2021 වසරේ දී භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15.1ක්

2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය

2021 වසරේ දී ශ්රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15.1ක් උපයා ගෙන ඇති අතර එය 2020 වසරේ උපයන ලද ඇමරිකානු ඩොලර් බිලියන 12.34 හා සසඳන විට 23% වර්ධනයකි.

ඉතිහාසයේ ප්‍රථම වතාවට 2021 වසරේ දී භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 12ක සීමාව පසු කරමින් ඇමරිකානු ඩොලර් බිලියන 12.5 උපයන ලදි. එය 2021 වසරේ අපනයන ඉලක්කය අභිබවා යාමක් මෙන්ම 2020 වසරට සාපේක්ෂව 24% ක වර්ධනයකි.

2021 වසරේ මාස 8 ක් තුල දී මාසික වෙළෙඳ අපනයන ආදායම ඩොලර් බිලියනයේ සීමාව පසුකර තිබීම ද විශේෂත්වයකි.

ශ්රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනය 2021 වසරේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 15.1 ක් උපයා ගනිමින් අපේක්ෂිත ඉලක්කය කරා ළඟා වීම පිළිබඳ අපනයනකරුවන්ට විශේෂයෙන් ස්තූති කරන බව ගරු වෙළෙඳ අමාත් ආචාර්ය බන්දුල ගුණවර්ධන හන් කරන ලදි.

රටේ ශ්‍රම බලකාය සහා කඩිනමින් එන්නත් ලබාදීමේ රජයේ තීරණයත් සමඟ කර්මාන්තකරුවන් වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ ඔවුන්ගේ කැපවීම මේ න විට සාර්ථක ප්‍රතිඵල ලබාදෙමින් පවතින බව ගරු වෙළෙඳ ඇමතිතුමා වැඩිදුරටත් පැවසීය.

මාසික වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය 2019, 2020 සහ 2021 ඇමරිකානු ඩොලර් මිලියනවලින්

වගුව 1: වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇ.ඩො. මිලියන

භාණ්ඩ අපනයනය201920202021% වර්ධනය (20-21)
ඇඟලුම් සහ රෙදිපිළි55774,4065,415.9222.93
තේ13461,2411,324.386.72
රබර් ආශ්‍රිත නිශ්පාදන8908161092.6033.87
පොල් ආශ්‍රිත නිශ්පාදන614665836.1025.81
දියමන්ති, මැණික් සහ ස්වර්ණාභරණ314148292.4997.32
ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රොනික සංරචක381328421.4228.38
කුළුබඩු සහ සාන්ද්‍රිත නිශ්පාදන313335456.7136.14
සැකසූ ආහාර සහ පාන වර්ග442351443.9826.36
මත්ස්‍ය නිශ්පාදන263190274.0744.40
විසිතුරු මසුන්161320.9760.94
එළවළු322627.446.60
පළතුරු423639.4610.66
වෙනත් අපනයන බෝග456868.581.46
මල් සහ පත්‍181316.2028.47
බෝට්ටු නිෂ්පාදන65237.811482.01
ඛනිජ තෙල් නිෂ්පාදන336272234.36-13.77
වෙනත්1,2461,1371,472.8029.53
මුළු වෙළඳ භාණ්ඩ අපනයනය11,94010,04712,475.2924.17

වගුව 2:  ප්රධාන අපනයන ගමනාන්ත 10

                                                                                                                        .ඩො. මිලියන

රට20202021% වර්ධනය (20-21)
1එක්සත් ජනපදය2,507.203,068.8022.40
2එක්සත් රාජධානිය910.47933.722.55
3ඉන්දියාව604.50815.1134.84
4ජර්මනිය570.39754.1132.21
5ඉතාලිය457.32578.9126.59
6නෙදර්ලන්තය290.17425.7246.71
7බෙල්ජියම295.48334.3213.14
8කැනඩාව213.05312.8546.84
9චීනය223.00273.7322.75
10එක්සත් අරාබි එමීර් රාජ්‍යය188.9282.8449.73
වෙනත්3,786.524,695.1824.00
මුළු අපනයනය10,04712,475.2924.17

වගුව 3: අපනයන කලාප

.ඩො. මිලියන

කලාපය20202021% වර්ධනය (20-21)
යුරෝපා සංගමය එක්සත් රාජධානිය හැර2,271.582,948.1729.78
එක්සත් ජනපදය2,507.203,068.8022.40
දකුණු ආසියාව916.171,243.5235.73
ASEAN283.44348.8923.09
CIS රටවල්269.66253.54-5.98
අප්‍රිකානු රටවල්245.83319.7930.09
මැද පෙරදිග රටවල් (සයිප්‍රසය සහ ඊජිප්තුව හැර)708.59913.0628.86
වෙනත්1934.053,379.5274.74
මුළු වෙළඳ භාණ්ඩ අපනයනය10,04712,475.2924.17

සේවා අපනයනය

2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලසීමාව සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 2,647.75 ක් වූ අතර එය 2020 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 15.75% කින් වැඩි විය. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තු කර ඇති සේවා අපනයන, තොරතුරු තාක්ෂණ සේවා/ ව්‍යාපාර ක්‍රියාවලි කළමණාකරණ සේවා (ICT/BPM), ඉදිකිරීම් සේවා, මූල්‍ය සේවා, ප්‍රවාහන සහ යටිතල පහසුකම්වලින් සමන්විත වේ.

සංශෝධිත අපනයන ඉලක්ක සහ ජයග්‍රහණ

2021 වසර සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයේ සංශෝධිත අපනයන පුරෝකථනය ඇමෙරිකානු ඩොලර් බිලියන 15.72ක් වන අතර ඉන් ඩොලර් බිලියන 12.14ක් වෙළඳ භාණ්ඩ අපනයනයෙන්ද, ඇමෙරිකානු ඩොලර් බිලියන 3.58ක් සේවා අපනයනවලින්ද අපේක්ෂා කරන ලදි.

2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ, ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා ඇස්තමේන්තුගත සේවා දත්ත ඇතුළුව අපනයන ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 15.12ක් වාර්තා කර ඇති අතර සංශෝධිත අපනයන ඉලක්කයෙන් 96.2%ක් ලබාගෙන ඇත.

තවද, 2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ වෙළඳ භාණ්ඩ අපනයන සහ සේවා අපනයන ඉපැයීම් පිළිවෙළින් සංශෝධිත අපනයන ඉලක්කයන්ගෙන් 102.78% සහ 73.88%ක් ලබා ගෙන ඇත.

Recommended For You

About the Author: Thusal