‘මඩ මනූෂ’ මඩෙන් නැතුව ගොඩින් එන්න !

දත්ත මකාදැමීම ගැන ටෙලිකොම් නාමය සම්බන්ධ කරගනිමින් කරන චෝදනාව යුක්ති යුක්තද යන්න විමසා බැලීමට කරුණු මෙමගින් ඉදිරිපත් කර තිබුණි.

සෞඛ්‍අමාත්‍යාංශයේ අධිකාරියක් ලෙස 2015 දී පාර්ලිමේන්තු පනතකින් පිහිටවූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අති සංවේදී දත්ත මකාදැමීමේ සිද්ධිය මෑතකාලීනව මාධ්‍තුළ මෙන්ම මැතිසබය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් විය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය හමුවක් පැවැත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පැවසුවේ මේ දත්ත මකාදැමීමේ සිද්ධියට ටෙලිකොම් ආයතනය සම්බන්ධ බවයි.

කිසිදු වගවිභාගයක් නැතිව දේශීය ආයතනයක් වෙත ඔහු එල්ල කරන මේ චෝදනාව සරළ බසින් පැවසුවහොත් මඩක් මිස අන් කිසිවක් නොවේ. මනුෂ නානායක්කාර මේ චෝදනාව එල්ල කරන අවස්ථාව වනවිටත් වගකීම් සගහත ආයතනයක් ලෙස ටෙලිකොම් මාධ්‍ය නිවේදනයක් ඉදිරිපත් කර තිබුණි.

දත්ත මකාදැමීම ගැන ටෙලිකොම් නාමය සම්බන්ධ කරගනිමින් කරන චෝදනාව යුක්ති යුක්තද යන්න විමසා බැලීමට කරුණු මෙමගින් ඉදිරිපත් කර තිබුණි. අදාළ නිවේදනයේ දක්වා තිබුණේ, 2018 දී  ඖෂධ ලියාපදිංචි කිරීම සහ ලියාපදිංචිය අලුත් කිරීම සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත් භාරගැනීම ආරම්භ කළ බවත්, මේ සම්බන්ධ දත්ත, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA)  අධීක්ෂණය යටතේ, ශ්‍රී ලංකා ටෙලිකොම් හි පවත්වාගෙන යනු ලබන Lankan Government Cloud (LGC) හි ගබඩා කිරීමට කටයුතු කරන ලද බවටත් චෝදනා එල්ල වන බවයි. නමුත්, ‘Lanka Government Cloud’ සඳහා SLT – MOBITEL, සිය Hosting සේවාවන් ලබානොදෙන බවයි.

ටෙලිකොම් ආයතනයේ නම ඈදාගනිමින් මනුෂ නානායක්කාර මෙහිදී සත්‍ය විකෘති කොට ඇති බව අමුතුවෙන් කියන්නට වුවමනා නැත.

මේ වනවිට සිදුකෙරෙන විමර්ශන අනුව මේ දත්ත මකාදැමීම පිටුපස සිටින්නේ Dialog සමාගම බව තහවුරු වෙමින් පවතියි. නුදුරේදීම එහි වගකිවයුත්තන් නීතියෙන් දඩුවම් ලැබීමට නියමිතය. යහපාලන ආණ්ඩුවේ ද සාමාජිකයෙකු වූ මනුෂ නානායක්කාර මෙහිදී යළිත් සිහිපත් කරගත යුත්තේ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත, ලිපිගොනු ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය 2017 වර්ෂයේ දී ආරම්භ වූ බවත් ඊට ඉදිරිපත් වූ සමාගම් අතරින් සුදුසුම සමාගම ලෙස එපික් ටෙක්නොලොජිස් තෝරාගත් බවත්ය. එමෙන්ම, තොරතුරු ඩිජිටල්කරණයට පියවර ගැනීමේ දී දත්තවල ආරක්ෂාව ගැන ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වා නැති බවත්, අතිරේක තොරතුරු ගොනුවක් පවත්වා ගැනීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවත් මේ වනවිට විමර්ශන වලින් අනාවරණය වී ඇත.

Recommended For You

About the Author: Thusal