43 සේනාංකය ජාතික මහා සමුළුව: චම්පික රට ගොඩනගන ‘කොළ එළි පහ දල්වයි‘

ශ්රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් එල්ල වී ඇති රතු සංඥා වෙනස් කොට කෙටිකාලීනව සිදු කළ යුතු ආර්ථික ප්රතිසංස්කරණ කොළ එළි දැල්වීමට හිටපු අමාත් පාඨලී චම්පික රණවක මහතා ඊයේ (ජනවාරි 23) කටයුතු කළේය. 43 සේනාංකය ජාතික මහා සමුළුව අමතමිනි.

අද මෙරට පත්ව තිබෙන මූල්‍ය ආර්ථික අගාධය පිළිබඳව මින් වසර ගණනාවකට පෙර පුරෝකථනය කළ කිහිපදෙනාගෙන් අයෙක් ලෙස එය වළක්වා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් තමන් කණගාටු වන බව ද හිටපු අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. 2013 වසරේදී එවක රජය යටතේ සිදුවූ මහා පරිමාණ ව්‍යාප්ෘති හරහා සිදුවූ අනාගත ආර්ථික හානි පිළිබඳව තමන් ලියූ ‘ආලපාළු ආර්ථිකය’ නම් කෘතිය පිළිබඳව 2015 ජනාධිපතිවරණ සමයේ දී විශාල කතා බහක් ඇතිවූ බව ද හෙතෙම මතක් කළේය.

 “ඒ වගේම ඒ නව ආණ්ඩුව බලයට පත්වූ වහාම 2016 වර්ෂයේදී මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ණය කළමනාකරණය නොකළහොත් ලංකාවට අනාගතයේ ඇතිවෙන ඉරණම සම්බන්ධයෙන් ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරමින් මේ කෘතිය මම නිර්මාණය කළා මේ කුඩා කෘතිය. ‘මූල්‍ය අගාධයක් ඉදිරියෙන්’ කියලා. 2016 වර්ෂයේදී. අද බොහෝ දෙනෙක් මූල්‍ය අර්බුදය, ආර්ථික අර්බුදය ගැන කතා කරනවා. නමුත් එදා ඉතාම සුළු පිරිසක් තමයි දැක්කේ.”

කිසියම් පිරිසක් හෝ නැවත වතාවක් මේ ආකාරයේ රැවටීමකට ලක් නොවී ඉදිරියට ගෙන යාම සඳහා අලුත් සමාජ ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බව ද රණවක මහතා සඳහන් කළේය.

පසුගිය දෙවසර තුළ ආර්ථික ක්ෂේත්‍රයට රතු එළි ගණනාවක් ගොඩනැගුනු අතර එම රතු එළි විසින් මේ අර්බුදය තවත් වර්ධනය කළේය.

 “අද මේ රටේ විකල්ප ගැන කතා කරනකොට, එක කට්ටියක් අද සිහින දකිනවා. මේ රට මියන්මාරය වැනි, බුරුමය වැනි පාලනයකට ගෙන යාම සඳහා. තවත් කට්ටියක් අර අදිනවා මේකට විසඳුම සඳහා. උතුරු කොරියාව වැනි තත්වයකට මේ රට ගෙනියන්න. මෙන්න මේ අන්ත දෙකෙන් මේ රට ගලවගෙන මධ්යස්ථ විකල්ප මගකට ගැනීමේ මොහොත අද එළැඹිලා තියෙනවා. අන්න ඒ මොහොත සඳහා තමයි අපි මේ අවස්ථාවේදී මේ ඉදිරිපත් කරන්නේ. මේ ගොඩ එමු, ගොඩනගමු කියන වැඩපිළිවෙල. එහි තියෙනවා කොළ එළි පහක්.”

එම කරුණු පහ මෙසේ වෙයි.

1. රාජ් මූල් ස්ථායීකරණය

මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කරන ලද යථාර්ථවාදී නොවන අතර,යථාර්ථය රට වෙත ඉදිරිපත් කිරීමට මුලින්ම කටයුතු කළ යුතුය.

