EXPO 2020 ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යයි

ඩුබායි හි මේ දින වල පැවැත්වෙන එක්ස්පෝ 2020 ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යයි. පසුගිය දින 23ක කාලය තුල 11000කට වැඩි පිරිසක් ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය නරඹා ඇතැයි සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අලුත්ම වාර්තා තහවුරු කරයි.

ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා මණ්ඩපයේ නිර්මාණය මොරටුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සිදු කෙරුණි. එය ශ්‍රී ලංකාවේ පෞඪ ජලාශ්‍රිත ශිෂ්ටාරය විදහා දක්වන නිර්මාණයකි.

ජනවාරි මස 03 දින එක්ස්පෝ ඩුබායි ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනය ලෙස නම් කර ඇති අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එදිනට එක්ස්පෝ ඩුබායි ප්‍රදර්ශනයට සහභාගී වීමට නියමිතය.

Recommended For You

About the Author: Thusal