බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ “කඹුරුගොඩ අඹ උද්‍යානය” රයිගම්පුරයට දායාද කෙරේ

බණ්ඩාරගම ප්‍රාදේශීය සභා පලාත් පාලන බලප්‍රදේශය තුල ක්‍රියාත්මක ඵලබර ගෙවත්ත ව්‍යාපෘතියේ තවත් අංගයක් වන පලාත් පාලන මන්ත්‍රී කොට්ඨාස 20හිම පලතුරු උද්‍යාන ඇති කිරීමේ වැඩ සටහනේ පළමු අදියර බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතාගේ සුරතින් බණ්ඩාරගම  කඹුරුගොඩ අඹ උද්‍යානයේ අඹ පැළ රෝපණය කිරීමෙන් උත්සවත්ශ්‍රීයෙන්  රයිගම්පුරයට දායාද කෙරිණ.

ඵලබර ගෙවත්ත ව්‍යාපෘතිය බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවට ආවේනික සුවිශේෂී ව්‍යාපෘතියක් වන්නේ මෙම ව්‍යාපෘතිය 2022 වසරේ බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ දැක්මට සමගාමීව පුළුල් ප්‍රජා ප්‍රථිලාහ වැඩසටහනක් ලෙස ප්‍රසාරණය වීමයි. ඵලබර ගෙවත්ත ව්‍යාපෘතිය ප්‍රධාන කුළුණු හතර (04)කින් සමන්විත ය. මෙම ව්‍යාපෘතිය සඳහා සභාවේ මූල්‍ය ප්‍රතිපාදන භාවිතා නොකිරීමද විශේෂත්වයකි.

මෙහි පළමු කුළුන වනුයේ බණ්ඩාරගම ප්‍රාදේශීය සභා පලාත් පාලන බලප්‍රදේශය තුල පලතුරු පැළ දසදහසක් රෝපණය කිරීම යි. මෙම ව්‍යපෘතියේ විශේෂත්වය වන්නේ පැළ රෝපණය කිරීමට අවශ්‍ය වන කාබනික පොහොර හා පලතුරු පැළ  බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව මඟින් නොමිලේ සැපයීම යි. මෙම ව්‍යාපෘතිය සඳහා සභාවේ මූල්‍ය ප්‍රතිපාදන භාවිතා න‌ොකිරීමද විශේෂත්වයකි. තවද මෙම ව්‍යාපෘතිය පසුවිපරම් වාර පහකින් ද සමන්විත ය. 

දෙවැනි කුළුන වනුයේ වගා සංග්‍රාමයයි.එනම් බණ්ඩාරගම ප්‍රාදේශීය සභා පලාත් පාලන බලප්‍රදේශය තුල සැම නිවසකම එළවළු පැළ සිටුවීම යි. තවද ප්‍රදේශයේ පුරන් කුඹුරු අස්වැදීම ද අපේක්ෂා කෙරේ.  

තෙවැනි  කුළුන නම් ඔසු උයන් නිර්මානය යි. බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව සතුව ආයුර්වේද පංච කර්ම මධ්‍යස්ථානයක් සහිත වේ. ඒ සදහා අවශ්‍ය කරණ ඖෂධ සපයා ගැනීම මෙහි අරමුණ යි. රයිගම්පුරයට ආවේනික පාරම්පරික වීදාගම දේශීය ‌හෙළ වෙදකම ප්‍රජාව අතර බෙහෙවින් ජනප්‍රිය ය. වන වගාව ද මෙයට අයත් වේ.

සිව්වන කුළුන නම් වෙළදපොළ ඉලක්ක ගත  කාබනික පොහොර නිෂ්පාදනය යි. ව්‍යපාර ලියාපදිංචට අවශ්‍ය වෙළඳ බලපත්‍ර ලබා ගැනීමට පහසුකම් සැපයීම හා ව්‍යපාර අන්තර්ජාල ගත කිරීම බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව මඟින් සිදු කරණු ලබයි.  

ඵලබර ගෙවත්ත ව්‍යාපෘතියේ ව්‍යාපෘතියේ නිර්මාතෘ වනුයේ බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා ය. ස්වයංපෝෂිත රයිගම්පුරය යනු ඔහු විසින් විසින් අපේක්ෂා කරන බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ නව දැක්මයි. බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව සෑම අතින්ම ස්වයංපෝෂිත කිරීම මෙහි අරමුණයි. මෙයට ප්‍රජා ආර්ථික සංවර්ධනය,යටිතල පහසුකම් සංවර්ධනය, කාර්යක්ෂම හා සඵලදායි ප්‍රාදේශීය සභා සේවයක් සැලසීම,බණ්ඩාරගම දැනුමේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම, කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම යනාදිය අයත් වේ.

Recommended For You

About the Author: Thusal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *