පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා තනතුරෙන් ඉවත් කරනවා – කෘෂිකර්ම ඇමති

පළිබෝධ නාශක රෙජිස්ටාර් ආචාර්ය ජේ.ඒ සුමිත් ධුරයෙන් ඉවත් කරන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අවධාරණය කළේය.

රජයේ ප්‍රතිපත්තියට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාට එරෙහිව පරීක්ෂණයක් සිදුකරන බවද විනය පියවර ගන්නා බවද කෘෂිකර්ම අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීම සමග විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කළේය.

අමාත්‍යවරයා පැවසුවේ‍, ඊයේ (22) නිකුත්කළ නව ගැසට් නිවේදනය අවලංගු කරන ලෙසද තමා පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාට නියෝග කළ බවය.

මේ පුද්ගලයා ඊයේ දිනයේම එම තනතුරෙන් ඉවත් කිරීමට තමා උපදෙස් දුන් බව පැවසූ ඇමැතිවරයා ග්ලයිෆොසේට් තහනම යළි පැනවීමට  අවශ්‍ය කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.

රසායන  සමාගමකට අවශ්‍ය පරිදි පළිබෝධනාශක ගෙන්වීමට මෙයට පෙර කටයුතු  කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්   මේ පුද්ගලයාට එරෙහිව  විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවත් පළිබෝධනාශක  ගෙන්වීමේදීද මේ පුද්ගලයා එක්තරා සමාගමකට  පක්ෂපාතව කටයුතු කර ඇති බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීවේය.

රසායන පොහොර සමාගම්  සමග   කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් පසුගිය කාලයේදී  කටයුතු කර ඇති බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය. 

මේ අතර කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් පළිබෝධනාශක රෙජිස්ටාර්ව ආචාර්ය ජේ.ඒ. සුමිත් මහතා ප්‍රකාශ කළේ තමන්ව ධුරයෙන් නෙරපා පැරීමට කෘෂිකර්ම අමාත්‍යවරයාට හැකියාවක් නැති බවයි.

තමන් කටයුතු කර ඇත්තේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය මත බැවින් ඇමතිවරයාට තමන්ව ඉවත් කළ නොහැකි බව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා අවධාරණය කළේය.

තමන් ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක කිහිපයක් සඳහා පනවා තිබු තහනම ඉවත් කර ගැසට් නිවේදනයක් නිකුත් කළේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය මත යැයි ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

Recommended For You

About the Author: Thusal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *