‘ගෑස් සමාගම් ගැන පාරිභෝගික සේවා අධිකාරියේ හැසිරීම නරුමයි‘

කාන්තාවන්ගේ ජීවිත බිලිගැනීමට ලක්කරනු ලැබූ සහ පාරිභෝගිකයින් පීඩාවට ලක්කරනු ලැබූ ගෑස් සමාගම් පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හැසිරීම නරුම එකක් බවට පත්ව ඇතැයි අයිතීන් උදෙසා කාන්තාවෝ පවසති.

කාන්තාවන්ගේ ජීවිත ආරක්ෂා කරන ලෙසත් ගෑස් මාරයා බිලිගත් ජීවිතවලට වන්දි ගෙවන ලෙසත් ඉල්ලා අද (17) පෙරවරුවේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වමින් එම සංවිධානයේ සභාපතිනි සරෝජා පෝල්රාජ් මෙම චෝදනාව එල්ල කරනු ලැබීය.

මහජනතාවගේ බදු මුදලින් වැටුප් ලබමින් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගොඩනගා තිබෙන ආයතනයක් කාන්තාවන්ගේ ජීවිත බිලිගනිමින් කාන්තාවන් භීතියට පත්කිරීමට ලක්කරනු ලැබූ මෙම ගෑස් සමාගමේ කටයුතු සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ආකාරයකට සෑහීමකට පත්විය හැකි මැදිහත්වීමක් සිදු කර නොමැති බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි. විරෝධතාවයෙන් අනතුරුව ඔවුන් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

මෙම විරෝධතාවයට අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය නියෝජනය කරමින් කාන්තාවන් සහභාගී වී සිටි අතර එම සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ සහ සභාපති සරෝජා පෝල්රාජ මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

Recommended For You

About the Author: Thusal