දඹුල්ල ආර්ථිකේ ආනයනික ආහාර ද්‍රව්‍ය රැසක මිලත් අහස උසට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දේශීය එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති පසුබිමක විදෙස් රටවලින් ගෙන්වන අර්තාපල් අල , ලොකු ලූණු ,වියලි මිරිස් ,වටානා පරිප්පු, සුදු ලූණු ආදී අහාර  ද්‍රව්‍ය රැසක මිල ද මේවනවිට විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව වෙළඳ ව්‍යාපාරිකයෝ පවසති. ඊට  ප්‍රධාන හේතුව රට තුළ මේවන විට පවතින ඩොලර් හිඟය බව ආනයනික ව්‍යාපාරිකයින් පවසයි.

ඉකුත් සතියට සාපේක්ෂව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ආහාර ද්‍රව්‍යවල තොග මිළ ඉහළ ගොස් ඇත්තේ පහත පරිදිය.

එළවළු වර්ගයප්‍රමාණයඉකුත් සතියේ මිලමේ සතියේ මිල
විදේශීිය ලොකු ලූණු1 kgරු.140.00රු. 250 – 260
දේශීය ලොකු ලූණු1 kgරු. 160.00රු. 260 – 270
වියලි මිරිස්1 kgරු. 450 – 500රු. 800
වටානා පරිප්පු1 kgරු. 130රු. 170

මීට අමතරව පසුගිය දිනට  සාපේක්ෂව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් ද ඉහළ අගයක් ගැනීම හේතුවෙන්  සිය එළවළු මිලදී ගැනීම සඳහා වෙළෙන්දන් අකමැත්තක් දක්වන බව ගොවීන් පවසයි.

සටහන – දඹුල්ල කාංචන කුමාර ආරියදාස

Recommended For You

About the Author: Thusal