ගුරු විදුහල්පති අරගලයට සහය පළ කරමින් දඹුල්ලේදී තවත් උද්ඝෝෂණයක්

දීප ව්‍යාප්ත ගුරු විදුහල්පති අරගලයට සහය පළ කරමින් දිවයිනේ පාසල් හත්සීයක් මූලික කොට ගනිමින් පැවති උද්ඝෝෂණ මාලාවේ තවත් උද්ඝෝෂණයක් අද (03) දඹුල්ල ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිටදී පැවැත් විය.

එහිදී දෙමව්පියන් පිරිසක් පාසල් ගේට්ටුව ඉදිරිපිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවයක නිරත වූහ. විරෝධතාවයට එක්වූ  දෙමව්පියන් කියා සිටියේ පවතින සෞඛ්‍ය තත්ත්වය හේතුකොටගෙන ඉතා සීමිත පිරිසක් පාසල ඉදිරිපිටට ගෙනැවිත් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ගෙන යන සටනට ඔවුන්ගේ සහයෝගය ලබාදුන් බව යි.

සටහන සහ ඡායාරූප – දඹුල්ල කාංචන කුමාර ආරියදාස

Recommended For You

About the Author: Thusal