“රුපියල් 1.70 ක් අතේ තියාගෙන 5.80 ක් වියදම් කරන අයවැයක් තමයි ඉදිරිපත් කළේ.”

රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණයේ පදනම විය යුත්තේ ආදායම් වැඩි කර ගැනීම සහ වියදම් පාලනය බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි.

“අපේ බදු ප්‍රතිපත්තිය, සමාජ සාධාරණත්වය, මූලධර්ම වලට අනුකූලව නැවත සකස් විය යුතුයි. ඒ සඳහා යහපාලන ආණ්ඩුවෙන් යම් මූලධර්මයක් ඉදිරිපත් කළා. ඒක තමයි සෘජු බදු හා වක්‍ර බදු අතර අනුපාත 40%-60% කරන එක. අද ඒ අනුපාතය 18%-82% ඒ කියන්නේ, ඇති හැකි අය 18% ක්  බදු ගෙවනකොට, නැති බැරි අය 82% ක් ගෙවනවා මේ රටේ.

සමාජ සාධාරණත්වයක් තබාගෙන, මේ රටේ බදු ප්‍රතිපත්තියේ ඇතිකර ගත යුතු වෙනස එයයි. රාජ්‍ය වියදම පාලනය කිරීමට නම් ප්‍රාග්ධන වියදම පාලනය කිරීමට කටයුතු කළ යුතුය.

“අද රටේ තියෙනවා රාජ්‍ය ආයතන 1000 කට දහසකට ආසන්න ප්‍රමාණයක්. මේ රාජ්‍ය ආයතන පිළිබඳ යම් කළමනාකරණ විගණනයක් කොට, පවත්වාගෙන යා යුතු, ඒකාබද්ධ කළ යුතු සහ පවරා දිය යුතු ආයතන පිළිබඳව තීරණය කළ යුතුයි.

“උදාහරණයක් හැටියට කිව්වොත්, අද වෙනකොට, රුපියල් බිලියන 350 ක් පාඩු ලබා තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සේවය වැනි ආයතන රජයක් යටතේ පවත්වාගෙන යාම කිසිසේත්ම ප්‍රයෝජනයක් නැත.

2. වෙළෙඳපොළ විශ්වාසය දිනාගැනීම

 ඒ සඳහා නිදහස් තරඟය, ඒකාධිකාර ඇතිවීම වැළැක්වීම, සියලු දෙනාටම සම බිමක් ඇතිවෙන තත්ත්වයට ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම දූෂණයට එරෙහිව, විශේෂයෙන් අතිශය බරපතළ දූෂණ ක්‍රියාවලීන් වලට නව නීති මගින් ක්ෂණිකව, දැඩිව දඬුවම් දෙන ක්‍රමවේදයක් සකස් කොට, රට දූෂණයෙන් තොර ස්ථානයක් බවට පරිවර්තනය කිරීමත් අත්‍යාවශ්‍යයි.”

නමුත් රටේ එකම ප්‍රශ්නය, දූෂණය නොවේ. රාජ්‍ය තන්ත්‍රයම මූල්‍ය අපරාධ කොට්ඨාසයක් කොට රටේ ප්‍රශ්න විසඳිය නොහැක.

“නමුත් ඒක ඉතාම වැදගත් කාරණයක්. මේ දූෂණයෙන් තොරව විශ්වාසය වෙළෙඳපොළ විශ්වාසය දිනා ගැනීම. ඒ වගේම විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලිල් මගින් විදේශ ආයෝජන දිනා ගැනීම සඳහා කටයුතු කිරීම.

3. සිහින සාප්පු වෙනුවට දේශීය ආර්ථිකය ගොඩනැංවීම සඳහා වැඩපිළිවෙළක් යොදා ගැනීම.

