ලෝකේ ලොකුම මැණික් පොකුර ගැන ජාත්‍යන්තර තහවුරු වාර්තාව එයි

මීට මාස කිහිපයකට පෙර රත්නපුරයෙන් මතුවූ කිලෝග්‍රෑම් 510ක් බරැති මැණික් ගල ස්විට්සර්ලන්තයේ Gübelin Gem Lab ආයතනය මගින් සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව තරු නිල් මැණික් පොකුරක් (star sapphire cluster) බව පසුගිය 07 වැනිදා තහවුරු වූ බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද (09) ප්‍රකාශ කළේය.

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ කාරක සභා අවස්ථා විවාදයේ පිළිතුරු කතාවේදී අමාත්‍යවරයා කියා සිටියේ එය ක්‍රිස්ටි වෙන්දේසියේදී වෙන්දේසි කර ඒ සඳහා උපරිම ප්‍රතිලාභයක් ලබා ගැනීමට කටයුතු කරන බවයි.

Recommended For You

About the Author: Thusal