අද හෙට ගන්නා අලුත්ම තීන්දු – තීරණ ගැන ‘කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් කළ‘ විශේෂ හෙළිදරව්ව

ජනාධිපතිවරයා, මැති ඇමතිවරුන්, පර්යේෂකයින් සහ පරිපාලකයින් සමඟ අප කළ සාකච්ඡාවේදී පවා අපි මෙම ගැටලුව මඟහරවා ගැනීමට සැලසුම් කර ඇති බව ඉතා පැහැදිලිව සඳහන් කළා. අපට එම අනවශ්‍ය විෂ සහිත පොහොර වෙනුවට සම්මත ජෛව පොහොර යෙදිය හැකියි. යූරියා ද විෂ සහිත ද්‍රව්‍යයක් නොවෙයි. එය වෙනත් බොහෝ කර්මාන්ත වල භාවිතා වෙනවා. අපි ඕනෑම දෙයක් ඕනෑවට වඩා භාවිතා කරන විට එය හානිකර විය හැකියි. 

ශ්‍රී ලංකාවේ බලවත්ම හා වඩාත් අවධානය දිනාගත් අමාත්‍යාංශ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය ඉහළින්ම සිටින අතර වර්තමානයේ එම අමාත්‍යාංශය වඩාත් අවධානයට ලක්ව ඇත. මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ වත්මන් ලේකම්වරයා කෘෂිකාර්මික අංශයේ ප්‍රවීනයෙකු වන අතර වයඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා ද වෙයි. කෘෂිකාර්මික අංශයේ වර්තමාන අර්බුද සහ ගැටළු මෙන්ම අමාත්‍යාංශයේ නව සැලසුම් පිළිබදව ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ‘ඩේලි මිරර්‘ පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡාවක සිංහල පරිවර්තනය පහත පළ වේ.


Q පොහොර හිඟය ගැන ගොවීන් උද්ඝෝෂණය කිරීමත් සමඟ කෘෂිකාර්මික අංශයේ අර්බුදයක් තිබෙනවා. ඔබ එයට ආමන්ත්‍රණය කිරීමට යන්නේ කෙසේද?   

කෙටි කාලීනව එය ගැටළුවක් වන්නේ මිනිසුන්-ගොවීන් සහ අනෙකුත් ව්‍යවසායකයින් රසායනික පොහොර යෙදීමට පුරුදු වී සිටි නිසයි. පසුගිය දශක තුන හතර තුළදී සිදු වූයේ රසායනික පොහොර ඔවුන්ගේ දොරකඩට ලබා දීමයි. ඔවුන් කැමති පරිදි පොහොර තම වගාවන්ට යෙදුවා. රජය පොහොර සහනාධාරයක් පවා දුන්නා. ඒ කියන්නේ ගොවීන් තමන් වගාවන්ට යොදන රසායනික පොහොරවල සැබෑ වෙළෙපොළ මිල පවා ගෙවන්නේ නැහැ. එය දැරුවේ රජයයි. ගොවීන්ගේ උද්ඝෝෂණ ගැන අපට දොස් පැවරිය නොහැකියි. එසේ කිරීමට ඔවුන් පුරුදු වී සිටිනවා. ඔවුන්ට වැදගත් වන්නේ නිර්දේශය හෝ ගුණාත්මකභාවය නොවෙයි. ඔබ පැලෑටි වගා කළ පසු එයට NPK අවශ්‍යයෙ වෙනවා. ශාකය ඒ කිසිවක් දන්නේ නැහැ. ඒවා මේ ගැන සංවේදී නැහැ. ශාකයට අවශ්‍ය පෝෂණය පමණයි. ලංකාවේ ශාකවලට පෝෂණය ලබා දෙන බාහිර යෙදවුම් (පෝෂක) පොහොර ලෙස නම් කර තිබෙනවා. ඒ අනුව ඔවුන් භාවිත කරන පොහොර වර්ග කිහිපය යූරියා, TSP සහ MOP ලෙස නම් කර තිබෙනවා. වී ගොවීන්ට යූරියා අවශ්‍යයි. ළූණු හෝ අර්තාපල් වගා කරන උඩරට ගොවියෙකුට ඔබ කතා කරන්නේ නම් ඔවුන්ට අවශ්‍ය පොහොර ඒවායේ වර්‍ණයෙන් හඳුනා ගන්න ඔවුන්ට පුළුවන්. ඔවුන් ඒවාට කියන්නේ ‘දම්කැට’ හෝ ‘නිල්කැට ‘ කියලයි. ඒ ඔවුන්ගේ ප්‍රාදේශීය ව්‍යවහාරය අනුවයි. මේ අහිංසක ගොවීන් වගා කරන විට ඔවුන්ට එයින් නිමැවුම් අවශ්‍යයි. ඒ සඳහා ඔවුන්ට ශාක පෝෂ්‍ය පදාර්ථ තිබිය යුතුයි. තමන්ට පුරුදු ආකාරයට එය නොලැබෙන විට ඔවුන් කලබලයට පත් වෙනවා. ඒ සමඟම, අපි මෙම ගැටළුව විසඳිය යුතුයි. අපට කෘෂිකර්මාන්තය රැක ගැනීමට අවශ්‍යයි. 

ඇතැම් විට කාබනික කෘෂිකර්මාන්තයේ වටිනාකම අධිතක්සේරු කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස පෙර පැවති කෘෂිකාර්මික ක්‍රමය විනාශ වුණා. දශක තුනකට වැඩි පළපුරුද්දක් ඇති කෘෂිකාර්මිකයෙකු වශයෙන් මම විශ්වාස කරන්නේ මේ ආකාරයෙන් වැරදි උපදෙස් ලබා දී ඇති බවයි. 


Q ඔබ මේ හා සම්බන්ධ ප්‍රායෝගික ගැටලු උපුටා දැක්වූවා. නමුත් රජය මහ කන්නයට මාස තුන හතරකට පෙර කාබනික ගොවිතැන හඳුන්වා දීම ආරම්භ කළා. ඔබ එය කළේ ඇයි?


අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කළ විට, අපි පැහැදිලිව සඳහන් කළේ පරිසර හිතකාමී ශාක පෝෂ්‍ය පදාර්ථ භාවිතා කළ යුතු ක්‍රමයක් හරහා යාමට අපට අවශ්‍ය බව යි. ඒ විෂ සහිත, අඩු ගුණාත්මක බවින් යුතු කෘතීම පොහොර වෙනුවට යි. එහි තේරුම නම් අපට විෂ පොහොර භාවිතා කිරීමේ සංස්කෘතියක සිට පරිසර හිතකාමී, වස විස නොවන, ස්වාභාවික, හොඳ තත්ත්වයේ සහ උසස් උත්පාදන පොහොර භාවිතා කිරීමේ සංස්කෘතියක් බවට පරිවර්‍තනය කිරීම අවශ්‍ය බවයි. මේවා ස්වාභාවිකව කාබනික යි. අපි කාබනික කෘෂිකර්මාන්තය ප්‍රවර්‍ධනය කරනවා. කෘෂිකර්මාන්තය සහ පොහොර යනු කරුණු දෙකක්. ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී කාබනික කෘෂිකර්මාන්තය යෝජනා වුණා. එය කෙටුම්පත් කිරීමට මමත් සම්බන්ධ වුණා. එය දශකයකට වැඩි කාලයක් තුළ සාක්‍ෂාත් කර ගත යුතු ක්‍රියාවලියක්. රසායනික පොහොර භාවිතය අවලංගු කිරීම ගැසට් නිවේදනයක් මඟින් නිවේදනය කළා. මම හිතන්නේ එය වැරදි උපදෙස් මත පදනම් වූවක්. මම ඒකට වගකියන්නේ නැහැ. ජනාධිපතිවරයාත් එයට වග කිව යුතු නැහැ. අපි ඉහළම දේශපාලන තලයේ තීරණ ගන්නන්ට උපදෙස් දෙන විට එය නිසි පරිදි සිදුවිය යුතුයි. මෙය සිදු නොවිය යුතුව තිබූ බව මම විශ්වාස කරනවා. දැන් අපි එය සංශෝධනය කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටිනවා. අපි ආණ්ඩුවට දොස් කියන්නේ නැහැ. සමහර විට, කාබනික කෘෂිකර්මාන්තයේ අලංකාරය අධිතක්සේරු කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස පෙර පැවති කෘෂිකාර්මික ක්‍රමය බිඳ වැටුණා. දශක තුනකටත් වැඩි පළපුරුද්දක් ඇති කෘෂිකාර්මිකයෙකු වශයෙන් මම විශ්වාස කරන්නේ මේ ආකාරයෙන් වැරදි උපදෙස් ලබා දී ඇති බවයි. එය රසායනික පොහොර අවලංගු කිරීමක් විය නොහැකියි. එය පරිසර හිතකාමී ශාක පෝෂ්‍ය පදාර්ථ ආනයනය කිරීමට ඉඩ සලසා දිය යුතුව තිබුණා. එම ගැසට් පත්‍රය ඒ අයුරින් ප්‍රකාශ කළා නම් අද රටේ හොඳ තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබුණා. ඉන්පසු, අපිට ඒ ගැන ලස්සනට වැඩ කරන්න තිබුණා. වැරදි වැඩ කරන ප්‍රතිපත්තියක් සමඟ වැඩ කිරීමට අපට සිදු වුණා. අපි දැන් උත්සාහ කරන්නේ දේශපාලන ක්‍රමයේ හා පරිපාලන ක්‍රමයේ ආශිර්වාදය ඇතිව එය නිවැරදි කිරීමටයි. 

  
Q ඔබ දැන් මෙම තීරණය නැවත සලකා බැලීමට යන්නේ කෙසේද?


ජනාධිපතිවරයා, මැති ඇමතිවරුන්, පර්යේෂකයින් සහ පරිපාලකයින් සමඟ අප කළ සාකච්ඡාවේදී පවා අපි මෙම ගැටලුව මඟහරවා ගැනීමට සැලසුම් කර ඇති බව ඉතා පැහැදිලිව සඳහන් කළා. අපට එම අනවශ්‍ය විෂ සහිත පොහොර වෙනුවට සම්මත ජෛව පොහොර යෙදිය හැකියි. යූරියා ද විෂ සහිත ද්‍රව්‍යයක් නොවෙයි. එය වෙනත් බොහෝ කර්මාන්ත වල භාවිතා වෙනවා. අපි ඕනෑම දෙයක් ඕනෑවට වඩා භාවිතා කරන විට එය හානිකර විය හැකියි. අපි දැන් ගොවීන් සඳහා ප්‍රමිති, අයදුම් කිරීමේ ක්‍රියා පටිපාටිය සහ පුහුණු සැසි සකස් කිරීමට සැලසුම් කර තිබෙනවා. එය සමස්ථ රාමුවක්. ඒ සඳහා අපට යම් කාලයක් අවශ්‍යයි. මහ කන්නය දැන් ආරම්භ වී තිබෙනවා. අපට ආහාර සුරක්‍ෂිතතාවය අවශ්‍යයි. අපේ ප්‍රතිපත්තියේ සම්මුතියක් අවශ්‍යයි. වරදක් සිදු වී ඇත්නම් එය නිවැරදි කිරීම මගේ යුතුකමක්. අපි කැමති රජයේ ප්‍රතිපත්ති අනුව යන්න. ඒ සමඟම අපට අපේ කෘෂිකර්මාන්තය රැක ගැනීමට අවශ්‍යයි. 

ඕනෑම ප්‍රතිශතයක බැක්ටීරියා තිබේ නම් එය ගැටලුවක්. සමාගම පවසන්නේ එහි නිෂ්පාදනය මුළුමනින්ම ආරක්‍ෂිත බවත් වන්ධ්‍යාකරණය කළ බවයි. එවැනි සංඝටක මෙහි ගෙන නොඑන ලෙස අපි සංඥාවක් ලබා දී තිබෙනවා.


Q දැනට පවතින ගැටලුව ජය ගැනීම කෙතරම් අභියෝගාත්මකද?


එය අභියෝගයක්. මම මෙතැනට ඇවිත් මාස හතරක් පමණයි. මුලදී මමත් ව්‍යාකූල වුණා. මම මගේ මිතුරන් සමඟ අභියෝගයට මුහුණ දීමට කැමතියි. මම දන්නවා සිස්ටම් එකේ ඉන්න අය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මගේ ගුරුවරු. අනෙක් අය මගේ මිතුරන්, ඔවුන්ගේ මිතුරන් යනාදී වශයෙන් මට මේ අයගේ සහයෝගය තිබෙනවා. ඒ සමඟම මට බොහෝ අවවාද හා විවේචන ලැබෙනවා. රජයේ ප්‍රතිපත්තියට අනුකූලව, අපට අවශ්‍ය වන්නේ ඓන්ද්‍රීයව නැඹුරු, පැලෑටි පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීමට යි. මෙය ඊළඟ පියවරට පැමිණෙන විට ඔබට වෙනත් රටවලින් ඉතා උසස් පිළිගත් තෙවන පරම්පරාවේ පොහොර ලැබේවි. මේවා ඉතා නව්‍ය නිෂ්පාදනයි. අපි එම පොහොර ලංකාවට ආනයනය කරන්නේ වී සහ අනෙකුත් අංශ ආවරණය වන පරිදි අපගේ කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන නිසයි. අප කාබනික පොහොර නිෂ්පාදනය දියුණු කර ඇත්තේ සියයට 30ක් පමණයි. ඉතිරි ටික අපි ආනයනය කළ යුතුයි. අපි ඉන්දියාවෙන් ආනයනය කරන්න යනවා. අපි මේ සියලු නිෂ්පාදන පරීක්‍ෂා කර තිබෙනවා. ඒවා ඉතා හොඳයි. අපි ඒවා මෙතැනට ගෙන ඒමේ කටයුතු කරගෙන යනවා. එය දුටු විට ගොවීන් සතුටු වන බව මට විශ්වාසයි. අපි පොහොර දෙනවා. ඒ සමඟම අපි අපේ ප්‍රතිපත්තියත් ක්‍රියාත්මක කරනවා. අපි මෙහි ගෙන එන නිෂ්පාදනය නැනෝ තාක්‍ෂණය පදනම් කරගත් නිෂ්පාදනයක්. එය ඉන්දියාවේ බහුලව භාවිතා වෙනවා. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවා එය ප්‍රවර්‍ධනය කරමින් සිටිනවා. සෑම අවස්ථාවකදීම නැනෝ පොහොර ආනයනය කිරීමට අපට අවශ්‍ය නැහැ. අපට එවැනි නිෂ්පාදන මෙහි නිෂ්පාදනය කිරීමට අවශ්‍යයි. ලබන වසරේදී, අපේම නිෂ්පාදන දියුණු කර ගැනීමට හැකි වේ යැයි අපි බලාපොරොත්තු වෙනවා.


ප්‍රශ්නය: මේ වන විටත් සමහර ගොවීන් බඩ ඉරිඟු වැනි වගාවන් අත්හැර දමා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස බෝග අඩු වීමක් සිදුවුවහොත් ඔබ කුමක් කරන්නේද?


අපි ඇත්තෙන්ම කලබල විය යුතු කාරණය එයයි. කෙතට යාමට පෙර ගොවීන්ගේ ඇස්තමේන්තුවක් තිබෙනවා. පොහොර සහ අනෙකුත් යෙදවුම් නොදැක ඔවුන් කුඹුරට පැමිණ වැඩ කිරීමට තරමක් මැලි වෙනවා. ඉදිරි දින දහය තුළදී එය හොඳින් සිදු වේවි. ගොවීන් තුළ ධනාත්මක මානසිකත්වයක් ඇති වේවි. අපි පරිපාලකයින් බව ඇත්ත. සියලුම පරිපාලකයින් ශ්‍රී ලාංකිකයන්. කෘෂිකර්මාන්තය කෙසේ හෝ විනාශ කිරීමට ඔවුන්ට අවශ්‍ය නැහැ. ආහාර සුරක්‍ෂිතතාවය තහවුරු කරන බව ජනාධිපතිවරයා නිවැරදිව ප්‍රකාශ කළා. ඔවුන්ට අවශ්‍ය දේ ලබා දීමට අපි හැකි සෑම දෙයක්ම කරනවා. අපේ ආහාර සුරක්‍ෂිතතාව ගැන සැලකිලිමත් වීමට අපට හැකියි. බඩඉරිඟු වගාව යම් ප්‍රමාණයකින් අඩු වී තිබෙනවා. මේ බඩඉරිඟු වගාව ආරම්භ කරන කාලයයි. පොහොර නැති විට එය ප්‍රශ්නයක්. සති දෙකකින් මේ ගැටලුව විසඳිය හැකි බව මට විශ්වාසයි.   

