ඇමරිකාවේ හොලිවුඩයට චීනයෙන් CHINA WOOD !

මරිකාව සමග චීනයේ යුද්ධය ආර්ථික, දේශපාලන, රාජතාන්ත්‍රික කේෂ්ත්‍ර තුල පමණක් නොව දැන් එය සංස්කෘතික කේෂ්ත්‍රයටත් පුළුල් වී ඇතිබව වාර්තා වේ. ඒ අනුව චීනයේ නවතම ආයෝජනය බවට පත්ව ඇත්තේ සිනමාවයි.

චීනයේ කහ මුහුදට ආසන්න ප්‍රදේශයක් ලෙස සැලකෙන GINGDAO හිදී චිත්‍රපට නිෂ්පාදනය සඳහා ඩොලර් බිලියන 6ක වියදමින් මහා පරිමාණයෙන් ඇමරිකාවේ හොලිවුඩයට සමාන චිත්‍රපට ගම්මානයක් ගොඩනගා ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.

යුරෝපයේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වඩාත් හොඳින් ප්‍රයෝජනයට ගනු ලබන්නේ චීනය හා රුසියාවයි. තම ආර්ථික හා දේශපාලන ප්‍රචාරක ජාලය පැතිරවීම (soft power) සඳහා විශාල වශයෙන් රුපවාහිනී නාලිකා, සමාජ ජාල, පුවත්පත්, සඟරා මේ සඳහා යොදා ගනී. මෙම ක්‍රියාකාරිත්වයන් යුරෝපා සංගමයට මේ වන විට බරපතළ හිසරදයක් බවටද පත්ව ඇත. විශේෂයෙන්ම විශ්ව විද්‍යාල පද්ධති තුල චීනයට හිතවත් කණ්ඩායම් බිහිකර ගැනීමටද මේ මගින් ඔවුන්ට හැකි වී ඇති බව මෑතකදී ප්‍රංශ සෙනට් සභාව විසින් නිකුත් කරන ලද වාර්තාවකින්ද රජයට අනතුරු හඟවන ලදී. ඒ අතර time සඟරාව ඊයේ (15) හෙළිදරව් කරනු ලැබුවේ ලොව පුරා වාසය කරන චීන ජාතිකයින් චීන රජය වෙනුවෙන් සමාජ ජාලා ඔස්සේ ප්‍රචාර ජාලයන් සිදුකරන බවයි.

ඒ අනුව ඉදිරියේදී චීනයේ මෙම නවතම සිනමා ගම්මානය වන china wood නිපදවන චිත්‍රපට යුරෝපය ඇතුළු ලොව පුරා රටවල ප්‍රදර්ශණය කරනු ඇත. මේ වන විටත් විශාල වශයෙන් විද්‍යා ප්‍රබන්ධ මුල්කරගත් චිත්‍රපට රාශියක් නිෂ්පාදනය වෙමින් පවතින බව පැවසේ. මෙම චිත්‍රපට ගම්මානය තුල පාපන්දු පිට්ටනි 500කට සමාන විශාලත්වයකින් යුතු විශාල ස්ටුඩියෝවක් දක්නට ලැබෙන බව බටහිර මාධ්‍ය වාර්තා කර සිටි. ඒ අතර තරු පහේ හෝටල් 5ක්, විශාල ආර්ථික මධ්‍යස්ථානයක්, චිත්‍රපට පාසලක් හා රෝහලක්ද අයත්වේ. චිත්‍රපට නිෂ්පාදනය සඳහා ලොව පුරා සිනමාවේදින්ට චීන රජය ආරාධනා කර ඇත.

චීනය වසරකට චිත්‍රපට 400ක් නිෂ්පාදනය කරන රටක් ලෙස මේ වනවිට ලොව පුරා ප්‍රසිද්ධව ඇත.

lankatruth ඇසුරිනි

Recommended For You

About the Author: Thusal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *