අන්නපූර්ණ දේවියගේ පිළිමය කැනඩාවේ සිට ආපසු ඉන්දියාව‍‍ෙ කාෂි විශ්වනාත් දේවාලයට

එය ශතවර්ෂයකට පමණ පෙර කාෂි නගරයෙන් සොරකම් කර කැනඩාවට ගෙන ගොස් ඇත

සෙන්ටිමීටර 17 x 9 x 4 ප්‍රමාණයේ ගල් පිළිමය කාෂි ප්‍රදේශයෙන් සොරකම් කර කැනඩාවට හොර රහසේ ගෙන ගොස් ඇත්තේ සියවසකට ඉහතදීය. දේවි අන්නපූර්නා යනු එහි නමට අනුව ආහාර හා පෝෂණයේ දේවතාවියයි.

මෙම ප්‍රතිමාව නොවැම්බර් 15 වැනිදා බරණැස් නුවර කාෂි විශ්වනාත් කෝවිලේ තැන්පත් කිරීමට නියමිතය.

ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනයට අන්නපූර්ණ දේවියගේ පිළිමය මේ වසරේ ඔක්තෝබර් 15 වැනිදා ලැබුණු බව සංස්කෘතික අමාත්‍යාංශය පවසයි.

18 වැනි සියවසට අයත් මෙම පිළිමය පසුගිය වසරේ කැනඩාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා වෙත විශ්වවිද්‍යාලය විසින් භාරදෙන විට එහි මැකෙන්සි කලාගාරයේ රෙජිනා විශ්වවිද්‍යාලයේ එකතුවේ තිබූ බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් කැනඩාවේ තිබු මෙම පිළිමය ආපසු ලබා දෙන බව පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සිය ගුවන් විදුලි විකාශනය වූ ‘මන් කි බාත්’ මගින් ප්‍රකාශ කර තිබුණි.

බ්‍රහස්පතින්දා දිල්ලියේ පැවති උත්සවයකදී පිළිමය නිල වශයෙන් උත්තර් ප්‍රදේශ් රජය වෙත භාර දෙන ලදී.

ඉන්දීය මධ්‍ය සංස්කෘතික අමාත්‍ය ජී කිෂාන් රෙඩ්ඩි මාධ්‍ය වෙත දක්වමින් කියා සිටියේ ඇමරිකා එක්සත් ජනපදයෙන් තවත් පුරාවස්තු 157 ක් හඳුනාගෙන ඇති අතර ඒවා ඉක්මනින් ඉන්දියාවට පැමිණෙන බවයි.

අන්නපූර්ණ දේවියගේ ප්‍රතිමාව නැවත කාෂි විශ්වනාත් වෙත ගෙන ඒමට දැරූ උත්සාහය පිළිබඳව ඉන්දීය සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලේඛී අගමැති මෝදිට ස්තූතිය පුද කළාය.

“කාලය වෙනස් වී ඇත, කලින් ඉන්දියාවේ සංස්කෘතික සංකේත ඉවත් කළ නමුත් දැන් හානිය ඉවත් වෙමින් පවතින අතර අහිමි වූ භාණ්ඩා දැන් ඉන්දියාවට ගෙන එනු ලැබේ” යනුවෙන් ඇය පැවසුවාය.

1976 සිට පිළිම 55ක් ඉන්දියාවට ආපසු ලබා දී ඇත. පුරාවස්තු 55 න් 42 ක් 2014 න් පසු ආපසු ලබා දී ඇත.

අග්‍රාමාත්‍ය මෝදිගේ මෑතකාලීන ඇමරිකා සංචාරයේදී හින්දු, බුද්ධාගම සහ ජෛන ආගමට අදාළ කෞතුක වස්තු, පුරාවස්තු සහ ප්‍රතිමා 157ක් ඇමෙරිකානු රජය විසින් ඉන්දීය රජය වෙත භාර දෙන ලදී.

Recommended For You

About the Author: Thusal