‘ලෝකෙට කන්නට බතල වවනවා කොල්ලන් පිරිසක් බැහැලා වෙලේ’

අඬහැර පා ගෙන දෑකැති අරගෙන ගොයම් කපන රඟ  බලන්             අනේ

හේනේ ගාලේ ගොවි  රාළලා එක්වී ගොයම් කැපුවේ  ඒ එදා            රගේ

පොහොර ඇටය නෑ  කුණු කඳු ගෙනවිත්  කුඹුරට දාලා මේන්           රගේ

ලෝකෙට කන්නට  බතල වවනවා කොල්ලන් පිරිසක් බැහැලා         වෙලේ

රසායනික  පොහොර නැතිව කුඹුරු වගාව අසාර්ථක වීමත් සමඟ නාවුල හෙනේගාල ප්‍රදේශයේ කුඹුරු වගා කළ ගොවිබිම්වල බතල වගා කොට  එහි  අස්වනු නෙළීම මේ දිනවල ආරම්භ කොට තිබේ.

නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඹන්ගඟ යාබදව පිහිටි අඹන හේනගලයාය ප්‍රදේශයේ තරුණ පිරිස් මේවන වන විට රටට බත වෙනුවට රටට බතල සැපයීමේ වැඩසටහනක් ආරම්භ කොට ඇත.

විවිධ රැකියාවල නිරතව සිටි අඹන  ප්‍රදේශයේ තරුණ  කණ්ඩායම් ඒකරාශී වී අත්තම් ක්‍රමයට සහ කුලී  ක්‍රමයට එකිනෙකාගේ කුඹුරු ඉඩම් වල කොටසක්  වෙන් කොට මීට මාස කිහිපයකට ඉහතදී බතල වගා කොට තිබේ

ඒ අනුව මාස තුනකට පසුව එහි අස්වැන්න නෙළීම මේ  දිනවල සිදුකරන බව තරුණ බතල ගොවීහු පවසති. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බතල කිලෝවක් සඳහා රුපියල් 100-110 අතර ඉහළ මිලක් ලැබෙන බවද එම තරුණ ගොවීන් පවසති. කුඹුරු වගා කළ බිම් වල පොහොර නොමැතිව වගාවන් අසාර්ථක වනවා දුටු මෙම ප්‍රදේශයේ තරුණයන් ආහාර හිඟයට පිළියමක් ලෙස මෙම බතල වගාව ආරම්භ කළ බවත් මේ  දිනවල එහි ඉතා සාර්ථක අස්වැන්නක් මෙන්ම සාර්ථක මිල තමන්ට ලැබීම නිසා තම ප්‍රදේශයේ ජනතාවගේ අතමිට සරු වන බව ඔවුහු වැඩිදුරටත් පවසති.

මෙම බතල වගාව ට එතරම් වියදමක් සහ පොහොර, කෘමිනාශක අවශ්‍ය නොවීම, කුඹුරු වගා කිරීම සඳහා පොහොර නොමැති වීම සහ ඊට අතිවිශාල වියදමක් දැරීමට සිදුවීම ආදී කරුණු හේතු කොටගෙන වී වගාවෙන් ඈත්ව තමන් මෙසේ පොහොර හිඟය නිසාම බතල වගාවට යොමු වූයේ තමන් සතුව තිබූ පොහොර ප්‍රමාණයන් යොදා ගනිමින් බව ඔවුහු පවසති.

නාඋල  අඹන ප්‍රදේශයේ  බොහෝ දෙනා කවියට කලාවටට දක්ෂ පක්ෂ වීම විශේෂත්වයකි. ඔවුන් අදටද වෙලේ කෙතේ කමතේ ගොවිබිමේ ඕනෑම තැනක  තම විඩාව නිවා ගැනීම සඳහා අඬහැරපෑම කවි ගායනා කිරීම් ආදී සිදු කරන අපූරු ගම්මානයකි. එහිදී බතල වගාව පිළිබඳ අපූරු කවි කිහිපයකින් උපහාසාත්මක ලෙස ගයන්නට එහි ඉපැරණි ගොවියෙකු ඉදිරිපත් විය.

මෙම කවි ගායනා කළ ගොවි මහතා කියා සිටියේ කුඹුරු වගාව අපහසු නිසා නිකරුනේ සිටින තරුණයන් රටට බත  වෙනුවට බතල සැපයීම් සිදු කරන බවය.

එහි තරුණ ගොවීන් පිරිසක් කියා සිටියේ නිකරුනේ ගැවසීමකින් තොරවව කිසියම් වැඩක නියැළීමෙන් රටට සේවාවක් සිදුවන බවය. තම ගම්මානයේ  මෙයාකාරයෙන් තරුණයන් 15, 20 පමණ දෙනා කණ්ඩායම් වලට සැකසී විවිධ ගොවිතැන්බත් කිරීම සාමාන්‍යයෙන් කලක සිට සිදුකරගෙන එන බවය.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස

Recommended For You

About the Author: Thusal