හරිත ගොවිතැනට සහාය දෙන්න ‘යුද හමුදා ගොවි බළකාය‘ පුහුණු වීම් අරඹයි

මාතලේ දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 23 සඳහා යුද හමුදා නිලධාරීන් 46 දෙනෙකු හරිත  කෘෂිකර්මාන්ත ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා  පුහුණුවීම් කටයුත්ත අද (18) දින ආරම්භ කළහ.

එම භට පිරිස් කෘෂිකර්මාන්තය පිළිබඳව දින පහක් පුහුණු වැඩසටහන නාලන්ද   කෘෂිකර්ම පුහුණු  බිජ ගොවිපොළේදී ආරම්භ කෙරිණි.

මාතලේ දිස්ත්‍රික්කයේ  හරිත  කෘෂි කර්මාන්ත ක්‍රියාන්විතය ක්‍රියාත්මක කිරීම් සඳහා යුද හමුදාවේ  115 වන පාබල බල සේනා සේනාවේ සේනාධිපති බ්‍රිගේඩියර් රෝහිත රත්නායක මහතා පත් කොට තිබේ. ඒ අනුව බ්‍රිගේඩියර්වරයාගේ ප්‍රධානත්වයෙන් නාලන්ද ගොවිපොළේ දී රජයේ කෘෂිකර්ම උපදේශකවරුන් ප්‍රායෝගික පුහුණුව ලබාදීම ආරම්භ කෙරිණි.

මෙහිදී බීජ, වී වගාව, එළවළු වගාව සහ අනෙකුත් බෝ වගාවන් පිළිබඳව මෙන්ම බෝගවල පවතින කෘමි හානි සහ අනෙකුත් ලෙඩ රෝග හඳුනා ගැනීම, බෝග වර්ග හඳුනා ගැනීම, ඒවායේ කාලසීමාවන් හඳුනා ගැනීම මෙන්ම මාතලේ දිස්ත්‍රික්යේ වගා කෙරෙන බෝග වර්ග කුමක්ද යන්න යුධ හමුදා නිලධාරීන්ට වටහා දීම මෙහිදී සිදු කෙරෙන බව  බ්‍රිගේඩියර් රෝහිත රත්නායක මහතා පැවසුවේය.

නාලන්ද කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ දී ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවන සිංහ රෙජිමේන්තුවේ හමුදා භටයන් 46 දෙනෙකුට පුහුණුව ලබාදී මාතලේ දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා බල ප්‍රදේශය 23ට යුද හමුදා භටයන් දෙදෙනා බැගින් යෙදවීම සිදු කෙරෙන බවද ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව දීවයිනේ ප්‍රථම වතාවට යුද හමුදාව ගොවිබිම්වලට බැස  හරිත කෘෂි කර්මාන්ත ක්‍රියාවලියකට යොමු කිරීම මෙහි අරමුණ වී ඇතැයි බ්‍රිගේඩියර් රෝහිත රත්නායක මහතා පත සඳහන් කළේය.

පින්තුර

නාලන්ද කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ දී ශ්‍රී ලංකා යුදහමුදාවේ දෙවන සිංහ රෙජිමේන්තුවේ  හමුදා භටයන් 46 දෙනෙකුට පුහුණුව ලබන අයුරු

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස

Recommended For You

About the Author: Thusal