NMRA දත්ත මැකීම : පෞද්ගලික සමාගමකට NMRA පනත ඉක්මවා යා හැකිද?

ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙරට ඖෂධ නියෝජිත ආයතන, ඖෂධ ලියාපදිංචි කිරීම, ඖෂධ නිෂ්පාදනාගාර මෙන්ම   ඖෂධ සාම්පල් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන්ද කටයුතු කරන මෙරට ප්‍රමුඛතම ආයතනය වෙයි.

පසුගිය ජුලි මාසයේ දිනක මේ අධිකාරියේ දත්ත ගබඩාවෙන්  දත්ත ගොනු ලක්ෂ 11ක් හිටිහැටියේම මැකීගොස් තිබුණි. මෙහි දත්ත, ලිපිගොනු ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය 2017 වර්ෂයේ දී ආරම්භ වූ අතර පුද්ගලික දුරකථන සමාගමක් මීට අදාළ කටයුතු වල නිරත විය. මෑතකදී සිදුවූ දත්ත මැකී යාම පිටිපස සිටින්නේ ද මෙම දුරකථන සමාගමය.

2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනතට අනුව මෙහි සෑම නිලධාරියෙකුම සිය රාජකාරි භාරගැනීමට පෙර සිය වැඩකටයුතු සම්බන්ධයෙන් සම්පූර්ණ රහස්‍යභාවය රකින බවට ප්‍රතිඥා දියයුතු වේ. මේ කාරණය අධිකාරියට සම්බන්ධ නිලධාරීන්ට පමණක් නොව ඊට සම්බන්ධ තෙවැනි පාර්ශ්ව වලට ද අදාළය.

ඖෂධ නියාමන අධිකාරිය දත්ත මැකීයාම සම්බන්ධයෙන් ඍජු චෝදනා එල්ල වී තිබෙන පෞද්ගලික සමාගමට සහ එහි කාර්‍ය මණ්ඩලයට මෙතෙක් නිතීමය ක්‍රියාමාර්ග ගැනීමට යොමු වීමේ අසාමාන්‍ය ප්‍රමාදයක් නිරීක්ෂණය වී තිබෙන බව නීති විශාරදයන් පෙන්වා දෙයි. සැබෑ තත්වය එය නම් වගකිවයුත්තන්ට එරෙහිව නිතීය ක්‍රියාත්මක වේදැයි යන්න ද අවිනිශ්චිත බව නීති විශාරදයන්ගේ මතය වී තිබේ.

Recommended For You

About the Author: Thusal