හිසකෙස් සඳහා පොල් තෙල් භාවිතා කිරීම සම්බන්ධ පොදු මිථ්‍යාවන් 5ක්

දිගු දවසක් නිමා කිරීම සඳහා උණුසුම් තෙල්වලින් කරන ලිහිල් හිස සම්බාහනය තරම් හොඳ දෙයක් තවත් නැත. එය ජීවිතාරක්ෂකයකි! අප මුහුණ දෙන ආතතිය අපගේ හිසකෙස් සහ සමේ සෞඛ්‍යයට ද බලපායි. විසඳුම, නිසැකවම, ඉහළ කාර්යසාධනයක් සහිත ස්වභාවික සහ ආරක්ෂිත ඵලදායී නමුත් නවීන නිෂ්පාදන පිළියම් භාවිතා කිරීමයි. එමනිසා, පොල් ආශ්‍රිත හිස ගල්වන තෙල් යනු අපගේ දෛනික හිසකේ සත්කාරයටම ගැළපෙන නවීන පිළියමකි.

පොල් ආශ්‍රිත තෙල්වලට බහුවිධ රූපලාවන්‍ය ප්‍රතිලාභ ඇති අතර එය අද අප අරගල කරන හිසකෙස් හා සම්බන්ධ ගැටලු සඳහා එක් සාර්ථක විසඳුමකි. එය හිසකෙස් වැටීමට, හිසකෙස් තුනී වීමට, හිස්කබලේ සෞඛ්‍යය පවත්වා ගැනීමට, අප්‍රාණික සහ අඳුරු හිසකෙස්වල දීප්තිය යථා තත්වයට පත් කිරීමට සහ හිසකෙස් කෙඳිවල ආරක්ෂිත ආලේපනයක් ලෙස පවා වඩාත් සාර්ථකව ක්‍රියා කිරීමට හැකි ඔප්පු කළ විසඳුමකි. 

කෙසේ වෙතත්, එයට සම්බන්ධ මිථ්‍යාවන් කිහිපයක් ඇත. එය බොහෝ විට මිනිසුන් මෙම පුරුද්ද දිගටම කරගෙන යාම අධෛර්යමත් කරයි. සත්‍යය නම් ගැටලුව ඇත්තේ පාරිසරික සාධක මත වන අතර හිසකෙස් මත ඇතිවන එදිනෙදා ආතතිය කෙස් තෙල් ගැල්වීමෙන් යම් දුරකට ආපසු හැරවිය හැකිය.

මිථ්‍යාව 1: එක රැයක් හිසකෙස්වල තෙල් තබා ගැනීම අවශ්‍ය වේ

තෙල් දැමීම හිසකෙස් සහ හිස්කබල සඳහා සෞඛ්‍ය සම්පන්න වන අතර, විශේෂයෙන් ඔබ පොල් ආශ්‍රිත තෙල් භාවිතා කරන්නේ නම්, එය එක රැයක් තබා ගැනීම අවශ්‍ය නොවේ. පොල් ආශ්‍රිත තෙල් හිසකෙස් හරහා වේගයෙන් හා ගැඹුරට විනිවිද යන බැවින් එය සේදීමට පෙර මිනිත්තු 30 සිට පැයක් දක්වා තබා ගැනීම ප්‍රමාණවත් වේ. එමනිසා, හිසකෙස් තෙල් දැමීමේ ප්‍රතිලාභ ලබා ගැනීමට මිනිත්තු 30 සිට 60 දක්වා ප්‍රමාණවත් වේ.

හිසකෙස්

මිථ්‍යාව 2: ඔබේ හිස්කබලට විනිවිද යාමට තෙල් විශාල ප්‍රමාණයක් යෙදිය යුතුය

සත්‍යය: තෙල් ප්‍රමාණය එහි කාර්යක්ෂමතාව තීරණය නොකරයි. කොණ්ඩයේ දිග අනුව, ඔබ එය මුල සිට අග දක්වා ආවරණය වන පරිදි තෙල් ප්‍රමාණවත් ප්‍රමාණයක් යෙදිය යුතු අතර එමගින් හිස් කබල මනාව පෝෂණය කරයි. කාලගුණය හෝ හිස්කබලේ ආවේණික වියළි බව මත පදනම්ව ප්‍රමාණය ද වෙනස් විය හැකිය.

මිථ්‍යාව 3: හිසකෙස් තෙල් දැමීම ප්‍රයෝජනවත් වන්නේ වියළි සම හිස්කබල සඳහා පමණි

තෙල් ගැල්වීමෙන් වියළි හිස්කබල පෝෂණය කිරීමට, හයිඩ්‍රේට් කිරීමට සහ ඉරිතැලීම් වළක්වා ගැනීමට හැකි වුවද, තෙල් සහිත හිස්කබල ඇති අය හිසකෙස්වල තෙල් ගැල්වීම නොකළ යුතු බව මිථ්‍යාවකි. හිසකෙස් තෙල් ගැල්වීම සහ හිස සම්බාහනය කිරීම රුධිර සංසරණය උත්තේජනය කිරීමට සහ හිසකෙස් වර්ධනයට උපකාරී වේ. එසේම, පොල් ආශ්‍රිත තෙල් වඩා සුවිශේෂී වන අතර ප්‍රති-දිලීර, ප්‍රතිබැක්ටීරීය සහ ප්‍රති-කැසීම වැනි ප්‍රතිලාභ සමූහයක් ලබාගත හැකිය. එසේම පොල් තෙල් වැඩිපුර ෂැම්පු කිරීමෙන් හිස්කබලෙන් ලිපිඩ සහ ප්‍රෝටීන් නැතිවීමට ප්‍රතිරෝධය දක්වයි. එමනිසා, සෑම හිසකටම තෙල් දැමීමෙන් ප්‍රයෝජන ගත හැකිය.

මිථ්‍යාව 4: පොල් ආශ්‍රිත තෙල් වර්ණ ගැන්වූ හිසකෙස් සදහා යෝග්‍ය නැත

සත්‍යය: ඇත්ත වශයෙන්ම, තෙල් ආලේප කිරීම වර්ණ ගැන්වූ හිසකෙස් වටා ආරක්ෂිත තට්ටුවක් සෑදීමට උපකාරී වන අතර හිසකෙස් අභ්‍යන්තර අවකාශයෙන් වර්ණය කාන්දු වීම සඳහා ෂැම්පූ සහ ජලය වළක්වා ගැනීමෙන් එය වියැකී යාම වළක්වයි. පොල් ආශ්‍රිත තෙල් නිතිපතා යෙදීමෙන් ඔබේ හිසකෙස්වල වර්ණ ආයු කාලය දීර්ඝ කරනවා පමණක් නොව, අඩු වර්ණ ගැන්වීමෙන් හිසකෙස් හානිය ද අඩු වේ. නිතිපතා තෙල් දැමීම මගින් හිසකෙස්වල තෙතමනය රැක ගැනීමට අවස්ථාව උදා වේ. එය හිස කෙස් වියළීස වළක්වා ඒවා මෘදු කරයි.

මිථ්‍යාව 5: හිසකෙස්වල තෙල් ගැල්වීම මගින් හිස තුළ වන සිදුරු වැසී යයි

සත්‍යය: හිසකෙස් සඳහා ඔලිව් තෙල් සහ ආමන්ඩ් තෙල් වැනි තෙල් භාවිතා කිරීමෙන් හ සිදුරු අවහිර වීමට හේතු විය හැකිය. එවිට කුරුලෑ වැනි චර්ම ආසාදන ආදිය ඇතිවේ. පොල් තෙල් මගින් එවැනි තත්ත්වයක් ඇති නොවේ. ඇත්ත වශයෙන්ම, එහි ප්‍රති-ගිනි අවුලුවන සහ ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ගුණාංග සමස්ත හිස්කබලේ සෞඛ්‍යයට ප්‍රයෝජනවත් වේ.

ෆෙමිනා ඇසුරිනි – සැකසුම – දිසංකා සදුනිල්

Recommended For You

About the Author: Thusal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *