පනතේ අවුල ලිහා ගන්නකම් පළාත් ඡන්ද නැහැ – ඇමැති දිනේෂ්

නව පනතක් ගෙන එනතුරු  පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සූදානම් බවත්  නව පනත සකස් කළ පසු පළාත් සභා මැතිවරණය පවත්වන බවත්  අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා, ‘එදා අප එපා යැයි කියද්දී  ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය යනාදී දේශපාලන පක්ෂ වැරදි පනතකට අත ඉස්සුවා. නමුත් ඒ පනත සම්මත කරගෙන තිබෙන්නේ වැරදි ආකාරයටයි. ඒ අනුව මේ පනත සම්පූර්ණයෙන්ම ඉවත්කර ගැනීමට සිදුව තිබෙනවා. පළාත් සභා පනත ක්‍රියාත්මක කරන්නේ නම් අලුතින් සංශෝධන ගණනාවක් ඊට  එක් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා‘

Recommended For You

About the Author: Thusal