දඹුල්ල එළවළු හා පලතුරු ශීතාගාරය ‘දේශපාලන පිළිගැනීම්වල‘ කතුරට හසුවෙලා ද ?

පසුගිය  2019  දෙසැම්බර් මස 31 වන දින  වැඩ අවසන් කිරීමට තිබුණු දඹුල්ල නගර මධ්‍යය ඉදිවෙමින් පවතින එළවළු සහ පලතුරු උෂ්ණත්ව තෙතමන පාලනය කොට කල්තබා ගැනීමේ ගබඩා සංකීර්ණය කඩිනමින් වැඩ අවසන් කොට ජනතාවට ලබාදෙන ලෙස  පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද (01) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.

රට විවෘත කළ මොහොතේම මෙහි  ඉදිකිරීම් වල තත්වය සොයා බැලීම සඳහා හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දඹුල්ලට පැමිණ ඉන්දියානු රජයෙන්  පරිත්‍යාගයක් ලෙස ලැබුණු මෙම ළවළු සහ පලතුරු කල්තබා ගැනීමේ ප්‍රභාස්වර ශීතාගාර  ඉදිකිරීම් නිරීක්ෂණය කළේය.

පසුගිය සුගිය 2019 වසරේ අප්‍රේල් මස  එවකට අමාත්‍යවරයෙකු වූ ව සිටි හර්ෂ ද සිල්වා මහතා  දීවයිනේ පළමු ‘ප්‍රභාස්වර‘ නමින් නම් කෙරුණු මෙම ශීතාගාර කිරීම් ආරම්භ කළේය.

මෙරට එළවලු පලතුරු නිෂ්පාදනය විනාශවීම පිළිබදව ප්‍රදේශයේ මාධ්‍යවේදීන් විසින් සිදුකරන හෙළිදරව් පිළිබද අවධානය යොමුකොට මෙම ශිතාගාර සංකීරණය ආරම්භ කළේය.

මේ සඳහා මන්ත්‍රීවරයා පෞද්ගලිකව ඉන්දියානු රජයෙන් රුපියල් මිලියන 300ක් ලබාගෙන ඉතිරි  මුදල වන රුපියල් මිලියන 225ක් එවකට තමන් සිටි අමාත්‍යාංශයෙන් වෙන් කොට තිබෙන බවත් එහෙත් විවිධ හේතූන් මත මෙම ඉදි ඉදිකිරීම් කටයුතු නිසි කලට අවසන් වී  නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරයා බලයට පත්ව වසර දෙකක පමණ කාලයක් ගත වී ඇතත් මුදල් ලබා දී තිබෙන මෙම ව්‍යාපෘතිය වැඩ අවසන් කිරීම ගොවීන්ට සිදු සිදුකරන මහා අපරාධයක් බව ඒ මහතා පෙන්වා දුන්නේය.

ගොවීන් හට අමුඩය ගසා ඇවිදින මං තීරු වල ඇවිදීමට වඩා තම  නිෂ්පාදන මේ ස්ථානයේ තබා ගෙන ඉහළ මිලකට අලෙවි කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයා දී තිබෙන බවද හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මේ වන විට ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පිට රටවලින් ගෙන්වා වරායේ ගොඩගසා තිබෙන බවත් ලබා දී ඇති මුදල් ගෙවා එම  ඉදිකිරීම් ද්‍රව්‍ය නිදහස් කොට ලබා දෙන්නේ නම් තවත් මාස දෙකක් ඇතුළත මෙය ජනතාවට ලබාද දීමට හැකි බව ඒ මහතා පෙන්වා දුන්නේය

තමන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වුවද තමන් මෙම සංවර්ධන යෝජනා වලට ඕනෑම සහයෝගයක් රජයේට ලබා දීමට කැමැත්ත පළ කළ බවත් අවස්ථා ගණනාවක්   පාර්ලිමේන්තුවේ මෙන්ම වර්තමානයේ විෂය භාර අමාත්‍යවරයාට පවා තමා පෞද්ගලිකව කතා කොට මෙහි ඉදිකිරීම් අවසන් කරන ලෙස ඉල්ලීම් කළ බවද හර්ෂ ද සිල්වා මහතා මෙහිදී සඳහන් කළේය.

මෙහිදී දිකිරීම් කොන්ත්‍රාත්කරුවන් කියා සිටියේ මුදල් ලැබීමේ  ප්‍රමාදය නිසා ඉදිකිරීම් කටයුතු මෙතරම් ප්‍රමාද වී ඇති බවය.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

Recommended For You

About the Author: Thusal