සමබර පෝෂණයට තිරසර විසඳුම් දෙන – ‘පවුලේ ගොවිතැන / Family farming‘

Nissa Wargadipuras ගේ මුල්ම මතකයන් ස්වභාව ධර්මය සමඟ ජීවත් වන ආකාරය ඉගෙන ගැනීම ද ඇතුළත් වේ. බටහිර ජාවා හි ගරුට් – Garut නම් කඳුකර නගරයේ පිහිටි ඇගේ ළමා කාලය ගෙවුණ නිවස පිටුපස ඇගේ පියා එළවළු, ඖෂධ පැළෑටි සහ පලතුරු වගා කළ කුඩා වනාන්තරයකි. ඇගේ මව ඔවුන්ගේ පවුලේ අයට සහ ඔවුන්ගේ අසල්වැසියන්ට ශාකවලින් පාරම්පරික ඖෂධ නිෂ්පාදනය කළාය.

“මම ඉස්කෝලේ ඇරිලා ගෙදර එන හැම වෙලාවෙම මගේ අම්මා මට කිව්වා “දඩයම්” කරන්න කියලා. “ගෙදර දඩයම් – backyard hunt” සම්ප්‍රදාය ඉන්දුනීසියාවේ බටහිර ජාවාහි සන්ඩනීස් ජනතාවගේ (Sundanese people) ජීවිතයේ දිගුකාලීන කොටසක් වී තිබෙනවා. මම පේර, පොල්, කහ, කරපිංචා, හැම දෙයක්ම දඩයම් කළා. මට අවශ්‍ය හැම දෙයක්ම මගේ දෙමාපියන්ගේ ගෙවත්තෙන් හොයාගන්න පුළුවන්.”

නිස්සාගේ ගම්මානයේ සිටින සුන්දනීස් ජනයා තම නිවෙස් සලකන්නේ විවේක ගැනීමට සහ නවාතැන් ගැනීමට පමණක් නොව, ඔවුන්ට ආහාර සපයා ගැනීමට සහ ජීවත්වීමට මාර්ගයක් ලෙස ය.

Nissa ගේ ළමා කාලය පිළිබඳ සුන්දර මතකයන් ඉන්දුනීසියානු ග්‍රාමීය ජීවිතයේ පවුල් ගොවිතැනේ (family farming) ගැඹුරු මූලයන් ගැන කථා කරයි. එහෙත් දේශපාලන විපත්තිවලට සහ දරිද්‍රතාවයට එරෙහිව එම සම්ප්‍රදායන් පවත්වා ගැනීමට ඇය දරන අරගලය ඉන්දුනීසියාව පුරා පවුල් ගොවීන් (family farmers) මුහුණ දී ඇති තර්ජන නිදර්ශනය කරයි.

විසඳුම් සොයමින්

Nissa 1989 දී උසස් පාසල් ශිෂ්‍යාවක් වූ අතර ඇයගේ පවුලේ ජීවනෝපාය සහ Garut හි අනෙකුත් ගොවීන්ගේ ජීවනෝපාය තර්ජනයට ලක්ව ඇති බව ඇය මුලින්ම තේරුම් ගත්තාය. ඇය දේශීය ගොවීන්ගේ අයිතිවාසිකම් සුරැකීමට සහ ඉඩම් අත්පත් කර ගැනීමේ රජයේ ප්‍රතිපත්තියට එරෙහි වීමට ශිෂ්‍ය ව්‍යාපාරයකට සම්බන්ධ වූවාය.

අවසානයේ අරගලයේ ප්‍රතිඵල ලැබිණි. “අවසාන වශයෙන්, 1997 දී ගොවීන් 700 ක් පමණ ඔවුන්ගේ ඉඩම් ආපසු ලබා ගත්හ,” ඇය පැවසුවාය.

ඊළඟ වසරේ නිසාසා සහ ඇගේ මිතුරන් “පසුන්දන් ගොවි සංගමය – Pasundan Farmer Union” පිහිටුවන ලදී. මෙම සංවිධානය බටහිර ජාවා හි වඩාත්ම බලගතු ගොවි සංවිධානයක් බවට පත් වූ අතර අද එහි සාමාජිකයින් 100,000කට වඩා ඇත.

එය ඔවුන්ගේ ඉඩම් ආපසු ලබා ගැනීම පළමු පියවර වූ නමුත් එය දරිද්‍රතාවයේ විනාශයෙන් ගොවීන් ආරක්ෂා කළේ නැත.

