රට වටේ වීසිරි සිටින ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ ‘රජරට සලකුණු‘ අතුල බණ්ඩාර

රජරට  ප්‍රදේශයේ  ජනතාවගේ ප්‍රශ්න ගැටලු බලධාරීන් හමුවේ තබන්නට වසර  ගණනාවක් තිස්සේ ජනමාධ්‍ය ඔස්සේ සුවිශාල වූ සේවාවක් සිදු කල අප සහෝදර  ජනමාධ්‍යවේදී අතුල බණ්ඩාර මහතා හදිසියේ රෝගාතුර වීම් හේතුවෙන් මිය ගිය පුවත දැන ගැනීමත් සමඟ රට වටේ විසිරී සිටින ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීහු මොහොතකට නිසල වූ බව නොරහසකි.

ජනමාධ්‍යවේදීන්ට පුදුමාකාර  ලෙන්ගතුකමක්, ඇලුම් කමක් දැක්වූ අතුල බණ්ඩාර නම් වූ ජේෂ්ඨ මාධ්‍ය සගයා ප්‍රාදේශීය විසිරී සිටින බොහෝ මාධ්‍යවේදීන්න්ට  නම් ඉදිරියෙන් අයියා මල්ලි යනුවෙන් කතා කිරීම් නිසාම ඔහුට බොහෝ දෙනෙක් ආදරය කරන්නට වූ අතර  බහුතරයක් ඔහුටද අතුල අයියා යන නමෙන් ආමන්ත්‍රණය කරන්නට විය.

අතුල බණ්ඩාර මහතාට වැඩිමල් අය ද ඔහුට අයියා යනුවෙන් කතා කළේ සැබැවින්ම ඔහු මාධ්‍ය මිතුරන් අතරේ ලොකු අයියා ලෙස හඳුනා ගෙන තිබුණු නිසාවෙනි.

1985 වසරේ  දිනකර පුවත්පතින් සිය මාධ්‍ය කලාව ආරම්භ කළ අනුරාධපුරේ අතුල බණ්ඩාර  මාධ්‍ය සගයා පසුකාලීනව ලංකාදීප පුවත්පතේ උතුරු මැද පළාතේ මාණ්ඩලික වාර්තාකරු බවට පත්විය. එපමණක් ද නොව ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අංශය ආරම්භක  කාලයේ මුල්ම මාධ්‍ය සගයෙකු ලෙස ද අතුල ක්‍රියා කළේය. පසුව මෙරට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය රැසක් උතුරු මැද පළාත නියෝජනය කරන ප්‍රවෘත්ති වාර්තාකරු ලෙස ද සමාජයේ සුවිශේෂ වූ වාර්තාකරණයක අතුල අයියා නිරත විය.

එපමණක්ද නොව පසුගිය එල්ටීටීඊ යුද සමයේ අතුල ගෙන් ලෝකය පුරා එම තොරතුරු දැන ගත්තේ බීබීසී ලෝක සේවය හරහා ය.  අනුව අතුලට රට වටේ පමණක් නොව ලෝක වටේ මාධ්‍යවේදීන් රැසක් මිතුරුකම් පාන්නට විය.

දරුවන් තිදෙනෙකුට පියෙකු වූ  අතුල  සිය බිරිඳ සමග මෙන්ම දරුවන් සමග ද ඉතා සමීපව ඇසුරක්ක් පවත්වාගෙන යමින් නිරහංකාර මිනිසෙකු ලෙස, පියෙකු ලෙස ආදර්ශමත් සැමියෙක් ලෙස සැමටම ගරු කරන සැබෑ මානව හිතවාදී මාධ්‍ය සහෘදයකු ලෙස අප හඳුනාගෙන තිබුණි.

ජනමාධ්‍යවේදියෙකු ලෙස ඔහු සිදුකරන ලද සේවාවන් අතිමහත්ය. ලංකාදීප පුවත්පත් හරහා වාර්ෂිකව පවත්වන ආලෝක පූජාවන්හිදී මෙන්ම ඓතිහාසික ජයසිරිමහ හාමුදුරුවන්ගේ රුවන්වැලි මහ සෑ රදුන්ගේ ඇතුළු අටමස්ථාන වල නායක ස්වාමීන් වහන්සේලා මෙන්ම අනුරාධපුර ප්‍රදේශීය බොහෝ වෙහෙර විහාර විහාරස්ථානවල  නාහිමිවරුන් සමග ඉතා සමීප ඇසුරක් පැවැත්වූ අතුල බණ්ඩාර මහතාට  මිය යන තුරු ම බොහෝ දෙනා ආදරයය කළ මිනිසෙකි.

ප්‍රාදේශීයව විසිරී සිටින ජනමාධ්‍ය  සගයන්ට නිතරම අතුල මහතා කියා සිටියේ මාධ්‍ය වෘත්තිකයන් ලෙස තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනා දිනාගැනී ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව සකසා ගන්නා ලෙසය.

ලෝකයේ අනෙකුත් රටවලට වඩා මෙරට ප්‍රාදේශීය විසිරී සිටින වෘත්තීය මාධ්‍ය  සහෝදරයන්ට වෘත්තීය අයිතිවාසිකම් අහිමිවන බව අතුල නිතර අප සමග පැවසුව ද ඇතැම් අවස්ථාවන්හි දී මාධ්‍යවේදීන්ට නැගුණු තර්ජන ගර්ජන හමුවේ ඔහු සටන්කරුවෙකු ලෙස මාධ්‍ය සංවිධාන සමගද එක්ව ක්‍රියා කළ සගයෙකි.

දිවයිනේ  බොහෝ මාධ්‍ය සගයන්  එමෙන්ම මාධ්‍ය ආයතන ප්‍රධානින් අනුරාධපුර හරහා කොහේ ගියත් අතුලට  කතා නොකර යන්නේ ඉතා සුළු පිරිසකි. අනෙක් සියලු දෙනාම අතුලගේ  නවාතැන්පොළට ගොඩවී අතුල බලා ඔහු සමඟ සිනහ වී තේ කෝප්පයක් හෝ සප්පායම් වී යන්නට පුරුදු පුහුණු වී සිටි බව අප දනිමු.

අවස්ථා ගණනාවක්දී අතුලගේ එම හොඳ පුරුද්ද පිළිබඳව කතාබහට ලක්වූ අවස්ථා අපමණය. එමෙන්ම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක තම මාධ්‍ය සගයෙකුගේ පවුලේ අයෙකුගේ වුවද කරදරයක් වූ විට අතුල ගෙන් පළමු ඇමතුම් ලැබෙන බව මා ද දැන් සිටියෙමි. අතුල අයියාගේ අභාවය පිළිබඳව ද ඒ ආකාරයෙන් පළමු ඇමතුම් ලැබෙද්දී මාගේ ද සංවේගය පිළිබඳව හිතා ගැනීමට ද නොහැකි විය.

රට වටේ මාධ්‍යවේදීහු සමග ඉතා ආදරෙන්  ලෙන්ගතු කමින් ක්‍රියාකළ ආදරණීය අතුල බණ්ඩාර ජේෂ්ඨ මාධ්‍යවේදී යානන්ට  රට වටේ විසිරී සිටින ප්‍රාදේශීය සියලු ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් නිවන් සුව අත්වේවායි සියලු දෙනා වෙනුවෙන් පතන්නෙමු.

කාංචන කුමාර ආරියදාස

Recommended For You

About the Author: Thusal