“ගංජා විකුණලා, කුරුඳු සුරුට්ටු වලින් පුළුවන් මේ රටේ ආර්ථිකය ගොඩනගන්න. ත්‍රිකුණාමලයේ තෙල් ට වලින් පුළුවන් මේ රටේ ආර්ථිකය ගොඩනගන්න. රට වටේ තියෙන තෙල් නිදි ටික විකුණලා පුළුවන් මේ රටේ ණය ගෙවන්න වගේ. සිහින කතා. මේවායේ යම් යම් පුංචි ඇත්ත වල් තියෙන බව ඇත්ත. නමුත් මේවා සමස්තයක් හැටියට මේ රටේ මේ පවතින මොහොතේ තියෙන මූල්‍ය අර්බුදය, විදේශ විනිමය අර්බුදය විසඳන්න පුළුවන් විසඳුම් නෙමෙයි. ඒ නිසා, පළවෙනි දේ අපි කරන්න ඕනේ. කෙටි කාලයක් ඇතුළත අපේ ගොවිතැනේ, ඒ වගේම වැවිලි කර්මාන්තයේ ඵලදායිතාවය ඉහළ නංවා ගන්න. ඒ වගේම හඳුනාගත් දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය කරන ප්‍රතිපත්තිය සකස් කරලා ඒ දේශීය කර්මාන්ත ඉහලට ගැනීම සඳහා වෙච්ච වැඩපිළිවෙළක් හා ව්‍යවස්ථාදායකත්වයක් ගොඩනගා ගැනීම. ඒ වගේම බලශක්ති ක්ෂේත්‍රයේ ඉල්ලුම කළමනාකරණය සම්බන්ධ විශේෂ උපක්‍රම මගින් රටේ බලශක්ති අර්බුදය විසඳා ගැනීම.

“මේ රටේ උගත් තරුණ පරපුරට ඔවුන් ගැන විශ්වාසය තබලා මේ ව්‍යාපාර දියුණු කිරීම සඳහා අපි ආදර්ශයක් දුන්නා තාක්ෂණ නගරයෙන්. එවැනි නගර ගණනාවක් අනාගතයේ බිහි කරනවා ඇරෙන්න කර්මාන්තපුර හෝ ඇඟලුම් කර්මාන්ත හරහා ලංකාවට තවදුරටත් අනාගතයක් නෑ. ලංකාවට අනාගතය තියෙන්නේ මේ නව තාක්ෂණය හරහා හරහා ගොඩනැගෙන අලුත් තරුණ පරම්පරාවේ ඩොලර් උපයන මාර්ගවලින් පමණයි.

4. ණය ප්රතිව්යුහගත කිරීම

“අපේ ණය අපට ගෙවන්න බැරිනම් ඒ බව කියලා බේරුම් කාරයෙක් හොයාගෙන අපේ ණය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. මේ සමාජයට භාර ගන්න පුළුවන් කොටසක් තියෙනවා. ණය හිමිකරුවන්ට භාර ගන්න පුළුවන් කොටසක් තියෙනවා. ඒ බේරුම්කාරයා ද? එහෙමත් නැත්නම් ඔය සමහර පුංචි පුංචි රාජ්‍ය අත්හදා බලපු විදිහට පුද්ගලික බේරුම්කාරයොද? එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද, කවර හෝ බේරුම්කාරයෙක් ගෙන්වා ගෙන අපි මේ ණය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. එහිදී, ලංකා සමාජය එහෙම නැත්නම් අපේ ණය හිමියන්  භාරගන්නා කොපමණද?  යන්න නිවැරදිව තීරණය කළ යුතුය.

5. ශ්රී ලංකාවේ ප්රතිරූපය ගොඩනැංවීම

නැවතත් 20 වෙනි සංශෝධනය අහෝසි කොට ජනාධිපති ධුරයත්, පාර්ලිමේන්තුවත් අතර සමතුලිතතාවයක් ඇති කළ යුතු අතර, ස්වාධීන අධිකරණයක්, ස්වාධීන මැතිවරණ ක්‍රමයක් හා රාජ්‍ය ක්‍රමයක් සහතික කරන 17 වෙනි හෝ 19 සංශෝධනයකට පාර්ලිමේන්තුව පියවර ගත යුතුය.

 “ඒ වගේම මේ රට තුළ සෑම ස්ථානයකටම තමන්ගේ හිතවත් හමුදා නිලධාරීන් දාන (කුසලතාවය තියෙන හමුදා නිලධාරීන් නෙමෙයි). තමන්ගේ හිතවත් හමුදා නිලධාරීන් දාගෙන ගෙනියන මේ මිලිටරිකරණය හා බැරැක්කරණය නතර කරලා,  අණදෙන ක්‍රමය වෙනුවට, කුසලතාවය මත පදනම් වූ අපේ රාජ්‍ය සේවය ගැන විශ්වාසය තබා රාජ්‍ය සේවය නැවත ස්වාධීනව ගොඩනගන ක්‍රියාවලියකට අප යා යුතුමයි.

1966 දී  සම්මත කළ මානව අයිතිවාසිකම් මත, පුද්ගලයින්ගේ ජනවාර්ගික, සංස්කෘතික, ආගමික අයිතීන් ඒවාට යටත්ව විමසන සුළු සෑම කෙනාටම අභිමානයෙන් ජීවත්විය හැකි, කතා කළ හැකි තත්ත්වයේ විශ්වාසනීය නීති පද්ධතියක් ඇති කර ගැනීමට, අපි කටයුතු කළ යුතුයි ලෝකයේ නැවතත් සීතල යුද්ධයක් ආරම්භ වෙලා තියෙනවා. ඒක සීතල යුද්ධයකට වඩා උණුසුම් යුද්ධයක්. ඒ චීනය හා එක්සත් ජනපදය අතර. මේ චීනය හා එක්සත් ජනපදය අතර ගැටුමට කිසිම ආකාරයකට අපි මැදිහත් විය යුතු නෑ. මොකද අපි කුඩා රටක්. ඒ වගේම මේ කලාපයේ ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය, මේවා අපේ මිතුරු රටවල් හැටියට පවතිනවා. මේ රටවල් එක්ක අපි සමමිතුරු විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය නොකලොත් අපි මේ අයට කප්පම් එන්න උත්සාහ කළොත් ඇමරිකා එක්සත් ජනපදයට අරක දෙනවා මේ පැත්ත කොටස චීනයට දෙනවා, අනිත් කොටස ඉන්දියාවට දෙනවා වගේ වැඩ කරන්න අපි ගියොත් අපේ මේ රට පරාජය වීම තමයි සිද්ධවෙන්නේ. ඒ වෙනුවට මේ සෑම කෙනෙක් එක්කම සම මිතුරු ප්‍රවේශයකින් විශේෂයෙන්ම අපේ කලාපීය රටවල් ඉන්දියාව ප්‍රමුඛ කලාපීය රටවල් එක්ක සම මිතුරු ප්‍රවේශයකින් ඉදිරියට යාම අත්‍යාවශ්‍යයි .

“මේ අවස්ථාව මහමැතිවරණයකට හෝ ජනාධිපතිවරණයකට සූදානම් වෙන අවස්ථාවක් නෙවෙයි. අපි අවධාරණය කළ යුත්තේ, මේ එළඹෙන සති කිහිපය, මේ එළඹෙන මාස කිහිපය ඇතුළත, රට ඊට බංකොලොත් උනොත් මොකද අපි කරන්නේ කියන ප්‍රශ්නය අපි හදවතින් ඇසිය යුත්තේ. අපි ඇසිය යුත්තේ ඊළඟ ජනාධිපතිවරණයෙන් කවුද ජයග්‍රහණයකින් කරන්නේ, කවුද අපේක්ෂකයා කියන ප්‍රශ්නය නෙමෙයි. ඒකට ඒ අවස්ථාවේදී සුදුසුම තත්ත්වය අපිට යොදාගන්න පුළුවන්. නමුත් ඊට පෙර එළඹෙන්නට නියමිත රට බංකොලොත් වීමේ අනතුරක්, ඒ බංකොලොත් වීම හරහා රට මියන්මාරයක් බවට, රට උතුරු කොරියාවක් බවට පරිවර්තනය වීමට තියෙන අනතුරත් එක්ක මොකක්ද අපි විසින් ගත යුතු ප්‍රායෝගික කියන එකයි අපි දැන් සලකා බැලිය යුත්තේ.” රණවක මහතා අවධාරණය කළේය.

Recommended For You

About the Author: Thusal