කිසිවෙකුට භාර ගැනීමට අවශ්‍ය නැති අවස්ථාවක මම මෙම තනතුර භාර ගත්තා. මම උපකුලපතිව සිටියා. මට සියලු වරප්‍රසාද තිබුණා. මට සතුටින් ඉන්න තිබුණා. මට අවශ්‍ය වූයේ මෙම අභියෝගය ජය ගැනීමටයි. මට විශ්වාසයි මට එය කළ හැකි බව.


Q බඩඉරිඟු අපි සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා භාවිතා කරනවා. සත්ව ආහාර හිඟයක් ඇති වූ විට එය සත්ව නිෂ්පාදන, විශේෂයෙන් කුකුළු නිෂ්පාදන කෙරෙහි බලපානවා. ඔබ එයට ආමන්ත්‍රණය කිරීමට යන්නේ කෙසේද?


මේ සම්බන්ධයෙන් අපි මුදල් අමාත්‍යවරයා සහ කෘෂිකර්ම පරිපාලකයින් සහ අමාත්‍යවරුන් දෙදෙනා සමඟ ඉහළ පෙළේ සාකච්ඡාවක් පැවැත්වුවා. බඩඉරිඟු හිඟයක් ඇත්නම් එය සත්ත්ව නිෂ්පාදනයට බලපානවා. බඩඉරිඟු නිෂ්පාදනයේ යම් ගැටළුවක් ඇත්නම් එය අතිරේකව ලබා දීමට අවශ්‍යයි. අපේ පශු සම්පත් කර්මාන්තයට බලපෑමක් කරනවාට අපි කැමති නැහැ. මම විශ්වාස කරනවා මිනිස්සු ඉක්මනින් වගා කටයුතු ආරම්භ කරයි කියලා. වසංගතය අපේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ද බලපෑම් කළා. පහසුකම් සැකසීමේදී අපි සිටියේ අවාසිදායක තත්ත්වයක යි. දැන් පද්ධතිය එන්නත් කිරීමේ යන්ත්‍රය සමඟ ක්‍රියා කරනවා. අපි ටිකක් වේගයෙන් යන්න ඕන. බඩඉරිඟු වගාව යළි පෙර පැවැති ස්ථාවර තත්ත්වයට පැමිණෙනු ඇතැයි මම සිතනවා. හෙක්ටයාර් ලක්ෂයක බඩඉරිඟු වගා කිරීමට අපි සැලසුම් කළා. මම හිතන්නේ මේ වන විට හෙක්ටයාර් 80,000 ක් වගා කර තිබෙනවා. ඉතිරි අක්කර 20,000 පොහොර ලැබීමත් සමග වගාවට සූදානම් කරයි.


Q කාබනික පොහොර ඉන්දියාවෙන් ආනයනය කළ බව ඔබ පැවසුවා. හානිකර බැක්ටීරියා හඳුනා ගැනීම සඳහා රසායනාගාර පරීක්ෂණ සඳහා ප්‍රමාණවත් පහසුකම් අප සතුව තිබෙනවාද ?


එය ඉතා හොඳ ප්‍රශ්නයක්. අපේ පැලෑටි නිරෝධායන විද්‍යාගාර මේවා පළමුවරට පරීක්‍ෂා කරන්නේ නැහැ. ශාක ආරක්‍ෂාව සඳහා අපට ඉතා හොඳ ඉතිහාසයක් තිබෙනවා. අනවශ්‍ය රෝග කාරක මෙරටට ගෙන ඒමේදී එම වෘත්තියේ නියුතු අය කිසි දිනෙක වග කිව යුතු නැහැ. ඔවුන් තමන්ගේ රාජකාරිය කරනවා. මම ඔවුන්ට ඇත්තෙන්ම ස්තූතිවන්ත වෙනවා. කිසියම් රෝග කාරකයක් පැමිණියහොත් එය ව්‍යසනයක්. ඒ සඳහා ඔවුන්ට පහසුකම් තිබෙනවා. අනෙක් රටවල පහසුකම් සමඟ එම පහසුකම් සියයට සියයක්ම ගැලපෙනවා යැයි මින් අදහස් වන්නේ නැහැ. අපට තවත් උපකරණ, නවීන උපකරණ ලබා ගැනීමට අවශ්‍යයි. අපට අරමුදල් ලැබී තිබෙනවා. මට විශ්වාසයි මේ පහසුකම් හරි යයි කියලා. නමුත්, ඔවුන් හොඳ රැකියාවක් කරනවා. දැනට තිබෙන පහසුකම් සහිතව ඔවුන්ට ඉතා නිවැරදි වාර්තා ලබා ගත හැකියි. අපේ රටේ ශාක හා සත්‍ව ආරක්‍ෂක පද්ධතිය කාර්‍යක්‍ෂමයි. ඔවුන් කිසිදු අයුතු ක්‍රියාවකට සම්බන්ධ වන්නේ නැහැ.

ගොවීන් තුළ ධනාත්මක මානසිකත්වයක් ඇති වෙිවි. අපි පරිපාලකයින් බව ඇත්ත. සියලුම පරිපාලකයින් ශ්‍රී ලාංකිකයන්. කෙසේ හෝ කෘෂිකර්මාන්තය විනාශ කිරීමට ඔවුන්ට අවශ්‍ය නැහැ. 

 
Q චීනයෙන් ආනයනය කරන ලද කාබනික නයිට්‍රජන් නිස්සාරක සාම්පල ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අර්බුදයක් හටගෙන තිබෙනවා. එවැනි කාරණා වල අඩංගු අහිතකර බැක්ටීරියා පිළිබඳ පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමට අවම වශයෙන් දින 67 ක් ගත වන බව චීන තානාපති කාර්යාලය පැවසුවා. එහෙත්, අපි දින තුනක් තුළ එය කර තිබෙනවා. චීන සමාගම එයට විරුද්ධ වුණා. ඔබ එයට ආමන්ත්‍රණය කිරීමට යන්නේ කෙසේද?


මගේ මට්ටමට අනුව, මා සතුව ඇති තොරතුරු සමඟ මෙය පැලෑටි ආරක්‍ෂක විශේෂඥයින් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කණ්ඩායම විසින් ගනු ලැබූ කාර්මික ගැටලුවක්. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න අපට වෙනම අතිරේක ලේකම්වරුන් සිටිනවා. ඔවුන් ඉතා නිවැරදිව ඒ සමඟ කටයුතු කර මට වාර්තා කරනවා. අපට මුලින්ම ලැබුණු සාම්පල එවැනි බැක්ටීරියා ඇති බව සොයා ගත්තා. එය සිදු වූයේ ඇයිද යන්න සැකයක් ඇති වුණා. එය සිදු විය හැකි යැයි අපි විශ්වාස කළේ නැහැ. අපි ඉතා පැහැදිලි, විනිවිද පෙනෙන, ප්‍රසම්පාදන පටිපාටි අනුගමනය කර තිබෙනවා. අපි සියලු ප්‍රමිතීන් අනුගමනය කර තිබෙනවා. ඊට පස්සේ, අපි දෙවන සාම්පලය ගෙනාවා. එය විවිධ ස්ථාන තුනකදී පරීක්‍ෂා කළා. අපි එයම සොයා ගත්තා. ඕනෑම ප්‍රතිශතයක බැක්ටීරියා තිබේ නම් එය ගැටලුවක්. සමාගම පවසන්නේ එහි නිෂ්පාදනය මුළුමනින්ම ආරක්‍ෂිත බවත් වන්ධ්‍යාකරණය කළ බවයි. අපේ පර්යේෂකයින් තමන් කළ දේවල ප්‍රතිඵල පැහැදිලිව පෙන්නුම් කර තිබෙනවා. එය දින තුනක් හෝ දින හතරක් වුවත් ඔවුන් එය ආරක්ෂා කරනවා. සම්පූර්ණ වාර්තාවක් දීමට දින 6 ක් ගත විය හැකියි. එවැනි සංඝටක මෙහි ගෙන නොඑන ලෙස අපි සංඥාවක් ලබා දී තිබෙනවා.  ප්‍රමුඛ සමාගමක් වශයෙන් එය තානාපති කාර්යාලයට වාර්තා කර තිබෙනවා. එය ලොකු ප්‍රශ්නයක් ඇති කිරීමට හේතුවක් නොවෙයි. අප සතුව සාක්ෂි තිබෙනවා. අපි එය ඔප්පු කිරීමට යනවා. එය ආණ්ඩුවට ප්‍රශ්නයක් නොවෙයි. චීනය අපට විවිධාකාරයෙන් උදව් කරන රටක්. එම පොහොර නැව්ගත කිරීම දැනට නතර කර ඇතත් ක්‍රියාවලිය තවමත් වසා නැහැ. මෙය ජාත්‍යන්තර ප්‍රසම්පාදනයක්. අදාළ සමාගම අපෙන් කිසිදු මූල්‍ය ඉල්ලීමක් නොකරන බව මට විශ්වාසයි. සමාගම එය අවබෝධ කර ගනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරනවා


Q මේ සම්බන්ධයෙන් ඔබ චීන සමාගම සමඟ සම්බන්ධව සිටිනවාද ?


ඇත්ත වශයෙන්ම, මට එවැනි සම්බන්ධයක් නැහැ. ඒ සඳහා අපට වෙනම ලේකම්වරයෙක් සිටිනවා.


Q දේශීයව වගා කළ හැකි ආහාර බෝග සඳහා රජය ආනයන සීමා පනවා තිබෙනවා. එහෙත් වසර දෙකකින් දේශීය අස්වැන්න තවමත් ප්‍රමාණවත් නැහැ. මෙම අයිතමයන්ගේ මිල ගණන් ඉහළට ගොස් තිබෙනවා. ඔබ ස්වයංපෝෂිත භාවයක් ලබා ගැනීමට යන්නේ කවදාද?


ඔබ 2019 සංඛ්‍යා දෙස බලන විට තත්වය යහපත් විය හැකියි. කොවිඩ් තත්ත්වයත් සමඟ ක්ෂේත්‍ර චාරිකා, සම්බන්ධීකරණය හා බීජ බෙදා හැරීම අඩාල වුණා. අපට විශාල මෙගා ව්‍යාපෘති හයක් තිබෙනවා. අපිට ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා. අමාත්‍යාංශය ද යම් ගැටලුවකට මුහුණ දුන්නා. ප්‍රාදේශීය මට්ටමින් සමහර නිලධාරීන්ට වැඩ කිරීමට නොහැකි වුණා. මේ සියල්ල යම් ප්‍රමාදයකට තුඩු දුන්නා. අපි දැන් එය අල්ලාගෙන යනවා. පසුගිය මාස තුන තුළ අපි වැඩට බැස්සා. ව්‍යාපෘති කළමනාකරණය මගේ විෂයයක්. එය මගේ ප්‍රවීණතා ක්ෂේත්‍රයයි. පසුගිය අවුරුදු 20 තුළ මම එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ කළමනාකරණය සඳහා සම්බන්ධ වී සිටියා. මගේ කාර්යභාරය ඉටු කිරීමට මට මෙය හොඳ අවස්ථාවක්. කිසිවෙකුට භාර ගැනීමට අවශ්‍ය නැති අවස්ථාවක මම මෙම තනතුර භාර ගත්තා. මම උපකුලපතිව සිටියා. මට සියලු වරප්‍රසාද තිබුණා. මට සතුටින් ඉන්න තිබුණා. මට අවශ්‍ය වූයේ මෙහි වැඩ භාරගෙන භාර ගත් කටයුත්ත ජය ගැනීමටයි. මට එය කළ හැකි බව මට විශ්වාසයි. කෘෂිකර්මාන්තය කියන්නේ පොහොර පමණක් නොවෙයි. පොහොර කියන්නේ කෘෂිකර්මාන්තය හා සම්බන්ධ වෙනත් සිය ගණනක් දේවල් වලින් එකක් පමණයි. මගේ කණ්ඩායම සහ අනෙකුත් පාර්ශවකරුවන් මේ අභියෝග ජයගත හැකිවනු ඇති බව මට විශ්වාසයි.


Q ස්වයංපෝෂිත භාවයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි යැයි ඔබට විශ්වාසද ? 


මම විශ්වාස කරනවා. යෙදවුම් ලබා දී ඇත්නම් එය කළ හැකියි. පසුගිය දශක කිහිපය තුළ කෘෂිකර්මාන්තය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් අපට තිබුණේ නැහැ. එය දියුණු කිරීම සඳහා මම පෞද්ගලිකවම සම්බන්ධ වුණා.  මම එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා.  

ඔක්තෝබර් 19 වැනි දා ඩේලි මිරර් පුවත්පතේ පළ වූ ලිපියක පරිවර්තනයකි

Recommended For You

About the Author: Thusal