (ඉයොනිඩ්ස්, බෙන්ඩවිඩ්  හා  භට්ටාචාර්ය).  ලෝක  සෞඛ්‍ය  සංවිධානය  සඳහා  සපයන  ලද  පර්යේෂණ  නිබන්ධනයක්  තුළ ඉයොනිඩ්ස්  තබන  සටහන  පෙන්නුම්  කරන  ආකාරයට,  ඇමෙරිකාව  හා  යුරෝපීය  සංගමයට  අයත්  රටවල් තුළ  වඩා  ඉහළ  කොවිඩ් -19  ආසාදිත  මරණ  අනුපාතිකයන්  සමඟ  සැසඳීමේ  දී,  බීසීජී  එන්නත  ද  භාවිත කරනු  ලබන  ආසියාව  හා  ආප්‍රිකාව  තුළ  ඉතා  පහළ  ආසාදිත  මරණ  අනුපාතිකයක්  පවති.  ඉතා  පහළ ආසාදිත  මරණ අනුපාතිකයන් ආසියානු රටවල් තුළ පොදු ලක්ෂණයක් බව පෙනෙන්නට තිබේ. මේ රටවල තරුණ    ජනගහනය    (ජපානය හැර),    කාලගුණය (තාපය හා ආර්ද්‍රතාවය),    වෙනත්    කොරෝනා වයිරසයන්ට  නිරාවරණය  වීමෙන්  අත්  කර  ගෙන  තිබෙන  ප‍්‍රතිශක්තිය,  ජානමය  වෙනස්කම්,  සනීපාරක්ෂක සිරිත්  විරිත්,  වඩා  පහළ  ආසාදන  ප‍්‍රමාණය  හා  වෙනත්  හඳුනා  නො  ගත්  සාධක  මේ  පහළ  ආසාදිත  මරණ අනුපාතිකයට  හේතු  පැහැදිලි  කරයි. 

ආසියාව  හා  අප්‍රිකාව  යන  මහාද්වීප  දෙකෙහි  ම  පහළ  ආදායම් ලබන  රටවල  ද  ආසාදිත  මරණ  අනුපාතිකය  පහළ  මට්ටමක  පවති.  මෙය  සමහර  විට  තරුණ  වයස්  – ව්‍යූහය  පිළිබිඹු  කරන  අතර,  පහළ  පීසීආර්  පරීක්ෂණ  සංඛ්‍යාවේ  ප‍්‍රතිඵලයක්  ද  විය  හැකි  ය.  කෙසේ වෙතත්,   අතුරු   රෝගාබාධ,   දිළිඳුකම,   කායික   බෙලහීනත්වය   (උදා-   මන්ද   පෝෂණය)   හා   තදබද   වූ නාගරික ජීවන තත්වයන් අවදානම් සහිත පුද්ගලයන් මත හානිකර බලපෑම් ඇති කළ හැකි අතර එනයින් ආසාදිත මරණ අනුපාතිකය ඉහළ යා හැකි ව තිබේ.

