සුරකිමු ගංගා වැඩ සටහන යටතේ ගංඟා 103ම සංරක්ෂණයට අවධානය

පරිසර අමාත්‍යාංශය ආරම්භ කළ ”සුරකිමු ගංඟා ” වැඩ සටහන යටතේ රටේ පවතින ගංඟා 103ම සංරක්ෂණයට අවධානය යොමු කර  ඇති බවත් මෙවර අයවැයෙන් ඒ සඳහා රුපියල් මිලියන 200ක මුදලක් වෙන්කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ගංඟා ආශ්‍රිතව මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදු කළ සමීක්ෂණය අනුව සමස්ත ගංඟා පද්ධතිය අපවිත්‍ර කරනු ලබන ස්ථාන 10,733ක් පිළිබඳ වාර්තා වන බවද අමාත්‍යවරයා කීය.

අද (07)  පරිසර අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙරට ගංගා පද්ධතියෙන් දූෂිතම ගංඟාව වන්නේ කැළණි ගඟයි. කොළඹ නගරය ආශ්‍රිතව කැළණි ගඟ දූෂණය වන ස්ථාන ස්ථාන 797කුත්, ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිතව ස්ථාන 577 කුත් ඇතුළත්ව ස්ථාන 1374ක් මගින් කැලණි ගඟට දුෂිත අපද්‍රව්‍ය එක්රැස් වන බව තහවුරු කර ඇත. ඒ අනුව සුරකිමු ගංගා වැඩ සටහන යටතේ ලබන වසරේ දී කැළණි ගඟට ප්‍රමුඛත්වය ලබා දීමට පියවර ගන්නා ලබා දුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

“කැළණි ගඟ කොයිතරම් දූෂණය වෙලා ද කිවහොත් එහි වතුර බීමට තබා අඩුම තරමෙන් ඇල්ලීමටවත් සුදුසු නැහැ. ජලසම්පාදන මණ්ඩලය විසින් විශාල මුදලක් වැය කර පිරිපහදු කර දෙන ජලය තමයි කොළඹ නගරයෙන් සියයට 80ක්ම පානය කරන්නේ. “

මැණික් ගඟ සහ වලවේ ගග සංරක්ෂණයට මූලිකත්වය දෙන බවත් 2021 වසරට වෙන් කළ මුදලින් දිස්ත්‍රික්ක 24කම ව්‍යාපෘති සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කළ බවද කීය. සුරකිමු ගංඟා යටතේ අපේ ඉළක්කය වන්නේ අපේ ගංඟාවලින් කවර ස්ථානයකින් වුවත් ජලය ගෙන පානය කළ හැකි පරිදි ගංගාවලට එන අපද්‍රව්‍ය පාලනය කර ඒවා පිරිසිදු කිරීමයි.

ගංගා පිටාර ගැලීම නිසා ප්ලාස්ටික් හා පොලිතීන් වැනි අපද්‍රව්‍ය ටොන් මිලියන ගණනක් මුහුදට එකතු වූ බව සමුද්‍රීය පරිසර අධිකාරිය විසින් අනාවරණය වූ බවත් ටොන් ලක්ෂ දෙකහමාරක් පමණ අපද්‍රව්‍ය සාගරයට ඒකතුවන බවද කීය.

පිළිකාකාරකයක් වන ඇස්බැස්ටස් වහළවල් සඳහා යොදා ගැනීම තහනම් කිරීමේ මුළික පියවරක් වශයෙන් අළුතින් ඉදි කරන පෙර පාසැල් හා පාසැල් ගොඩනැගිලි සඳහා ඇස්බැස්ටස් යොදා ගැනීම වැළැක්වීමේ ගැසට් පත්‍රයක් කරන බවද කීය. භාවිතයෙන් පසු ඉවත දමන ප්ලාස්ටික් පෑන් බට හා දත් බුරුසු හේතුවෙන් දිනකට පාසැල් පද්ධතිය තුළ පමණක් ප්ලාස්ටික් පෑන් බට කිලෝග්‍රෑම් 90-100ත් අතර ප්‍රමාණයක් පරිසරයට බැහැර කරනවා. මේවා දිරාපත් වීමට වසර 100 සිට 400 දක්වා කාලයක් ගත වෙනවායැයි පරිසරවේදීන් පවසනවා.

මෙම පෑන් බට විශේෂ බහාළුමක් හඳුන්වා දුන්නා. මම ඒක ජනාධිපතිතුමන්ට, අගමැතිතුමන්ට මෙන්ම කතානායකතුමන්ටත් පිරිනැමුවා. ඉවතලන හිස් කාබන් පෑන් බට හා දත්බුරුසු එම බහළුම්වලට බැහැර කළ හැකියි. ඒවා පිරී ගිය පසු ඇට්ලස් සමාගම හා INSEE සමාගම විසින් මුදල් ගෙවා බාර ගන්නවා. මෙම බහළුම් හැම පාසැලකටම මෙන්ම රජයේ කාර්යාලයකටම නොමිලේ ලබා දීමට අපි සැළසුම් කර තිබෙනවා

එක්වරක් පමණක් භාවිතා කරන Single Use පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කරලීම සඳහාද පියවර කිහිපයක් ගෙන ඇති බවත් 2021 මාර්තු මස 31 දින සිට සැෂේ පැකට් ඇතුළු පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත භාණ්ඩ වර්ග 05ක් තහනම් කළ බව කී අමාත්‍යවරයා ග්‍රෑම් 20 ප්‍රමාණයේ සැෂේ පැකට් මේ වනවිට නිෂ්පාදනය, බෙදාහැරීම, අලෙවිය සම්පූර්ණයෙන්ම නැවතී ඇතැයිද පැවසීය.

සැෂේ පැකට් හේතුවෙන් ජලමුලාශ්‍රවලට විශාල බලපෑමක් වූ බවද කීය.

” මම සාකච්ඡාවල දී ඇහුවා දිනකට සැෂේ පැකට් කොච්චර අලෙවි වෙනවාද කියලා. අපේ රටේ අවුරුද්දකට රුපියල් මිලියන 960ක සැෂේ පැකට් අලෙවි වී තිබෙනවා.

ගෝලීය වශයෙන් Plastic Planet ආයතනය විසින් කළ නිරීක්ෂණ අනුව වසරකට සැෂේ ඇසුරුම් බිලියන 885ක් පරිසරයට මුදා හරිනවා. නමුත් 2030 වනවිට මෙම ප්‍රමාණය ට්‍රිලියනය දක්වා ඉහල යා හැකි බවයි එම ආයතනය පවසන්නේ. “

ලන්ච්ෂීට් භාවිතා කරන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවත් මේ හේතුවෙන් දිනපතා පරිසරයට මුදා හරින ලන්ච්ෂීට් ප්‍රමාණය මිලියන 15ක් වේ. ඒය වසරකට ලන්ච්ෂීට් කෝටි 540කට පමණ වේ.

දිරාපත් නොවන මෙම ලන්ච්ෂීට් භාවිතය තහනම් කළ අතර වනවිට වෙළෙදපොලේ නොදිරණ ලන්ච්ෂීට් අලෙවිය සඳහා නිපදවන්නේ නැතැයිද අමාත්‍යවරයා කීය.

වත්මන් රජය විසින් පරිසරය ආරක්ෂා කර ගැනීමට ගනු ලැබූ විශිෂ්ටතම තීන්දුවක් ලෙස මම මෙම සැෂේ පැකට් තහනම සළක න බවද කීය..

ඒ වගේම තවත් පොලිතීන් හා ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන වර්ග 08ක් තහනම් කිරීමට තීරණය කර ඇති බවත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයිද කිය. දෛනිකව මිලියන 20ක් පමණ පරිසරයට මුදා හරින ෂොපිං බෑග් ඒ යටතේ ඉදිරියේ දී තහනම් කරන බවත් ඒ වෙනුවට විකල්ප දිරාපත්වන බෑගයක් හදුන්වා දීමට දැනට සැලසුම් කර ඇතැයිද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඒ වගේම දේවාලවල හා වෙනත් ස්ථානවල අලෙවි කරන පොලිතීන් මල්මාලා ඉදිරියේ දී තහනම් වෙනවා. ඒ වෙනුවට තෙල් කඩදාසි හා ස්වාභාවික මල්වලින් සකස් කළ මල්මාලා දෙවියන්ට පූජා කිරීමට ලැබෙනු ඇති.

“කතරගමට වසරකට බැතිමතුන් මිලියන 03ක් පමණ එනවා. ඒ වගේම පොලිතීන් මල්මාලා මිලියනයක් පමණ අලෙවි වෙන බව දියවඩන නිළමේ තුමා මට කිව්වා. ඒ අනුව වසරකට කතරගම පමණක් පොලිතීන් කිලෝ 2000ක් පමණ පරිසරයට එක් වෙනවා. මේක බරපතල තත්ත්වයක්”

ආගමික ස්ථාන ආශ්‍රිතව සොබා අමා, ඔසු උයන් දහසක් හා පුද්ගලික අංශයේ සහයෝගය ඇතිව ඉහළ ජලාධාර ප්‍රදේශවල අක්කර 250ක රුක්රෝපණය කිරීම මෙන්ම මහවැලි ගඟේ ඉවුරු දෙපස මී හා කුඹුක් පැළ 187,000ක් රෝපණය කිරීමත් මේ වසර තුළ සිදු කර තිබේ.

Recommended For You

About the Author: Thusal