පළාත් පාලන ආයතන මඟින් මසකට කාබනික පොහොර මෙ.ටො. 37000ක්

‘ලෝකයේ රටවල් වස වසෙන් තොර ආහාර වේලක් ලබා ගන්න සීතල යුද්ධයක ඉන්නවා. ඒ නිසා කාබනික පොහොර සාදා සිදුකරන නිෂ්පාදන වලට ඉහළ ඉල්ලුමක් තිබෙනවා. අපේ පළාත් පාලන ආයතන මඟින් මාසයකට කාබනික පොහොර මෙට්‍රික් ටොන් 37,000ක් හදනවා. රටේ ප්‍රධාන ගැටළුවක් වන කසළ කළමණාකරණය වෙනුවෙන් අපේ උපරිම දායකත්වය ලබා දෙනවා යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

පළාත් පාලන ආයතන වල ඉදිරි පස් අවුරුදු පුහුණු සැලැස්ම එළිදැක්වීමේ උත්සවයක් පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය විසින් පසුගිය 27 දා රත්නපුර, කුකුලේගඟ ලයා හෝටලයෙදී පැවැති අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසීය.

එහිදී රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙසේද පැවසීය.

දැන් කාබනික සැලැස්මට බිම් මට්ටමෙන් ගන්න යෝජනා ගොඩක් තියෙනවා. එතනදී කාබනික වගාව හොඳ වැඩක්. ලෝකයේ වස විසෙන් තොර ආහාර වේලාක් කියන එක දැන් සීතල යුද්ධයක් වෙලා තියෙනවා. දැන් අපි කාබනික පොහොර මේ වෙන කොට මාසයකට මෙ.ටො. 37,000ක් හඳනවා. අපි මේක ලක්ෂයක් දක්වා ගෙනියනවා. පළාත් පාලන ආයතනය තමා මේ කටයුත්තට දායකත්වය දෙන්න පුළුවන් හොඳම ආයතනය හා එමඟින් රටට ආදායමකුත් උත්පාදනය වෙනවා. පිටරටට අපේ විනිමය යන්නේ නැහැ. ප්‍රධාන අභියෝගයක් වුණ කසල කළමණාකරණය සම්බන්ධයෙන් අපි දායකත්වය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.

අපි බලාපොරොත්තු වෙනවා කැබිනට් පත්‍රිකාවක් යොමු කරන්න කසළ කළමණාකරණය පිළිබඳ අධිකාරියක් පිහිටුවන්න. අපේ රටට ගිනි නිවන දෙපාර්තමේන්තුවක් නැහැ. මේවා අත්‍යවශ්‍ය ආයතන. සමහර ඒවාට ආයතන තිබෙන නිසා එම වැඩ කටයුතු හොඳින් කරගෙන යන්න උදව් වෙනවා. මධ්‍යම රජය, පළාත් සභාව හා පළාත් පාලනය. මෙම ආයතන එකට එකතුවෙලා වැඩ කලහොත් අපිට හොඳට වැඩ කරන්න පුළුවන් වගේම ලොකු දීර්ඝ ගමනක් යන්න පුළුවන්.

Recommended For You

About the Author: Thusal