ලෝක  සෞඛ්‍ය  සංවිධානය  විශේෂයෙන්  ම  ළමයින්,  නිරෝගි  තරුණ  වැඩිහිටියන්  හා  වයස  අවුරුදු  65ට අඩු  පුද්ගලයන්  සඳහා  කොවිඩ් -19  වයිරසයට  එරෙහි  ව  පුළුල්  ආරක්ෂාවක්  සපයන  අයිවර්මෙක්ටින්  හා අතිශය  කාර්ය  සාධක  හා  වියදම්  දරා  ගත  හැකි  ඖෂධ  හා  බීසීජී  එන්නත  ගැන  තොරතුරු  ද  වසන්  කර තිබෙන අතර, ඒ වෙනුවට  අසාමාන්‍ය වේගයකින් නිපදවන ලද කොවිඩ් -19 mRNA එන්නත් ප‍්‍රවර්ධනය කර තිබේ!  බීසීජී  එන්නත  නිවර්තනීය  රටවල්  තුළ  කොවිඩ්-19  වයිරසයේ  බලපෑම  ශමනය  කර  තිබෙන  බව අනේක  විධ  අධ්‍යයනයන්  මඟින්  පෙන්වා  දෙනු  ලැබ  තිබේ.  මේ  රටවල්  තුළ  සැම  තැන  ම  පාහේ  භාවිත කරනු  ලබන  බීසීජී  එන්නත  සැලකිය  යුතු  වාසි  හා  සායනික  එන්නත්  ලබා  දෙන  ආකාරයෙහි  නව්‍යතාව සලසා     දෙයි.  බීසීජී  එන්නත  ක්ෂය     රෝගයට   එරෙහිව     වියදමට     සරිලන     අතිශයින්     ම ඵලදායක/කාර්යක්ෂම    මැදිහත්වීමක්    වන    අතර පහළ හා  පහළ-මධ්‍යම-ආදායම්    ලබන    රටවල් බොහොමයක්  ඊට  අවශ්‍ය  යටිතල  ව්‍යූහය  නිර්මාණය  කර  ගනු  ඇතැයි  බලාපොරොත්තු  තැබිය  හැකි  ය. ක්ෂය  රෝග  මර්දන  සාම්ප‍්‍රදායික  එන්නත  සම්බන්ධයෙන්  ප‍්‍රමාණවත්  තරම්  හුරුපුරුදු  සෞඛ්‍යාරක්ෂණ වෘත්තිකයන්  කොවිඩ් -19  සඳහා  නව  බීසීජී  –  පදනම්  කර  ගැනුණු  එන්නත  ලබා  දීමට  පූර්ණ-පරිමාණ ප‍්‍රයන්තයන්  දැරිමට  නියමිත  ව  තිබේ.  වැඩි   දුර  තොරතුරු  සඳහා  පහත  දැක්වෙන  වෙබ්   අඩවිවලට පිවිසෙන්න.

https://www.frontiersin.org/articles/10.3389/fimmu.2021.632478/full

https://www.clinicaltrialsarena.com/news/beg-vaccine-covid-trial/

එන්නත්  ප‍්‍රවර්ධනය  කිරීමට  වයිරසය  ආසාදනය  වූ  පුද්ගලයන්  සඳහා  රංචු  ප‍්‍රතිශක්තිය  (heard immunity) ප‍්‍රතික්ෂේප  කිරීම  හා  සිංගප්පූරු  රජය  තහවුරු  කර  තිබෙන  පරිදි   කොවිඞ්-19  වඩ  වඩාත්  ආසියානු කලාපයට    ආවේනික    ෆ්ලූඑන්සා    තත්වයක්    ය    යන    කාරණය සැලකිල්ලට    ගත්    විට,    අන්තගාමී පියවරයන්ගෙන් තොර ව, සෘතුමය ෆ්ලූඑන්සාව සමඟ ජිවත් වන ආකාරයට අප ජීවත් වීම අවශ්‍ය වෙයි.

ලෝක   සෞඛ්‍ය   සංවිධානය   හා   ජෝන්   හොප්කින්ස්   යුනිවර්සිටි   ඬේටා   බේස්   ආයතනය   කොවිඞ්-19 වසංගතය පිළිබඳ කතාන්දරයට ගැළපෙන අයුරින් ප‍්‍රමිතිගත විද්‍යාත්මක අර්ථ දැක්වීම් හා මිනුම් ප‍්‍රමිතීන් ගණනාවක්   වෙනස්   කර   තිබෙන   අතර,   කොවිඞ්-19   වයිරසයේ   මානයන්   හා   බලපෑමේ   විශාලත්වය අතිශයෝක්තියට නංවයි.  මෙම  තත්වය  වර්ධනය  කරන  ලද්දේ  එන්නත්  නිපදවිම  හා  අලෙවි  කිරිම  සඳහා එක්සත්   ජනපද,   කැනේඩියානු   හා   චීන   රසායනාගාර   අතර   ඇති   කර   ගෙන   තිබෙන   පර්යේෂණ සහයෝගිතාව තුළ Gain of Function Research ආයතනය තුළිනි.

කොවිඩ් -19    සැලසුම්ගත    වසංගතය    හා    ගෝලීය    යළි    සැකැස්ම    පුද්ගලයන්ගේ    හා    රාජ්‍යයන්ගේ අයිතිවාසිකම් දුර්වල කරයි.

1.   පුද්ගල   මට්ටමේ   දී   ජීවිතයට,   පෞද්ගලිකත්වයට   කායික   ඒකාග‍්‍රතාවයට   ඇති   අයිතිය   හා පුරවැසියන්ට  තෝරා  ගැනීමට  ඇති  නිදහස  බලාත්කාරය  පාන  පාලන  තන්ත‍්‍රයන්,  එන්නත්කරණය මිලිටරීකරණය කිරීම හා වැරදි තොරතුරු තුළින් දුර්වල කරයි.

2.  එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියෙහි සමහර ප‍්‍රාරම්භක මූලධර්ම. ඒවා  අතරින්  විජිතහරණය  හා ජනතාවන්ට   ස්වයං-නීර්ණය   සඳහා   ඇති   අයිතිය   හා   ජාතික ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් වන ස්වෛරී භාවය හා ස්වාධිපත්‍යය යන මූලධර්ම මූලික වෙයි.

3.   ලෝක  සෞඛ්‍ය  සංවිධානය  හා  එක්සත්  ජාතීන්ගේ  ළමා  අරමුදල  කොවිඩ් -19  වසංගතය  වැළැක්වීම පිළිබඳ  ප‍්‍රකාශය  යටතේ  ළමයින්ද  ඇතුළත්  ව  එන්නත්කරණය,  දැඩි  සෝදිසි  කිරීම්  හා  සෞඛ්‍ය පද්ධතිය මිලිටරීකරණයට ලක්කිරීම ප‍්‍රවර්ධනය කරමින් සිටියි. රට තුළ දත්ත විශ්ලේෂණය  කිරීමේදී ශ‍්‍රී ලංකාව තුළ වසංගතය මායාවක් ව පවතී.

4.  කොවිඩ් -19  වසංගතය  පාරිසරික  අපරාධයක්  ද  වේ.  (කොවිඩ්-19  ගෝලිය  ආර්ථිකයට  ද  සමාජයට හා  පරිසරයට  ද  (විශේෂයෙන්  ම  පෞද්ගලික  ආරක්ෂක  ආම්පන්න,  මුව  ආවරණ  හා  විෂබීජහරණ උපකරණවල  බලපෑම)  ඇති  කර  තිබෙන  අපේක්ෂිත  මට්ටමට  වැඩි  හානි  ගණනය  කළ  යුතුව තිබෙන  අතර  එය   කල  කොවිඩ් -19  නිවාරක  ප‍්‍රතිපත්ති  මානව  වර්ගයාට  එරෙහි  ව  සිදු  කර ඇති අපරාධයේ විශාලත්වය පැහැදිලි ව පෙනෙනු ඇත.

අනෙකුත් ප‍්‍රයෝජනවත් මූලාශ‍්‍ර

OXFARM REPORT “The Hunger Virus”

http:/www.statistics.gov.lk/PopHouSat/vita/Stastics/Bulletine/Annual%20bulletin%202015.pdf

1. කලින් වසරවල ඉන්ෆ්ලූඑන්සා සහ නියුමෝනියා මරණ සම්බන්ධ සංසන්දනාත්මක දත්ත

http:/www.epid.gov.lk/web/images/pdf/wer/2016/vo/43no50-english pdf

සතිපතා වසංගත රෝග විද්‍යාත්මක වාර්තාව-වසංගත රෝග විද්‍යා ඒකකය සෞඛ්‍ය අමාත්‍යාංශය, පෝෂණ හා

ස්වදේශික වෙබ් අඩවිය http://www.epid.gov.lk

ශ්වසන මාර්ගය ආශ‍්‍රිත රෝග ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය මත බරපතළ බලපෑමක් ඇති කරයි. ඒ සමඟ නිදන්ගත ශ්වසන මාර්ගය ආශ‍්‍රිත රෝග හා නියුමෝනියාව 2017 දී ආරෝග්‍යශාලා තුළ සිදු වූ ඉහළ ම මරණ සංඛ්‍යාවට හේතු විය. එය 100,000ක ජනගහනයකට 218.5ක්වූ මරණ සංඛ්‍යාවෙන් 39.3ක අගයක් (18.0%) විය.

Recommended For You

About the Author: Thusal