බටහිර ජාවා හි පාපණ්ඩයන් කඳු පාමුල ගොවි ප්‍රජාවක් සමඟ ජීවත් වූ විට නිස්සා බලාපොරොත්තු සුන්වීම අත්වින්ඳාය. නගරයේ මධ්‍යම වෙළෙඳපොළ පාලනය කළ අතරමැදියන්ගේ නියෝග මත ගොවීන් එළවළු වගා කළහ. මේ අතරමැදියන් ගොවීන්ට බීජ, කෘෂි රසායන පොහොර සහ විටමින් ලබා දුන්හ. ඔවුන් තම නිෂ්පාදන ඉලක්ක කරා ළඟාවීම සඳහා ඒක වගාවකට යොමු වීමට ගොවීන් දිරිමත් කළහ. යෙදවුම්වල අධික පිරිවැය නිසා ගොවීන් අතරමැදියන් මත යැපීම වැඩි වූ අතර එළවළු මිල පහත වැටුණු විට ගොවීන්ට යැපීම සඳහා ඉතිරිව ඇත්තේ ඉතා අල්ප වශයෙනි.

නිස්සාට අවශ්‍ය වූයේ ගොවීන් ස්වයංපෝෂිත වී ඔවුන්ගේ සාම්ප්‍රදායික ප්‍රඥාව traditional wisdom වෙත නැවත පැමිණීමටය. එබැවින් ඇය තරුණ තරුණියන්ට තිරසාර ගොවිතැන් ක්‍රම ඉගෙන ගැනීමට පාසලක් විවෘත කළාය. ©FAO/Taufany Eriz

සාමාන්‍ය පාසලක් නෙවෙයි

ගොවීන් සවිබල ගැන්වීමට, අතරමැදියන් මත යැපීම අඩු කිරීමට සහ සොබාදහමට සමීපව ජීවත්වීමේ අත්දැකීම නැවත පණගැන්වීමට මාර්ගයක් සොයා ගැනීමට Nissa තීරණය කළාය.

නමුත් ගොවීන්ට සහ ඔවුන්ගේ දරුවන්ට ඔවුන්ගේ සාම්ප්‍රදායික ප්‍රඥාව පිළිබඳ විශ්වාසය නැවත ඇති කර ගත හැකි එකම ක්‍රමය අධ්‍යාපනය බව නිසාසා තර්ක කළාය. 2008 දී Nissa සහ ඇගේ සැමියා සමග තරුණයින්ට කෘෂි විද්‍යාව, ආහාර සුරක්ෂිතතාව සහ ආගම ඉගැන්වීම සඳහා At-Thariq (අරාබි භාෂාවෙන් “මාර්ගය” යන අර්ථය) නමින් ගොවි ක්ෂේත්‍ර පාසලක් ආරම්භ කළහ. විධිමත් අධ්‍යාපනය සඳහා සිසුන් සාම්ප්‍රදායික පාසල්වලට ද ඇතුළත් විය. සිසුන් පාසලේම ජීවත් වූ අතර ඔවුන් ප්‍රධාන වශයෙන් ඉගෙන ගනිමින් තිරසාර ගොවිතැන් පාඩම් ද ලැබූහ.

හෙක්ටයාර් එකක පමණක් වන ඉඩමක, එකම ක්ෂේත්‍රයේ විවිධ භෝග එකවර වගා කරන අන්තර් භෝග වගාව පදනම් කරගත් රෝපණ ක්‍රමයක් Nissa විසින් නිර්මාණය කළාය. රෝපණ ප්‍රදේශය කලාප කිහිපයකට බෙදා ඇත: නිවර්තන කලාපීය පලතුරු සඳහා කලාපයක්, වෙනත් කලාපයක මාළු පොකුණක් සහ ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වන මඤ්ඤොක්කා සහ ටාරෝ වගා කරන ප්‍රධාන ආහාර කලාපයක් වශයෙනි. පාසලේ තක්කාලි, දිය නිවිති සහ ඖෂධ පැළෑටි වැනි විවිධ එළවළු වර්ග ද වගා කෙරේ.

