දෙහිඅත්තකණ්ඩිය වී ගොවීන් දැඩි ස්ථාවරයක

මහ කන්නයේ වී වගාව ඇතුළු වගා කටයුතු සඳහා අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා දෙන ලෙසට ආණ්ඩුවට බල කරමින් අද (11) දහවල් දෙහිඅත්තකණ්ඩිය නගරයේදී ගොවි විරෝධතාවයක් පැවැත්විණි.

මහවැලි ගොවි අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර ඊට ප්‍රදේශයේ ගොවීන් විශාල පිරිසක් එක්ව සිටියහ. විරෝතාවයට එක්වූවන් පවසන්නේ ආණ්ඩුව විසින් වගා කටයුතු සඳහා අවශ්‍ය රසායනික පොහොර ආනයනය තහනම් කිරීම නිසා මේවනවිට මාස්කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය බිම් සැකසීම් ආරම්භ කළ යුතු වුවත් ගොවීන් ඒ වෙනුවෙන් කිසිදු උනන්දුවක් නොදක්වන බවයි.

ජලය ලබා දුන්නත් නියමිත වෙලාවට පොහොර නොලැබෙන්නේ නම් මෙවර මහ කන්නයේ වගා කටයුතු නොකරන බවද ඔවුන් පවසයි. පසුගියදා මින්නේරිය ගොවීන්ද වී වගාවට අවශ්‍ය පොහොර නොලැබෙන්නේ නම් ජලය මුදාහැරීමෙන් වළකින ලෙසට වාරී බලධාරීන්ට එම කන්න රැස්වීමේදී පවසා තිබිණි.

Recommended For You

About the Author: Thusal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *