NMRA මගඩියට රාජ්‍ය ආයතන පටලවන කුමන්ත්‍රණය පිටුපස ඉන්නේ Dialog ?

රාජ්‍ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළකරන විෂය භාර රාජ්‍අමාත්‍මහාචාර්ය චන්න ජයසුමන පවසන්නේ මේ දත්ත මකාදැමීමේ කුමන්ත්‍රණය පිටුපස විපක්ෂය සිටින බවයි.

එහිදී ඔහු පෙන්වාදෙන්නේ, ‘පසුගිය 2018 – 2019 කාලයේ දී සිදුවු ඖෂධ වංචාවන් ගැන අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. අභ්‍යන්තර විගණන පරීක්ෂණයකින් අනාවරණය වුණා රුපියල් බිලිනයකට ආසන්න ඖෂධ කිහිපයක විශේෂයෙන් පිළිකා රෝගයට සම්බන්ධ ඖෂධවල වංචාවක් වෙලා තියෙනවා. ඒත් එක්කම එවකට ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා පත්කළ ජනාධිපති කොමිසන් සභාවෙන් අනාවරණය කරලා තියෙනවා රුපියල් මිලියන 850ක වංචාවක් සිදුව ඇති බවට එක ඖෂධයකට පමණක්. අන්න ඒ ඖෂධවලට අදාළ දත්ත ටික තමයි ඒ ලිපිගොනුවේ තිබුණේ. වෙන මොකක්වත් නෙමෙයි. රුපියල් කෝටි ගණනින් පාඩු වු ඖෂධ කිහිපයක් පිළිබඳ විමර්ශනයක් කෙරෙමින් යන අවස්ථාවක තමයි. මේ කියන දත්ත මැකීම සිදුවුණේ.” යන්නයි.

සත්‍ය කුමක් වුවද අද වනතෙක් මේ දත්ත මකාදැමීම සම්බන්ධ විමර්ශන වාර්තාව හෝ සැබෑ වරදකරුවන් කවුරුන්ද යන්න ගැන හෙළිදරව් වී නැත. මේ දත්ත මගඩිය පිටුපස සිටින Dialog සමාගම තමන් කළ වරද වසාගැනීමට තවත් කටයුත්තක් කරමින් සිටියි. ඒ කුලියට ගත් ලියන්නන් පිරිසක් සම්බන්ධ කරගෙන සමාජ මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කිරීමයි. ඒ සදහා දැවැන්ත මුදලක් වැය කරන මෙකී සමාගම දේශපාලකයින් ද සිය මුදල් බලයට නතු කරගෙන මාධ්‍ය හමු සංවිධානය කරමින් තම මතය ප්‍රචාරණය කරමින් සිටියි. මේ සියළු දෑ හමුවේ රජය අනුගමනය කරන්නේ නිහඩ පිළිවෙතකි. රජය මැදිහත් වී මෙහි විමර්ශන කටයුතු කඩිනමින් නිමා නොකළොත්  මේ නාටකයේ තවත් තොරතුරු Dialog සමාගමේ මුදල් ආධාරයෙන් දියත් වීමට නියමිතය.

Recommended For You

About the Author: Thusal