‍2019දී නීතියේ ආධිපත්‍ය දර්ශකයේ 66 වැනි තැන සිටි රට 2020දී 76ට වැටුණේ කොහොමද ?

ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍ය බිද වැටීම ඉරාන් සංඛ්‍යා දත්ත සමග පෙන්වා දෙයි

අපේ අධිකරණය පිළිබඳව තිබෙන විශ්වාසය අපි ආරක්ෂා කළ යුතුයි. නීතිපති දෙපාර්තමේන්තුව ගැන තිබෙන විශ්වාසය ද පළුදු වෙලාය. හේතුව නඩු දානවා, පසුව එම නඩුව නීතිපති විසින්ම ඉවත් කරගන්නා තත්ත්වයට එම දෙපාර්තමේන්තුව පත් කර තිබෙනවා. අධිකරණය පිළිබඳව ජනතාවගේ  විශ්වාසය නැතිවූ විට ඔවුන් ඒවා විසඳා ගැනීම සඳහා පාරට බැසීමට ඉඩ තිබෙනවා.

‘‘අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව ආඩම්බර වෙනවා‘‘ යැයි අධිකරණ ඇමතිවරයා ප්‍ර‍රකාශ කළ ද රටේ  ස්වාධීන අධිකරණයක් තිබෙන බව මේ රටේ ජනතාවට විශ්වාසයක් තිබෙනවාද කියන එකයි අපට වැදගත් වන්නේ යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කීය.

අධිකරණ සංවිධාන සංශෝධන පනත ඇතුළු පනත් කිහිපයක දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදය (09) ඇමතූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා වැඩි දුරටත් කතා කරමින් මෙසේ ද කීය.

‘‘එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතියේ  නීතියේ ආධිපත්‍ය හා අධිකරණ අඛණ්ඩතා ස්වයං තක්සේරුව වාර්තාව අනුව මෙම වසරේ දර්ශකයේ ශ්‍රී ලංකාව සමස්ත නීතියේ ආධිපත්‍යය දර්ශකයට ඇතුළත් රටවල් 139 න් 76 වැනි ස්ථානය ට පත්ව ඇති අතර පෙර වසරේ  ශ්‍රී ලංකාව 66 වන ස්තානයේයි සිටියේ. ලෝක යුක්ති ව්‍යාපෘතිය මගින් වාර්ෂිකව නිකුත් කරනු ලබන වාර්තාව මගින් ඒ ඒ රටවල අධිකරන පද්ධතිය හරහ පහත සඳහන් කරුණු වල ප්‍රගතිය පිළිබඳව තක්සේරු කරනවා. නීතියේ පාලනය, සැමට යුක්තිය සඳහා සමාන ප්‍රවේශය, අල්ලස හා දූෂණය, ඵළදායී,වගකියන හා විනිවිදභාවයෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් ද  තිබෙන්නේ යැයි එම වාර්තාවේ සමාලෝචනයට ලක් කරනවා. එම ලෝක යුක්ති වාර්තාව අනුව ඩෙන්මාර්කය, නෝර්වේ,ෆින්ලන්තය,ස්වීධණය මුල් රටවල් පහ අතර තිබෙනවා. ආසියාව ගත් කළ සිංගප්පුරුව, ජපානය හොංකොං, කොරියාව හා ජපානය වැනි රටවල් ඉදිරියෙන් සිටිනවා. නමුත් ලංකාව 76 වන ස්ථානයේ සිටින්නේ. එහෙත් 2020 දී අපි සිටියේ 66 වන ස්ථානයේ යි.

මෙයට වග කිව යුත්තන් කවුරුන්ද කියා තර්ක කිරීමෙන් පළක් නැහැ. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලින් රට ගැන තිබෙන තක්සේරුව නම් ලංකාවේ ක්‍රමය පහළට යන බවයි. මේ වැරදි නිවැරදි කිරීම බලයේ සිටින රජයේ වගකීමයි. පිළිවෙත හා ආරක්ෂාවෙන් Order and Security රට හුඟාක්ම පහළට ගිහින් බව එම වාර්තාවේ සඳහන් වෙනවා. එහි තේරුම නම් පොලිසියේ වගකීමක් වන අපරාධ මැඩීම සම්බන්ධ ඵළදායීතාවය අඩු බවයි. ඒ වගේම දැරිය හැකි වියදමින් ප්‍රවේශයට අවස්ථාවක් නොමැතිව  සිවිල් ගැටුම් වැඩි බව පෙන්වා දී ඇති අතර අධිකරණ විසඳුමක් නැතිව පුද්ගලික ගැටුම් වලට මේ රටෙ ජනතාව යොමුවන බවද සඳහන් වෙනවා.

දූෂණය හා රාජ්‍ය බලපෑම් නිසා ආරවුල් විසඳන යාන්ත්‍රණයකට ප්‍රවේශය අපහසුව පවතින පසුබිමක   පුද්ගලයෙන් පුද්ගලයන්ට වෙනස් ආකාරයට සලකන බවට ද චෝදනා එල්ලවී තිබෙනවා. අපක්ෂපාතිත්වය හා ඵළදායීතාවය ප්‍රමාණවත් නොවන බව ට ද ජාත්‍යන්තර යුක්ති වාර්තාවේ දී ශ්‍රී ලංකාවේ යුක්තියේ අඛණ්ඩතාවය පිළිබඳ ජාත්‍යන්තර තක්සේරු වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

අප රටේ බොහෝ අවස්ථාවලදී අධිකරණ අමාත්‍යවරයා ලෙස පත්ව ඇත්තේ නීතිඥ මහත්මයෙක්. දැන් ලංකාවේ අධිකරණයේ ප්‍රමාදවීම සම්බන්ධයෙන් ශල්‍යකර්මයක් කළ යුතුව තියෙද්දී ප්ලාස්ටර් ඇලවීමෙන් ඵළක් නෑ. අධිකරන ඇමති ලෙස පත්වන නීතිඥ මහත්වරුන්ට  සබැඳියා ගැටුම් තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා ප්‍රසම්පාදනය දිරිමත් කිරීම සඳහා ඩොලර් මිලියන දෙකක් ගත් බවට බ්‍රිතාන්‍යයේ මහ උසාවියේ ප්‍රකාශ වුණා. මේ වංචාවට ලංකාවේ පුද්ගලයන්ව එහි උසාවියේ වරද කරුවන් බවට පත් කළා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩනංවන්නට යැයි  අපේ මහ බැංකුවෙන් මුදල් ගත්තා යැයි ඇමරිකාවේ ෆෙඩරල් උසාවියෙන් පුද්ගලයෙක්ව වැරදිකරු කළා. එහෙත් ලංකාවේ ඒවා ගැන මෙතෙක් කිසිදූ අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.

ලංකාවේ අධිකරණ ක්‍රියා මාර්ග යන විධියට යුධ අපරාද චෝදනා ද ජාත්‍යන්තර උසාවිය වෙත යොමුවන්නට ඉඩ ඇත. එපමණක් නොව මාධ්‍යවල පළවූ වාර්තා අනුව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ද ජාත්‍යන්තරය අධිකරණට කරුණු යොමුවන්නට ඉඩ තිබෙන අතර එවන් පසිබිමක දී ජාතියක් වශයෙන් සියලු දෙනා ලැජ්ජාවට පත්විය යුතුයි.

අපේ අධිකරණය පිළිබඳව තිබෙන විශ්වාසය අපි ආරක්ෂා කළ යුතුයි. නීතිපති දෙපාර්තමේන්තුව ගැන තිබෙන විශ්වාසය ද පළුදු වෙලාය. හේතුව නඩු දානවා, පසුව එම නඩුව නීතිපති විසින්ම ඉවත් කරගන්නා තත්ත්වයට එම දෙපාර්තමේන්තුව පත් කර තිබෙනවා. අධිකරණය පිළිබඳව ජනතාවගේ  විශ්වාසය නැතිවූ විට ඔවුන් ඒවා විසඳා ගැනීම සඳහා පාරට බැසීමට ඉඩ තිබෙනවා.

නඩු කල් දැමීම ගැන ජනතාව අප්‍රසාදය පළ කරනවා. මේ සතියේ මොරටුවේ පන්සලකට ගිය අවස්ථාවේදී එහි මහා නායක හිමි ප්‍රකාශ කළා පොදු ප්‍රශ්නයක් පිළිබඳ නඩුවකට උසාවි ගිය අවස්තාවේ දී නඩු 30 විතර කැඳෙව්වා. එහෙත් නඩු තුනක් හැර අන් සියළු නඩු කල් තැබුවා කියලාය. උන්වහන්සේ ගේ නඩුවට ද පෙනී සිටින නීතිඥ මහතාට පෙනී සිටීමේ දිනකට රු 50,000 ගෙවූ බවත් නඩුව කල් දැමූ බවත් උන් වහන්සේ කීවා. නීතිඥ මහතාව උසාවියේ දුටුවේ නැති බවත් ඔහුගේ ගෝලයෙක් පැමිණ සිටි බවත් උන් වහන්සේ කීවා. නඩු කල් දමන ආකරය ගැන විමතියට පත් වූ නායක හාමදුරුවෝ, නඩු ගාස්තු ගෙවන්න සිදුවන බැවින් නඩුව එක් වරම වසර 10 ට හෝ 20 කට කල් දමන්නට බැරි දැයි මගෙන් ප්‍රශ්න කළා. උන්වහන්සේගේ ප්‍රශ්නය සාධාරණයි. අද උසාවිවල කටයුතු දිහා බලන විට කල් දාන වතාවක් ගානේ දුප්පත් ජනතාව නීතිඥ ගාස්තු ගෙවිය යුතුයි.

අධිකරණ ඇමතිවරයා මේ සංශෝධන ගැන කළ ප්‍රකාශ බොහොමයක් සමඟ මම එකඟ වෙනවා. අපගේ අධිකරණ ක්‍රියාවලිය පිළිබඳව දේශීයව හා ජාත්‍යන්තරව කරනු ලබන විවේචන හා විග්‍රහයන්ට ප්‍රතිචාර දක්වමින් සුදුසු පරිදි සංශෝධන ගෙන එන්නට අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා‍. අධිකරණ ඇමතිවරයා එසේ කටයුතු කළාට මහ බැංකුවේ අධිපතිතුමා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන අපගේ ශ්‍රේණිගත කිරීම පහත දමු වහාම එය නිවැරදි  කිරීමට කටයුතු කරනවා වෙනුවට ජාත්‍යන්තර ආයතනවලට දොස් නගමින් සිටීම කණගාටුදායකයි‘ යැයි ඉරාන් වික්‍රමරත්න මහතා සදහන් කළේය.

Recommended For You

About the Author: Thusal