තොග මිල පහළට : අනර්ඝ තත්ත්වයේ එළවළු තොග විශාල වශයෙන් දඹුල්ලට

පහුගිය දිනවල පොහොර නොමැතිව වීම හේතුවෙන් සාර්ථක අස්වැන්නක් ලැබී නැති බව ගොවින් බොහෝ දෙනා ප්‍රකාශ කළ ද එක වරම ඉතා සාර්ථක උඩරට එළවළු අස්වැන්නක් ලැබී තිබීම පුදුමය දනවන කරුණක් බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දින ගණනාවකින් පසුව වැඩි වශයෙන් එළවළු ලැබීමත් සමඟ අද (27) දින එළවළු තොග මිල සීඝ්‍රයෙන් පහත වැටී ඇතැයි වෙළඳ ව්‍යාපාරිකයෝ පවසති.

කන්ද උඩරට ප්‍රදේශය වලින් ලැබෙන මෙන්ම පහතරට ප්‍රදේශ ප්‍රදේශ වලින් ලැබෙන එළවළු  ප්‍රමාණය ද දිනෙන් දින වැඩි වීම්ත් සමඟ එළවළු කිලෝ එකක මිල රු රුපියල් 100 ත් 150 ත් අතර ඉහළ අගයකින් පහත් වැටී තිබීම විශේෂත්වයකි.

ඉකුත්  සතියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට්, ලීස්, බෝංචි ආදී එළවළු කිලෝවක තොග මිල රුපියල්  450, 500 අතර ඉහළ අගයක් ගෙන තිබුණද අද දින උදෑසන වනවිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එම එළවළු කිලෝ එකක තොග මිල රුපියල් 150 ත් 200 ත් අතර පහත වැටී ඇති බව වෙළෙඳ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

එමෙන්ම පහුගිය දිනවල පොහොර නොමැතිව වීම හේතුවෙන් සාර්ථක අස්වැන්නක් ලැබී නැති බව ගොවින් බොහෝ දෙනා ප්‍රකාශ කළ ද එක වරම ඉතා සාර්ථක උඩරට එළවළු අස්වැන්නක් ලැබී තිබීම පුදුමය දනවන කරුණක් බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

ඇතැම් කැරට් අල විශාල වශයෙන් පෙනුමක් ඇති බවත් එළවළු වර්ග ද  බොහොමයක් ඉතා අනර්ඝ තත්ත්වයේ එළවළු බව වෙළෙඳ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙන අතර එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යෑමත් සමග එළවළු මිල දී ගැනීම සඳහා පැමිණෙන බොහෝ වෙළෙන්දන් ගේ පැමිණීම අඩුවීමක් දක්නට තිබෙන බවද ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

ඉකුත් සතියේ 11.22 දින  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  පැවැතිමිල සහ 27 දින පැවති මිල ගනන් මෙසේය.

වර්ගය                    2021.11.22 මිල              2021.11.27 මිල

ගෝවා                   230 – 300                            150 – 170      

බෝංචි                   300 320                              100 – 150

 ලීක්ස්                    420 – 450                            180 – 200

 කැරට්                    350 – 360                             

 බීට් රූට්                 90 -100                               90 – 100

 තක්කාලි               300 – 330                            180 -250

 රාබු                      120 – 130                             70 – 100

 නෝකෝල්           150 -180                              90 – 110

 කැකිරි                   60 – 80                                  60 – 70

 පිපිඤ්ඤා                80 – 90                                 60 – 70

 අර්තාපල් අල         220 -230                              200 – 220

 වැටකොළු             220 – 240                            120 – 170

 බණ්ඩක්කා            180 – 200                              80 -100

 පතෝල                 230 – 240                              140 – 160

 කරවිල                  400 – 420                              250 – 260

 වට්ටක්කා              50 – 60                                    35 – 45

 වම්බටු                  200 – 220                               160 – 220

 දඹල                     220 – 230                               110 – 130       

 මෑ කරල්               200 – 240                               160 – 180

 මාළු මිරිස්              500  – 550                                 430 -450

අමුමිරිස්                 180  – 220                                  180 – 220

සටහන – කංචන කුමාර ආරයදාස

Recommended For You

About the Author: Thusal