බණ්ඩාරගම ඩෙංගු මර්ධනයට බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවෙන් පුළුල් වැඩපිළිවෙළක්

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ‌ඩෙංගු මර්ධන වැඩ සටහන බණ්ඩාරගම නගරය කේන්ද්‍රකර ගනිමින් සදුදා(10) දින බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ ක‌ෙරිණ.එදින ඩෙංගු මර්ධනය පිළිබඳ අත් පත්‍රිකා බෙදීම හා නිවාස හා ව්‍යාපාරික ස්ථාන පරීක්ෂා කිරීම සිදු කරණ ලදී.

සභාපතිතුමා අවධාරණය කළේ ඩෙංගු මර්ධනයට අවශ්‍ය සෑම ක්‍රියා සෑම ක්‍රියාමාර්ගයක් ගන්නා බව යි. එමෙන්ම ශ්‍රමදාන කටයුතු, ඩෙංගු මදුරුවන් ව්‍යාප්ත වියහැකි පිරිසිදු ජලය රැ‌ඳේන ස්ථාන හඳුනාගනිමින් විනාශ කිරීමත් අවශ්‍ය බව හෙතෙම පැවසී ය. බණ්ඩාරගම ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල වෙසෙන ජනතාවගෙන් ඔහු ඉල්ලා සිටියේ තම නිවස හා ආශ්‍රීත පරිසරය ඩෙංගු ව්‍යාප්තියෙන් තොර කලාපයක් බවට පරිවර්තවය කරමින් මෙම සටනට එරෙහිව පියවර ගන්නා ලෙස යි.මදුරුවන් පැතිරීමට හැකි පරිදි අපිරිසිදු ස්ථාන පිළිබඳව බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවට දැනුම් දීමෙන් මෙම සත්කාරයට දායක වන මෙන් ජනතාවගෙන් ඔහු ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටියේ ය. මේ සඳහා මාර්ගගත ක්‍රමය වුවද භාවිතා කළ හැකි බවද ඔහු පැවසී ය. 

තවදුරටත් අදහස් දක්වමින් හෙතෙම නිරීක්ෂණය කළේ ඒකාබද්ධ වාහක කළමනාකරණය අවශ්‍ය බව යි. මෙහිදි වාහක ආවේක්ෂණය මගින් ඩෙංගු වාහක මදුරුවා බෝවන ස්ථාන,බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ පලාත් පාලන කොට්ඨාස වල දත්ත අධ්‍යනය කරමින් රෝග ව්‍යාප්තිය තුරන් කිරීම ඵලදායී අයුරින් සිදු කිරීමේ හැකියාව ඇති බව ඔහු පැවසී ය.

දෙවන කළමණාකරණ ප්‍රවේශය ලෙස වාහක පාලනය ඔහු විසින් ගෙනහැර දැක්වීය. වාහක පාලන ක්‍රියාකාරකම් පලාත් පාලන කොට්ඨාස මට්ටමින් සිදු කිරීම අත්‍යවශ්‍ය බව ඔහු පැවසීය. මෙහිදි කසලපොළ වැඩසටහන, මිතුරු සැරිය වැඩසටහන වේගවත් කිරීම අවශ්‍ය බව ද පැවසීය.  තාක්ෂණික දැනුම හා පුහුණුව සහ ඩෙංගු වාහක කළමණාකරණය පිළිබඳ මාර්ග උපදේශ පිළියෙල කිරීම හා ක්‍රියාත්මක කිරීම ද ඒකසේ වැදගත් බව ඔහු පැවසී ය.  මෙහිදි  ප්‍රදේශයේ කර්මාන්තශාලා වල ඇති ජලය එකතු වන ටැංකි,භාවිතයට නොගන්නා නොගැඹුරු ළිං,ජලය රැස් කෙරෙන බඳුන් ආදියට කීට භක්ෂක මසුන් යෙදීම වැනි ජෛව පාලන ක්‍රම යෝග්‍ය බව ඔහු මතු කර දැක්වී ය. තවද ඉදිරියේදී බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ  ව්‍යාපාරික ස්ථාන, නිවාස,සංචාරක හෝටල්  පරික්ෂාව ද සිදු කරනු ඇත.

මේ අවස්ථාවට බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති  දේවේන්ද්‍ර පෙරේරා මහතා, බණ්ඩාරගම  ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රීවරුන්,බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ඇතුළු මහත්ම මහත්මීන් සහභාගී වූහ.

Recommended For You

About the Author: Thusal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *