සේවය නිම වූ ඇමරිකන් තානාපතිනිය ජනපති හමුවට

සේවය නිමවා සිය රට බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz) මහත්මිය අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

එහි දී ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ඇලයිනා මහත්මිය දැක්වූ සහය අගය කළ ජනාධිපතිතුමා  කොවිඩ්  වසංගතය මර්දනය සඳහා එන්නත්කරණය, වෛද්‍ය උපකරණ සැපයීම ඇතුළු ක්‍රියාවලියේ දී ඇමරිකානු රජය මෙරටට දැක්වූ සහාය පිළිබඳව ද සිය කෘතඥතාව පළ කළේය.

එන්නත්කරණයේ දී සහ කොවිඩ්  මර්දන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය  පිළිබඳ සතුට පළ කළ තානාපතිනිය සිය රාජකාරි පහසු කර ගැනීම සඳහා මෙරටින් ලැබුණු සහයෝගයට ජනාධිපතිතුමාට සහ රජයට ස්තූතිය පළ කළා ය .

ඇලයිනා බී. ටෙප්ලිට්ස්  මහත්මියගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ද ජනාධිපතිතුමා සිය සුභාශීංසන එක් කළේය.

Recommended For You

About the Author: Thusal