‘කටුනායක PCR නැවැත්වීම හරහා විශාල ජාවාරමක් සිදු වෙනවා‘ – ඕමල්පේ සෝභිත හිමි

 https://www.youtube.com/watch?v=xjfKGt1VO5w

කටුනායක ගුවන්තොටුපල හරහා ලංකාවට පැමිණෙන පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කිරීමේදී විශාල ගසාකෑමක් සිදුවන බවත්, ගුවන්තොටුපලේදී පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීමට තිබූ අවස්ථාව නතර කරමින් ආර්මාර්ථකාමී ව්‍යාපාරිකයින්ට මුදල් ගසාකෑමට අවස්ථාව උදාකර ඇති බව ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසූ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසූහ. 

‘‘අපිට පේනවා කොරෝනා  එන්නත මුල්කරගෙන යම්කිසි පිරිසක්  ඉතාමත් ක්‍රමානූකූල, කපටි කයිරාටික ධනෝපායනයකට යොමුවෙලා තියෙනවාකියලා. ලාභයට ලෝක වෙළදපොලෙන් එන්නත් ගන්නේ නැතිව වැඩි මුදලකට එන්නත් ගන්නවා. චීනයත් එක්ක ශීු ලංකාව එන්නත් ලබා ගැනීමේ ගිවිසුමේ මිල අනාවරණය කරන්නේ නැහැ . ලබා ගන්න මිල ප්‍රසිද්ධ කරන්නේ නැහැ.  දෙපාර්ශ්වයම එකග වෙනවා මිල ප්‍රසිද්ධ කරන්නේ නැතිව ඉන්න. කෝ මෙතන විනිවිද භාවයක්.  සමහර පෞද්ගලික සමාගම්ඉදිරිපත් වෙලා  තියෙනවා එන්නත ශ්‍රී ලංකාවේ නිපදවන්න ආණ්ඩුව එයට අවසරදෙන්නෙ ්නැහැ.  ඇයි ඒ? 

රැපිට් ඇන්ටිජන් පරික්ෂණ සම්බන්ධයෙන් මතවාද පළවුණා. ඉතාමත් අඩු මුදලකට ගන්න රැපිඩ් ඇන්ටිජන් කට්ටල තිබියදී   අතිවිශල මුදලකට ගන්න බවට චෝදනා ආවා. එපමණකුත් නොවෙයි පීසීආර් පරික්ෂණ සම්බන්ධයෙන් කටුනායක සිදුවෙන මහා සාපරාධී ගසා කෑමක්. පෞද්ගලික හෝටල් වලට අහිංසක ගුවන් මගීහූ  දක්කාගෙන ගිහිල්ලා බලහත්කාරයෙන් මුදල් අයකර ගැනීමේ දාමරික ක්‍රියාවක් සිදුවෙමින් පැවතුණා. ජනමධ්‍යයෙන් මෙය උලුප්පා දැක්කුවාට පසුව ආණ්ඩුව ආරම්භ කලා කටුනායක ගුවන්තොටුපල ආශ්‍රිත පීසීආර් මධ්‍යස්ථානයක්. ඒකට විශාල වියදමක් දරලා ආරම්භ කළ ආයතනයක් සාමාන්‍යයෙන් පැයකට පරික්ෂණ 500ක් පමණ කරන්න පුලුවනි. මේ ආයතනය වැඩ පටන් ගත්තා වැඩ පටන් අරගෙන ක්‍රියාත්මක වුණේ දවස් දෙකයි. ඒක නැවත වසා දැම්මා.

ඒහෙම නම් කුමක්ද මේ වෙන්නේ , ආත්මාර්ථකාමී පෞද්ගලික ව්‍යාපාරිකයන්ට අවස්ථාව සලසලා දීලා තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් අපට පැහැදීලිවම නිගමනය කරන්න වෙලා තියෙනවා අවංකත්වය පෙරදැරිකරගෙන නෙවෙයි මේ වැඩපිලිවෙල යන්නේත එන්නත්කරණය පිලිබදව යළිත් සිතන්න තම තමන්ගේ හෘද සාක්ෂීයට අනුව කටයුතු කරන්න හැබැයි අපිට අපේ පැත්තෙන් කියන්න තියෙන්නෙ බුදුහාමුදුරුවන්ගේ අවවාදයමයි.

පොදු ජනතාව තුල මතයක් ඇති කලා දේශීය වෛද්‍ය ක්‍රමය කියන්නේ කිසිදු පදනමක් නැති මිත්‍යා විශ්වාසයක් පමණයි කියලා. එහෙම කියන අතරම ඔවුන් කළේ මෙන්න එකම විසදුම  එන්නත පමණයි  කියන එකයි.  ජනතාව බලහත්කාරයෙන්  එන්නත්කරණයට පොළඹවලා තියෙනවා. හැබැයි අපි මුල ඉදලාම කියනවා මේ කොරෝනා වයිරසය ආරම්බ වුණ මොහොතේ සිටම

  දේශීය වෛද්‍යවරුන්ට  අවස්ථාව දෙන්න කියලා. කියලා. දේශීය වෛද්‍ය කියන්නේ රජයේ ලියාපදිංචි වී ඇති එසේම  නීත්‍යානූකූලව පිළිගත් ආයතන. නමුත් නිත්‍යානූකූලව  පිළිඅරගෙන දේශීය වෛද්‍යවරුන් නිර්මාණය කිරීමේ කාර්යය  ආණ්ඩුව කරනාව නම්  ඇයි මෙවැනි බරපතල අවස්ථාවකදී ‌ දේශීය වෛද්‍යවරුන්ට අවස්ථාවන දෙන්නේ නැත්තේ.   පැහැදිලිවම මේක දේශීයත්වයට එරෙහිව ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක් බව අප පැහැදීලිව කිව්වා. දැනට එය වේගයෙන් ක්‍රියාත්මක වෙනවා‍.

 ඒ නිසා අපි අදත් කියනවා දේශීය වෛද්‍යවරුන්ට අවස්ථාවක් දෙන්න. අවුරුදු දහස් ගණනක අත්දැකීම් මුල්කරගෙන ඔවුන් අද ඉතාමත් සාර්ථක ලෙස ප්‍රතිකාර කරගෙන යනවා.  මේකට අවස්ථාවක් දෙන්න. මේකෙන් කියන්නේ නැහැ ඇලොපති ක්‍රමය බටහිර ක්‍රමය ප්‍රතික්ෂේප කරන්න කියලා.

මෙම සම්පූර්ණ වාර්තාව ඔබට  https://www.youtube.com/watch?v=xjfKGt1VO5w නැරඹිය හැකිය.

Recommended For You

About the Author: Thusal