උදෑසන 4 ට උදෑසන යාච්ඤාවෙන් කටයුතු ආරම්භ වේ. ඉන් පසු උසස් පාසල් සිසුන් පාසලට සූදානම් වන අතර විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨයන් උදේ සහ දිවා ආහාරය සඳහා ආහාර පිළියෙළ කර රාත්‍රී ආහාරයට අවශ්‍ය එළවළු, පලතුරු සහ මාළු අස්වැන්න නෙළා ගනී. දහවල් කාලයේදී ප්‍රාථමික සිසුන් ගොවිපළ බලා ගනී. සවස් වන විට ඔවුන් කෘෂිකර්මාන්තය ගැන වැඩි විස්තර ඉගෙන ගන්නා අතර සති අන්තයේ ඔවුන් මුළු දවසම ගොවිපළෙහි ගත කරති. පාසලට ඇතුළත් වන්නේ සිසුන් 30 දෙනෙකුට පමණි, මන්ද ගොවිපොළට පෝෂණය කළ හැක්කේ 30 දෙනෙකුට පමණි.

“සිසුන් ආහාරය ලබා ගත යුත්තේ ඔවුන් කළමනාකරණය කරන ගොවිපළවල් වලින්. මෙය අපගේ ප්‍රධාන පාඩම් වලින් එකෝ ”නිස්සා පැහැදිලි කරයි.

Family Farming Initiative හරහා, FAO විසින් Nissa ගේ වැනි ජීවමාන උදාහරණ සඳහා සහය දක්වයි, ලෝකයට වඩාත් තිරසාර අනාගතයක් අත්කර ගැනීමට සංයුක්තව උපකාර කරන සාරධර්ම සහ ජීවන රටාවන්. ©FAO/Taufany Eriz

නිවසට ආසන්නයි

Nunung Nurhasana / නනුං At-Thariq  හි වසර පහක් ගත කළාය. ගරුත් හි අධ්‍යාපන විද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් පසු ඇය නැවත සිය ගමට පැමිණියාය.  At-Thariq  අධ්‍යයනයෙන් සහ අත්දැකීම්වලින් සන්නද්ධ වූ නනුං ඇය ඉගෙන ගත් අදහස් ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තාය.

නනුංගේ ගමේ කෙසෙල්, ගස්ලබු, පොල් ආදී විවිධ පලතුරු වර්ග නිෂ්පාදනය කරයි. ඇය සහ ඇගේ ගමේ ගොවී කාන්තාවන් ඉතිරි වන පලතුරු කෙටි ආහාර සහ බීම ලෙස සකස් කර, පසුව ඇය සමාජ මාධ්‍යවල ප්‍රවර්ධනය කර අලෙවි කරයි.

“මට අවශ්‍ය සියල්ල මගේ පවුලේ ගෙවත්තේ තිබෙන නිසා ආහාර සඳහා වැය වන්නේ ඉතා සුළු මුදලක් පමණයි‘ ඇය පැවසුවාය.

At-Tariq ට ආදි සිසුන් 1000කට වඩා ඇත. නුනුං වගේ බොහෝ දෙනෙක් තම ගමේ නැවතී තමන් උගත් පාඩම් ක්‍රියාත්මක කරති. 

පවුලේ ගොවිතැන / Family farming

ආසියා පැසිෆික් කලාපයේ පවුල් ගොවිතැන සඳහා FAO හි කේන්ද්‍රස්ථානය වන Pierre Ferrand පවසන්නේ “වඩාත් තිරසාර සහ ඔරොත්තු දෙන ආහාර පද්ධති නිර්මාණය කිරීමේ අපගේ උත්සාහයේදී අප මුහුණ දෙන අභියෝග රැසකට Nissa ගේ ගමන විසඳුම් සපයනවා. පවුලේ ගොවීන් කෘෂිකාර්මික පරිවර්තනයේ හදවත විය යුතුයි.”

පවුල් ගොවිතැන සාම්ප්‍රදායික ආහාර නිෂ්පාදන ආරක්ෂා කරයි, සමබර ආහාර වේලක් සඳහා දායක වේ, ස්වාභාවික සම්පත් තිරසාර ලෙස භාවිතා කරන අතර ලෝකයේ ජෛව විවිධත්වය ආරක්ෂා කරයි. 

නිස්සා වසර 12කට පෙර සිටුවූ කෘෂිකාර්මික පරිවර්තනයේ බීජ ඵල දරන්න පටන් අරන්. ඒ සියල්ල ඇගේ ගෙවත්තෙන් ආරම්භ විය.

FOA වාර්තාවක් ඇසුරිනි – සැකසුම – දිසංකා සදුනිල්

Recommended For You

About the Author: Thusal